හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ

හඳුන්වාදෙන Windows 10 සහ Windows 10 හි සංස්කරණ

16930
0
SHARE

Windows 10 ඉදිරි ජූනි ජූලි අගෝස්තු මාස ඇතුලත් නිකුත් කිරීමට තමයි සැලසුම් කරලා තියෙන්නේ. නිකුත් කිරීම් රටවල් 190ක භාෂා 111කින් සිදුවෙනවා.

Windows 10 හඳුන්වා දෙන්නේ PC පාරිභෝගිකයන්ට විතරක් නෙමෙයි. Windows 10 හඳුන්වාදෙන්නේ  PS, Tablet, Phone, Xbox One, Hololens, Surface Hub වගේ Devices ගොඩකට. Windows 10 අපේ මුලු ලෝකයම සවිබල ගන්වන්නයි හදන්නේ. ඒ හෘද ස්පංදන ගනින යන්ත්‍ර ,Elevator, ATM වගේ කුඩා උපකරණ වලට පවා Windows 10 හඳුන්වාදීමෙන්.

ඒවගේම පාරිභෝගිකයා මොන Device එක පාවිච්චි කලත් ඒ හැම කෙනාටම එක Apps Store එකකින් Apps Download/Buy කරගන්න පුළුවන් විදිහට තමයි Windows 10 හදලා තියෙන්නේ.

අපිදැන් හොයලා බලමු Windows 10 වල සංස්කරණ මොනවද කියලා.

ඉස්සර වගේම Windows පාරිභෝගිකයන් ගොඩක් ඉන්න නිසා ඒ අයට ගැලපෙන සංස්කරණ ලබාදෙන්න ඕනෙ.ඒනිසා තමයි මේ විදිහට සංස්කරණ ගොඩකට Windows 10 බෙදෙන්නේ.ඒ වගේම එක එක පාරිභෝගිකයගේ අවශ්‍යතාව මතත් සංස්කරණ නිකුත් කරලා තියෙනවා.

Windows 10 Home:

මේක එක්තරා පාරිභෝගිකයන් පිරිසක් ඉලක්ක කරගත් සංස්කරණයක්.තමාගේ පෞද්ගලික පරිගණකයට Tablet එකට Home සංස්කරණය තමයි ගැලපෙන්නෙ. Home සංස්කරණයත් එක්ක නවතම Microsoft නිෂ්පාදන කිහිපයක්ම ඔබට ලැබෙනවා.ඒ තමයි Cortana ( Personal Assistant) , Edge Web Browser එක , Continuum ( Touch පහසුකම් සහිත Devices වලට) , Windows Hello -Login වීම සඳහා මුහුණ ,ඇඟිලි සලකුණ හෝ කළු ඉංගිරියව හඳුනාගැනීමට ඒවගේAll Pagesම Music,Video,Mail,Calendar,Photo  කියන App මේ Home  සංස්කරණය සමග ලැබෙනවා.Windows 10 සමග Xbox One හි Games තමන්ගේ PC එකෙන් සෙල්ලම් කරන්න පුළුවන්.

Windows 10 Mobile:

මේ සංස්කරණය ජංගම දුරකතන සඳහා සහ කුඩ Tablet සඳහා තමයි යොදාගන්නේ.මේකෙදිත් Home සංස්කරණයේ තිබ්බ Apps සහ Touch සඳහා නිමවනලද Office App එකද.ඒ වගේම විශේෂයෙන්ම Continuum මගින් විශාල තිර සහිත පරිගණකයන්හි තමන්ගේ ජංගම දුරකථනය භාවිතා කරන්නත් පුළුවන්.

Windows 10 Pro:

මේ සංස්කරණය Desktop PC සංස්කරණයක්.ඒ වගේම Tablet වලටත් Support කරනවා. ඒවගේම ව්‍යාපාර සඳහා අවශ්‍ය විවිධ පහසුකම් මෙහි තියෙනවා.ඒ වගේම ව්‍යාපාර වල දත්ත ආරක්ෂා කිරීමට විශේෂ ක්‍රමද Windows 10 Pro සතුයි. ඒ වගේම Cloud සඳහාද වැඩි පහසුකම් මේ සතුයි.

Windows 10 Enterprise:

මේ සංස්කරණය මධ්‍යම සහ විශාල සමාගම් සඳහා තමයි නිමවලා තියෙන්නේ .විශේෂය වන්නේ ආරක්ෂාව වැඩි වීම.ඒ වගේම Security Updates එදිනෙදා ලබාගන්න පුළුවන්.

Windows 10 Education:

මෙය Enterprise සංස්කරණය මත නිර්මාණය වුන සංස්කරණය.ඒ වගේම මේ සංස්කරණැය ඉලක්ක කරගෙන තියෙන්නෙ පාසල්,පාසල්වල පරිපලකයින්, ගුරුවරු සහ ශිෂ්‍යයින්.

Windows 10 Mobile Enterprise:

මේ සංස්කරණය තියෙන්නේ ව්‍යාපාරික පාරිභෝගිකයන්ට.මේ සංස්කරණයෙත් ආරක්ෂාව පිළිබඳ තමයි වැඩි අවදානය යොමුකරලා තියෙන්නේ.ඒ වගේම නවතම Security Updates සහ නවතම Microsoft  නිෂ්පාදන ලබාගැනීමේ හැකියාවකුත් තියෙනවා,

තවද Windows 10 Enterprise හාWindows 10 Mobile Enterprise සංස්කරණයන් ATM යන්ත්‍ර, Point Of Sale යන්ත්‍ර , IoT උපකරණ හා industrial Robotics ආදී උපකරණ සඳහාද ලබාදීමට Microsoft සමාගම කටයුතු කරනු ඇත.

Windows Blog ඇසුරිනි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY