2017 Microsoft තාක්ෂණයන් පිලිබඳ පසුවිපරමක්

2017 Microsoft තාක්ෂණයන් පිලිබඳ පසුවිපරමක්

2933
0
SHARE

ගෙවී ගිය 2017 වසර ගැන නැවත ආපස්සට හැරී බැලූ විට 2017 වසර Microsoft ආයතනය සිය නිෂ්පාදන අතින් ඉහල ප්‍රගතියක් අත්කරගත් වසරක් කියලා හඳුන්වන්න පුලුවන්. එම ව්‍යාපෘති සියල්ලම වගේ 2018 වසරටත් කරගෙන යාමට සැලසුම් කර තිබෙන්නේ පෙර කී සාර්ථකත්වය නිසායි.

Microsoft CEO, Satya Nadella පවසන්නේ ඔවුන්ගේ ආයතනයේ අනාගතය AI(කෘතිම බුද්ධිය), Mixed Reality හා Quantum Computing මත රඳා පවතින බවයි. 2017 වසරේ Microsoft හඳුන්වාදුන් හා වැඩිදියුණු වූ අලුත් තාක්ෂණයන් කීපයක් පිලිබඳව විමසා බලමු.

Windows 10 Creators Update
Windows 10 පරිගණක සඳහා හඳුන්වාදුන් Windows 10 Creators Update තුලින් නව විශේෂාංග හා වැඩිදියුණු කිරීම් ගණනාවක්ම ඔබට ලැබෙනවා. Creators Update සමඟින් privacy හා security වැඩිදියුණු කිරීම්, අලුත් themes, mixed reality, revised sharing experience, Windows Ink support ඇතුලු තවත් විශේෂාංග බොහොමයක් Windows 10 හරහා ඔබට ලැබෙනවා.

Windows Mixed Reality
Virtual Reality කියන සංකල්පයට Microsoft ආයතනයෙන් ගෙනා විසඳුම තමයි Windows Mixed Reality Headset කියලා කියන්නේ. Microsoft විසින් තමන්ගේ නිර්මාණ Computex විද්‍යා ප්‍රදර්ශනය තුලදී හෙලිදරව් කිරීමත් සමඟම Acer, Asus, Dell, HP හා Lenovo ආයතන සියල්ලම headset නිර්මාණය කිරීම ආරම්භ කලා. මේ සෑම එකකම භාවිතා කරලා තියෙන්නේ Microsoft Platform එක.

Surface Laptop
Genuine Windows 10 මෙහෙයුම් පද්ධතියක් සමඟ එන Surface laptop විශේෂයෙන්ම Windows Store තුලින්ම download කරගත් මෘදුකාංග පමණක් install කිරීමට හැකි වන පරිදියි නිර්මාණය කරලා තියෙන්නේ. එසේම සිත් ගන්නා සුලු නිමාවකින් යුතුව එය නිෂ්පාදනය කරලා තිබෙනවා. මෙය Surface Pro[2017] හා Surface Book 2 යන අලුත් models වලින් වැඩිදියුණු වුණා. ඒවගේම Surface laptop එකත් සමඟ Surface Arc Mouse එක හා Surface keyboard එක 2017 වසරේදී හඳුන්වා දුන්නා.

Edge Browser එක Android හා iOS වලට
Microsoft Edge Browser එක Android හා iOS පාරිභෝගිකයන්ට නිකුත් කලේ පසුගිය නොවැම්බර් මාසයේයි. Windows usersලට දැන් ඔවුන් මෙතෙක් කාලයක් පරිගණකයෙන් ලබාගත් browsing experience එක තමන්ගේ දුරකථනයෙන්ද ලබා ගන්නට පුලුවන්. Microsoft Edge තුලින් කලින් හඳුන්වා දුන් reading list, e-Books, new tab pages, favorites කියන features වගේම roaming password, dark theme වගේ නව features පවා අත්විඳීමට පුලුවන්.

Fingerprint ID සහිත Modern Keyboard
බැලූබැල්මටම Surface keyboard එකට සමාන මුත් එහි දක්නට නොලැබුණු විශේෂතා කිහිපයක් අඩංගු කරලා Modern Keyboard එක 2017 වසරේදී වෙළදපොලට නිකුත් කළා. මෙහි ඇති සැඟවුණු fingerprint sensor එක නිසා දැන් ඔබ පරිගණකයට log වන සෑම අවස්ථාවකදීම password type කර කර සිටිය යුතු නැහැ. මෙයට wired හෝ wireless යන දෙආකාරයෙන්ම පරිගණකයට connect වීමේ හැකියාව තිබෙනවා.

Fitbit Ionic
නමින්ම පැහැදිලි වන පරිදි Fitness සම්බන්ධ ප්‍රමිතීන් මැනීමට හැකිවන පරිදි නිපැයූ උපකරණය තමයි Fitbit Ionic කියලා කියන්නේ. මෙය ඇත්තටම Activity tracker එකක්. මෙය තමයි Microsoft Digital Assistant, Cortanaට අලුතින් එකතු වූ skill එක. smartwatch වල features පවා එකතු කරලා සැකසූ මෙය 2017 වසරේ හොඳම පැලඳුම(Best Wearable) කියලා හඳුන්වන්න පුලුවන්.

Android සඳහා Microsoft Launcher
Android phone සඳහා හඳුන්වා දුන් Launcher එක එහෙමත් නැත්නම් App drawer එක නිසා දැන් අපේ පරිගණකය අපේ දුරකථනයට ආවා හා සමානයි. පරිගණකයෙහි One Drive තුල තබා ඇති සියලුම documents අපට පහසුවෙන් දුරකථනය තුලින් ද විවෘත කිරීමේ හැකියාව පවතිනවා. එසේම customize කිරීමේ හැකියාව නිසා අපට අවශ්‍යය පරිදි වෙනස්කම් සිදු කිරීමටත් පුලුවන්.

Xbox One X
Microsoftලා අලුතින් හඳුන්වාදුන් හොඳම game console එක තමයි Xbox One X කියන්නේ. ඔවුන් කියන විදියට මේක තමයි ලොකයේ තියෙන powerful ම game console එක. කලින් ආපු Xbox වලට වඩා මෙහි performance එක ඉතා ඉහලයි. මෙහිදී ඕනෑම game එකක් 4K screen resolution වල play කරන්න පුලුවන්. 8 Core 2.3GHz CPU එකක්, 12GB GDDR5 RAM එකක්, 1TB Hard Drive එකක් හා Ultra HD blue ray player එකක් මෙහි තිබෙනවා.

Source: https://www.windowscentral.com/best-of-2017

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY