මෙන්න Windows Media Center ආයෙමත්

මෙන්න Windows Media Center ආයෙමත්

13166
1
SHARE

ඔයාලට මතකද Windows XP,7 වල ප්‍රධාන Entertainment Software එක. ඒ තමයි Windows Media Center. නමුත් මේ Software එක Windows 8,8.1 වලදි දකින්නට ලැබුනෙ නෑ. ඒ වගේම Windows 10 වලදිත් මේ Software එක අත්හිටුවනු ලැබුවා. නමුත් මේ වෙනුවට Windows 10 වලදි Windows DVD Player නමින් අලුත් හදුන්වදීමක් කරලා තිබුනා.

මේ අලුත් Software එක සමහර අයට ලබුනත් සමහර අයට මේ Update එක ලැබුනෙ නැහැ. නමුත් මේ Software එක මුදලට ගන්නත් එහෙම නොලැබුනු අයට පුලුවන්. ඔහොම සමහර අයට මේ Software එක නැති නිසා අපි අද කියන්න යන්නේ කොහොමද Windows Media Center ඔයාගේ Windows 10 PC එකට Install කරගන්නේ කියලා.

මේ සදහා මුලින්ම ඔයාගෙ Windows 10 PC එකේ Insider builds 10240 හරි 10532 කියන version දෙකෙන් එකක් තියෙනවද කියලා මුලින්ම බලන්න ඕන. ඒක ඔයාගෙ desktop එකේ දකුණු කෙලවරේ පහලින් බලාගන්න පුලුවන්.

අනෙක් update වල මේ ක්‍රියාව සමහර විට නොවෙන්නට පුලුවන්. මේ පියවරයන් කරන්නට පෙර මේ ක්‍රියාව Microsoft නිල වශයෙන් අනුමත නොකරන ලද එකක් බව මතක තබාගත යුතුයි. මොකද මේ Windows Media Center එක දැනටමත් Windows 10 වලින් ඉවත් කරල තියෙන නිසා.

එහෙමනම් අපි බලමු කොහොමද ආයෙමත් Windows Media Center එක install කරගන්නේ කියලා.

  1. මුලින්ම “WindowsMediaCenter_10.0.10134.0.zip ගොනුව මෙතනින් බාගත කරගෙන Extract කරන්න.
  2. දැන් ඒ extract කල ගොනුවේ “_TestRights.cmd” කියන file එක මත right Click කර Run as Administrator තෝරන්න.
  3. එවිට Command Prompt එක Run උන පසු PC එක Reboot කරන්න.
  4. ඉන්පසු “Installer.cm” එක Right Click කර Run as Administrator තෝරන්න.
  5. Install Process එක අවසන් වූ පසුව මෙම Press any key to exit message එක දිස්වෙවි.

ඔබ මේ පියවරයන් නිසි ආකාරව සිදු කලේ නම් දැන් ඔබේ Windows 10 PC එකට Windows Media Center Install වී තිබෙනු ඇත.

ඔයාලට මේ ගැන මොනයම් හෝ ගැටලුවක් තියෙනවනම් Windows Geek Help desk එකේ Comment කරන්න.එහෙමත් නැත්නම් පහලින් Comment කරන්න.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY