සැමට හැකි වේලාවක රැස්වීම පවත්වමු

සැමට හැකි වේලාවක රැස්වීම පවත්වමු

2837
0
SHARE

ඔබට යම් කිසි කාර්යක් වෙනුවෙන් ඔබගේ කාර්යාලයේ කාර්යය මණ්ඩලය සමග Meeting එකක් තියන්න අවශ්‍ය වුවත් එම ක්‍රියාවලියට සුදුසු වෙලාවක් දිනයක් වෙන්කරගැනීම ඉතා අපහසු කාර්යක් වේ. බොහෝවිට ඔබ විසින් යෝජනා කරන දිනයක හා වේලාව තුල මෙයට සහභාගී වීමට ඇතැම් පුද්ගයන්ට හැකි වුවත් කලින් යොදාගත් විවිධ කාර්යන් නිසා  ඇතැම්  අයට සහභාගී වීමට හැකියාව නොලැබෙනු ඇත. යම් කිසි ලෙසකින් ඔවුන්ගේ කැලැන්ඩරය ඔබ සමග බෙදාගෙන ඇත්නම් ඔබ යෝජනා කරන වෙලාවට ඔවුන්ට සහභාගිවිය හැකිද නොහැකිද යන්න ඔබටම සොයාබැලිය හැකි නමුත් ඔවුන්ගේ කැලැන්ඩරය ඔබ සමග හුවමාරු කොටගෙන නොමැති නම් එය තරමක් කරදරකාරී ක්‍රියාවලියක් වනු ඇත. මෙයට විසදුමක් නොමැතිද?

ඔබ මීට ප්‍රථම Outlook භාවිත කරමින් Meeting එකක් සදහා සුදුසු වේලාවක් දිනයක් වෙන් කිරීමට උත්සාහ ගෙන ඇත්නම් එය එතරම්ම මිහිරි අත්දැකීමක් නොවන්නට ඇත. නමුත් Outlook වෙත හදුන්වා දුන් Find Time නම් ඇඩෝනය Outlook වෙත ලබාගත්තේ නම් මෙය ඉතා පහසු නැවුම් අත්දැකීමක් වනු ඇත.

Find Time ඇඩෝනය ලබාගැනීම සදහා   https://findtime.microsoft.com/ වෙත පිවිසිය යුතුය.

මෙහි ඇති Install for Free යන්න තේරීමෙන් පසුව ඔබගේ Microsoft ඊමේල් ගිණුම හා password එක ලබා දීම කළ යුතුවේ. පසුව ඔබ විසින් Outlook වෙත පිවිසුනු පසුව New Meeting Poll ලෙස අයිකනයක් දැකගත හැකිවනු ඇත.

දැන් ඔබගේ Meeting එක වඩා පහසු  සැමටම සහභාගී විය හැකි වේලාවක පැවැත්වීමට ඇති හැකියාව සොයාබැලිය හැකිය. මෙහිදී මෙම Meeting එකට සදහා සිටියම යුතු පුද්ගලයන්ගේ නම් To යන කොටසෙත් අනිවාර්යය නොවන පුද්ගලයන් Cc යන කොටසෙත් සටහන් කිරීමෙන් අනතුරුව New Meeting Poll යන අයිකනය තේරිය හැකිය.

පසුව පහත රූපයේ දැක්වෙන ආකාරයට එක් එක් වෙලාවන් වල එක් එක් පුද්ගලයක්ට සහභාගීවිය හැකිද නොහැකිද යන්න  පහසුවෙන් හදුනාගත හැකි ආකාරයට දැක්වෙනු ඇත. මෙහිදී කොළ පැහැයෙන් හැකියාව ඇති බවත්, රතු පැහැයෙන් ඔවුන් වෙනත් කාර්යන්යෙහි නියුතු බවත් පෙන්වනු ඇත.

පසුව මින් සැමටම පහසු දිනයක් හා වෙලාවක් තොරාගැනීමෙන් පසුව Insert to Email යන්න තොරාගැනීමෙන් ඔබගේ ඊ මේල් එකට අදාල වේලාව හා දිනය පහත රූපයේ පරිදි එක් වෙනු ඇත.

මෙලෙසින් වඩා පහසුවෙන් සැමටම හැකි වේලාවක ඔබට Meeting එකක් පැවැත්වීමේ හැකියාව ඔබට දැන් හිමිවේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY