නව Microsoft Power BI සේවාව ජූලි මස 24 දින සිට ඔබටත්.

නව Microsoft Power BI සේවාව ජූලි මස 24 දින සිට ඔබටත්.

13622
1
SHARE

Microsoft Power BI කියන්නේ excel සමඟ වැඩ කරන, සම්පුර්ණ self-service business intelligence (BI) විසදුමක් ලබා දිය හැකි Cloud මත පදනම් වූ සේවාවක්. මෙය මගින් ඔබට data සමග වැඩ කිරීමට ඉතාමත් පහසු වන අතරම ඔබට ඉස්සරට වඩා පහසුවෙන් data discover කිරීමට, analyze කිරීමට හා වටිනා ව්‍යාපාරික අවස්ථා මතු කර ගැනීමට හැකි වෙනවා. තවද ව්‍යාපාර සඳහා Power BI සමග ඔබට පහසුවෙන් ඕනෑම තැනක ඕනෑම device එකක සිට, ඕනෑම user කෙනෙකුට, එහි ඇති reports, models, dashboards, documents වැනි දේ අත්විඳීන්නට හා share කර ගැනීමට, cloud මත පදනම් වූ BI පරිසරයක් නිර්මාණය කිරීමටද අවස්ථාව ලබා දෙනවා .

selfBI

දැනට පවතින Office 365 සදහා වන Power BI replace කරමින්, ‘Power BI Desktop’ යන tool එකත් සමගම එන නවතම update එක (Power BI 2.0) මෙම ජූලි මස 24 දින එලි දැක්වීමට හැකි වනු ඇතැයි Microsoft සමාගම පවසනවා. පසුගිය මාස 6 ක කාලය තුල රටවල් 180 ක, companies 45,000 ක් මෙම අලුත් Power BI සේවාව test කරන්න signed up වෙලා තියෙනවා කියලත් වාර්තා වල සඳහන් වෙනවා.

මෙහි ඇති එක විශේෂත්වයක් වෙන්නේ , Office 365 subscription එක නැති අයටත් Power BI පාවිච්චි කිරීමට හැකි වීමයි. ඔබට Internet browser එක භාවිතා කර හෝ Power BI app එක භාවිතා කර මෙම සේවාව ලබා ගත හැකි.
මෙම Power BI සේවාව FREE version එකක් විදියටත් paid version එකක් විදියටත් ( per month) ලබා ගන්න පුළුවන්. version දෙක ගැන වැඩි විස්තර මේ link බලාගන්න පුළුවන්.

අනිත් සතුටුදායක ආරංචිය තමයි Android පාවිච්චි කරන අයටත් Power BI client app එකක් Google Play store එකට නිකුත් කරනවා කියල Microsoft සමාගම පවසා තිබීම.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY