AdDuplex: නව දුරකතන හේතුවෙන් Windows 10 Mobile පාරිභෝජනය ඉහලට..

AdDuplex: නව දුරකතන හේතුවෙන් Windows 10 Mobile පාරිභෝජනය ඉහලට..

2700
0
SHARE

තම ජාලය පුරා Microsoftහි mobile ecosystem එකෙහි පරිභෝජනය මාසිකව පරික්ෂා කර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන වෙළඳ ප්‍රචාරණ ජාලයක් වන AdDuplex, Windows phone පිළිබඳ නවතම දත්ත නිකුත් කොට ඇත. එම වාර්තාවෙහි, සෑම මසකම ලොව පුරා පැය 24ක කාලයක් තුල පරිභෝජනය පෙන්නුම් කරනු ලබයි. ඒ අනුව මෙහි දැක්වෙන්නේ 2016 වසරේ මාර්තු මස 18 වන දින දත්තයි.

adduplex-2016-03-01

මෙම මස වාර්තාවේ කැපී පෙනෙන එක් අංගයක් වන්නේ පසුගිය මාසයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස Windows 10 Mobile පරිභෝජනය වර්ධනය වී තිබීමයි. පෙබරවාරි මාසයේදී, නව OS version එක සක්‍රීය Windows දුරකතන අතුරෙන් 5.3%ක් වූ අතර, මෙම මස එය 7.7%ක් දක්වා වර්ධනය වී ඇත. AdDuplex සඳහන් කරන අන්දමට, එම වර්ධනයෙන් යම් ප්‍රමාණයක් නව උපාංග හේතුවෙන් සිදුවිය හැකිය.

Windows Phone 8.1 භාවිතය මසක් පාසා 0.6%කින් අඩුවන අතර, නිල වශයෙන් upgrade කරගත හැකි එකම පැරණි OS version එක එය වේ. Windows Phone 7.x 0.6%කින් ද, Windows Phone 8 1.1%කින් ද අඩු වී ඇත. ඒ අනුව පෙනීයන්නේ Windows 10 Mobile ඇතුලත් නව උපාංග, නව OS version එකෙහි වර්ධනය සඳහා 2.4%ක් වත් දායකත්වය දක්වා ඇති බවයි.

adduplex-2016-03-02

AdDuplex සඳහන් කර සිටින්නේ සියලු සක්‍රීය Windows දුරකතන අතුරෙන් අඩකට අධික(50.4%) ප්‍රමාණයකට Windows 10 Mobile ඇතුලත් කල හැකි බවයි. එවන් උපාංග අතුරෙන් 15%ක් දැනටමත් එසේ නව OS version එක ඇතුලත් කොට ඇත.(මෙහි preview builds ඇතුලත් උපාංග මෙන්ම ප්‍රථම නිල upgrades ඇතුලත් උපාංග ද ඇතුලත් වේ)

adduplex-2016-03-03_story

Windows phone ප්‍රස්තාරයෙහි Microsoftහි කොටස දැනට කාලයක සිට 97%ක්ව පැවති අතර, කෙසේ වෙතත්, මෑත මාසයන් තුල එය ඉතා අවම වශයෙන් පහත බැස්මක් පෙන්නුම් කල ද, මෙම මාසයේදී එම කොටස 0.34%කින් වර්ධනය වී ඇත.

2014 වසරේදී, OS ලියාපදිංචි කිරීමේ ගාස්තු පහත දැමීමත් සමග, Microsoft සමාගම, තම හවුල්කරුවන්ගේ උපාංග විශාල වශයෙන් අලෙවි වීම අපේක්ෂා කරයි. එම උපාය බලගන්වමින් ඔවුන් පසුගිය වසරේ Windows 10 Mobile ඇතුලත් දුරකතන සඳහා Lumia දුරකතන 4ක් පමණක් නිකුත් කරමින් විශාල ලෙස තම දුරකතන නිෂ්පාදනය අවම කරන ලදී.

නමුත් එම උපාය තවමත් Microsoft සමාගම බලාපොරොත්තු වූ ප්‍රතිපල හිමි කරගෙන නොමැත. ඔවුන්ගේ විශාලතම Windows දුරකතන හවුල්කරුවන් වන්නේ HTC(1.05%), Samsung(0.52%) සහ Huwawei(0.26%) යන සමාගම්ය. නමුත් ඔවුන්ගේ කිසිදු උපාංගයක් Windows 10 Mobile සඳහා upgrade කල නොහැකි අතර මෙම නිෂ්පාදකයන් අතුරෙන් කිසිවකු පසුගිය මාස 18ක කාලයක් තුල කිසිදු Windows උපාංගයක් නිකුත් කර නොමැත. එම නිසා භාවිත කරන්නන් තම පැරණි දුරකතන හුවමාරු කරන විට, platform එකෙහි මෙම සමාගම්වල කොටස නිතැතින්ම අඩුවනු ඇත. BLU(0.24%) ඇතුලත්ව Microsoftහි බොහොමයක් වූ හවුල්කරුවන් එක්ව සක්‍රීය උපාංග වලින් 0.72%කට දායක වන අතර, එය පසුගිය මාසයේ සිට 0.07%කින් පහල බසී.

adduplex-2016-03-04_story

සක්‍රීය උපාංග අතුරෙන් 12.1% හිමි කරගනිමින්, Lumia 520 දුරකතනය ලොවපුරා භාවිත වන Windows දුරකතන අතුරෙන් ජනප්‍රියතම දුරකතනය වන නමුත්, පසුගිය මාසයේ සිට එය 0.5%කින් පහත වැටී ඇත. Lumia 535 දුරකතනය දැනට 12% පැවතීමත් සමග ලඟදීම එය මුල් තැන හිමි කරගැනීම වැලැක්විය නොහැකිය.

සිත් ගන්නා Lumia 640 දුරකතනය, පෙබරවාරි මාසය සමග සසඳන විට 0.9%ක විශාල වර්ධනයක් හිමි කරගනිමින් සිව්වන ස්ථානයට 7.3% ලබාගනිමින් පැමිණ ඇත. එය Lumia 635(දැනට 6.7%) පසුකරමින්, Lumia 630(8.8%) දුරකතනයට පසුපසින් සිටී.

adduplex-2016-03-08a_story

එක්සත් ජනපදය තුල තවමත් වැඩියෙන්ම භාවිතා වන දුරකතනය Lumia 636 වේ. එය මසක් පාසා 1.7%කින් පහත වැටුණද 27.2%ක් හිමි කරගනී. Lumia 640 දුරකතනය, පසුගිය සති කිහිපය තුල ගිවිසුම් රහිතව ඇ.ඩොලර් 29කට අලෙවි කිරීම වැනි විශාල වට්ටම් හේතුවෙන් සැලකිය යුතු වර්ධනයක්(3.6% සිට 24.2% දක්වා) පෙන්නුම් කරයි.

adduplex-2016-03-05_story

Benelux(බෙල්ජියම, නෙදර්ලන්තය සහ ලක්සම්බර්ග්) තුල, Lumia 640 දුරකතනය, Windows hardware ecosystem එකෙහි ප්‍රථම ස්ථානය 11.5%ක් හිමි කරගෙන ලබාගෙන ඇති අතර, දෙවන ස්ථානය Lumia 930(8.2%) හිමි කරගෙන ඇත. පලමු උපාංග 10 ඇතුලත වන පැරණි දුරකතනය වන්නේ Lumia 920(3.6%) වන අතර, හත්වන ස්ථානයේ Lumia 520(5.6%) දුරකතනය පවතී.

adduplex-2016-03-06_story

Nokiaහි ජන්ම වෙළඳපොල වන පින්ලන්තයෙහි වැඩියෙන්ම භාවිතා වන Windows දුරකතනය Lumia 930(8.5%) වේ. අනෙකුත් වෙළඳපොලවල් සමග සසඳන විට, පින්ලන්තයෙහි ප්‍රථම උපාංග 10 තුල උසස් ගණයේ දුරකතන පවතී. ඒ අතර Lumia 920(6.7%), Lumia 925(7.2%) සහ Lumia 1020(5.3%) තවමත් වැඩියෙන් භාවිතා වන Windows උපාංග වේ.

adduplex-2016-03-07_story

පින්ලන්තයේ දත්ත සමග වැඩි වශයෙන් මිල පිළිබඳ සංවේදී මෙක්සිකෝව වැනි වෙළඳපොලක සසඳන විට විශාල වෙනසක් දැකිය හැකිය. එහි ප්‍රථම උපාංග 10 තුල උසස් ගණයේ දුරකතන කිසිවක් දැකිය නොහැකි අතර, දැනට වසර තුනක් පැරණි Lumia 520(20.8%) වැඩිම ජනප්‍රියත්වය හිමි Windows දුරකතනය වන අතර, මදක් නවීන Lumia 435(10.3%) මෙන් දෙගුණයක් උපාංග පවතී. Lumia 520 දුරකතනය මෙක්සිකෝව තුල Microsoftහි වැඩියෙන්ම දැරිය හැකි මුදලකට පවතින උපාංගය වේ.

බ්‍රසීලයේ සහ රුසියාවේ Windows උපාංග භාවිතය පිළිබඳ දත්ත ඇතුලත්ව මෙම මස AdDuplex වාර්තාවේ දල විශ්ලේෂණයක් සඳහා මෙතැනින් පිවිසෙන්න. එමෙන්ම AdDuplexහි වෙබ් අඩවිය සඳහා මෙතැනින් පිවිසෙන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY