ඔබ දුකින්ද? සතුටින්ද? නැත්නම් තරහින්ද?

ඔබ දුකින්ද? සතුටින්ද? නැත්නම් තරහින්ද?

2815
0
SHARE

මිනිස්සුන්ටනම් තව කෙනෙකුගේ ප්‍රකටව තියන හැඟීම් තේරුම් ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. ඒත් machines වලට?

ඒ මේ වනතුරු පමණයි. මෑත කාලයේ machine learning හා AI යන තාක්ෂණයන්ගේ දියුනුවත් සමඟ මේ වන විට sounds, words, images පමණක් නොවේ facial expressions ද හඳුනාගත හැකි apps නිර්මාණය කර තිබේ.

ඊයේ දින Microsoft Project Oxford team එක මඟින් developersලට එම හැකියාවන් භාවිතා කිරීමට උපකාරී වන නවතම tools කිහිපයක් ගැන නිවේදනය කලා. Microsoft Research Cambridge හි ප්‍රධානියා වන Chris Bishop පසුගියදා Future Decoded නම් Microsoft සමාගම මඟින් පැවැත්වූ තාක්ෂණ හා ව්‍යාපාරික ලෝකයේ අනාගතය පිලිබ්ඳව වූ සම්මේලනයේදී emotion tool එක ගැන ආරම්භක කතාවේදී සඳහන් කලා. මෙම tools design කර ඇත්තේ machine learning හෝ AI පිලිබ්ඳව කිසිම දැනීමක් නැතිව වුවද තමන්ගේ apps සඳහා ශ්‍රව්‍ය, දෘශ්‍ය හා භාෂාවන් හඳුනාගැනීමේ හැකියාවන් ඇතුලත් කරගැනීමට අවශ්‍ය අය වෙනුවෙන්මයි.

Artboard-7-1024x686

Microsoft සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ මුල්ම Microsoft Project Oxford tools set එක නිකුත් කරලයි තියෙන්නේ. නමුත් බොහෝ Project leadersලානම් කියන්නේ මේ වෙත බොහෝ දෙනා යොමු වුනත් machine learning හා AI තාක්ෂණය පිලිබඳව දැනුම ඇති අය අඩු බවයි. දත්ත වැඩි වැඩියෙන් ලැබෙනවාත් සමඟම මෙවැනි systems වල නිරවද්‍ය බව වැඩි වේ. Skype Translator හි real-time translation හා Cortana යනු තාක්ෂණයේ මෙවැනි සංධිස්ථානයන් ය.

මුහුනේ භාවයන් හඳුනාගැනීම වැනි අවස්ථාවන් වලදී මුලින්ම sample pictures set එකක් ඒ සඳහා යොමු කර එයින් තොරතුරු ගෙන වෙනත් පිංතූරයක් හඳුනා ගැනීමට එම තොරතුරු භාවිතා කල හැක. ඉතිං මේ ඊයේ නිකුත් කරපු emotion tool එකෙන් මූලිකම භාවයන් 8ක් වන තරහ, අවඥා සහගත සිනහව, භීතිය, පිළිකුල, සතුට, උදාසීන බව, දුක, විස්මය හඳුනා ගනී.

“The exciting thing has been how much interest there is and how diverse the response is,” Microsoft සමාගමේ Technology and Research group හි senior program manager කෙනෙකු වන Ryan Galgon පවසයි. ආහාර, චිත්‍රපට ක්ෂේත්‍රයේ වෙළඳ ප්‍රචාරණයන් සඳහා, messaging apps වලට ද මෙය යොදා ගත හැකි බව ඔහුගේ අදහසයි.

Windows Geek අප ඔබ වෙත තොරතුරු ගෙන ආ Movember පදනම වෙනුවෙන් නිකුත් කල ඔබගේ රැවුලටත් අගයක් දෙන MyMoustache වැනි විනෝදකාමී වෙබ් අඩවි වෙනුවෙනුත්, පිංතූර එකතුවක් හැඟීම් අනුව වෙන් කරගැනීම වැනි තවත් බොහෝ ආකාරයෙන් යොදා ගත හැක. ඊයේ දින සිට මෙම tool එක beta version එකෙන් ලබා ගත හැක. එමෙන්ම මෙම වසර තුල මෙවැනි තවත් tools කිහිපයක් එළිදැක්වීමට නියමිතයි.

එවැනි Tools කිහිපයක්,

Spell check: මෙය mobile හෝ cloud based apps වලදී කෙටි යෙදුම්, brand names ,පොදු නම් හඳුනා ගැනීමට සහ errors detect කරගන්න යොදා ගත හැක.

Video: මෙය මුහුනු, චලනයන් හඳුනා ගැනීමටත්, video කරන විට සෙලවුන videos නැවත සකස් කිරීමටත් භාවිතා කල හැක.

Speaker recognition: මෙය එක් එක් පුද්ගලයාගේ කටහඬ වෙන් කර හඳුනා ගැනීමට භාවිතා කරයි. ඇඟිලි සලකුණ මෙන්ම කටහඬද එකිනෙකාට අනන්‍ය බැවින් ආරක්ෂිත පියවරක් ලෙසද භාවිතා කල හැක.

Custom Recognition Intelligent Services: CRIS නමින්ද හඳුන්වන මෙය විවිධ පරිසර වල speech recognition customize කරගැනීමට භාවිතා කරයි. කලබලකාරී පරිසරයක ශබ්දයන් හඳුනාගැනීමට, විදේශිකයෙකු හෝ කථා කිරීමට අපහසු අයෙක් පවසන දේ පැහැදිලි කර ගැනීමට මෙය බොහෝ ප්‍රයෝජනවත් වේ.

Updates to face APIs: මෙය ඔබගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, මුහුණේ ඇති සිනහව වගේම රැවුල පිලිබඳවත් නිර්ණයන් ලබා දෙන්න සමත් tool එකක් බව මේ වන විටත් ඔබ දන්නවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY