SHARE

පසුගිය මාර්තු මාසයේදී Android දුරකථන හිමිකරුවන්ට තම උපාංග තුල Windows 10 Mobile මෙහෙයුම් පද්ධතිය install කිරීමට ඉඩ ලබා දෙන බව Microsoft සමාගම හෙළිදරව් කලා. Xiaomi සමාගම එහි ප්‍රථම පියවර තැබුවේ තම Mi 4 ඇන්ඩ්‍රෝයිඩ් දුරකථනය සඳහා Windows 10 Mobile ROM එකක් සැකසීමේ කාර්යය ආරම්භ කරමින්. මෙහි පළමු beta එක කලකට පෙර පර්යේෂකයන් සඳහා නිකුත් කෙරුණා. පසුගිය මාසයේදීත් මෙහි නිෂ්පාදන කටයුතු පිලිබඳ නොයෙකුත් ඉඟි පල වුනා. මෙහි අවසාන පොදු නිකුත් කිරීම ඉතා ආසන්න දවසකදී සිදු වෙනු ඇතැයි Windows Central වාර්තා කරනවා. Xiaomi සමාගමේ සම නිර්මාතෘ Bin Lin, Weibo තුල ඡායාරූපයක් පල කරමින් මේ දෙසැම්බර් 3 වන දින Windows 10 Mobile ROM එක පොදු ජනතාවට නිකුත් කෙරෙනු ඇතැයි ඉඟි පල කරනවා. මේ අනුව Mi 4 LTE මොඩලයේ දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන්ට ළඟදීම තම Android දුරකථනයෙහි Windows 10 Mobile භාවිතා කිරීමට හැකියාව ලැබේවි.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY