ලෝක යහපත වෙනුවෙන් කැප වුනු Artificial Intelligence

ලෝක යහපත වෙනුවෙන් කැප වුනු Artificial Intelligence

1932
0
SHARE

කෘතීම බුද්ධිය එහෙමත් නැත්නම් AI මේ වෙද්දී ලෝකයේ හැම තැනටම ගිහින් ඉවරයි. 1943දී McCullouch හා Pitts Turing-complete “artificial neurons” design එකක් ඉදිරිපත් කළා. ලෝකයේ දැනට පිළිගන්න විදිහට මේක තමයි ලෝකයේ මුල්ම AI සම්බන්ධ සිදුවීම. 1956දී තමයි ලෝකයේ මුල්ම AI පර්යේෂණය සිදු වුනේ. නමුත් මේ පර්යේෂණයෙන් පස්සේ 1960දී ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තුමේන්තුව ඒ කියන්නේ පෙන්ටගන් එක AI පර්යේෂණ පටන් ගත්තා. ලෝකයේ හැම තැනකම පර්යේෂණාගාර නිර්මාණය වෙන්න පටන් ගත්තා. 1980දී පර්යේෂණත් එක්කම expert systems ගොඩනැගෙන්න පටන් ගත්තා. 1990  වෙනවත් සමගම data mining වැඩ පටන් ගත්තා.

පරිගණක විද්‍යාව තුල කෘතීම බුද්ධිය ගැන කතා කරන කොට අනිවාර්යයෙන්ම කියවෙන වචන ටිකක් තිබෙනවා.

  1. Search and optimization
  2. Logic
  3. Probabilistic methods for uncertain reasoning
  4. Classifiers and statistical learning methods
  5. Artificial neural networks
  6. Deep feed forward neural networks

මේ තිබෙන්නේ ඒ උපාංග ගණනාවෙන් වැදගත් වේවි කියලා හිතුන වැදගත් දේවල් කිහිපයක්.

AI භාවිතා කරන ක්ෂේත්‍ර ගැන විස්තර කරන්න ගියොත් කියන්න සැහෙන කරුණු තිබේවි. නමුත් මම සැකෙවින් පැහැදිලි කලොත් Healthcare, Automotive, Finance and economics, Video games,  Military,   Audit,  Advertising, Art  වගේ පැතිකඩ ගණනාවක් යටතේ කෘතීම බුද්ධිය සමාජය කරා පැමිණ හමාරයි. 

අපි මිට කලින් ඔබ වෙත ගෙන ආවා AI සම්බන්ධව Microsoft Academy එක දැක්වූ දායකත්වය ගැන. මේ අතරේදී තමයි Microsoft තීරණය කලේ ලෝකයේ තිබෙන සමාජීය ගැටළු හඳුනාගෙන ඒ සඳහා AI හරහා හොඳ විසදුම් ලබා දෙන්න. මේ සඳහා ඔවුන් වෙන් කර ඇති මුළු මුදල ඩොලර් මිලියන $40ක්. මේ සඳහා ඔවුන් මුළුමනින්ම වසර පහක් ඉවත් කිරීමට සුදානම්. මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී මේ ව්‍යාපෘතිය නම් වුනේ! මෙය ඔවුන් නම් කළා, AI for Humanitarian Action කියන නම භාවිත කරලා. මෙහිදී Microsoft සමාගම මුලින්ම මේ කරන ක්‍රියාවලිය ප්‍රධාන කොටස් 4ක් යටතේ වර්ග කළා.

  1. Disaster response
  2. Children’s welfare
  3. Protection for refugees and displaced people
  4. Human rights preservation

Microsoft කට්ටිය එක්ක වැඩ කරන්න ඔවුන් සමඟ මේ වෙද්දීත් සැහෙන කට්ටියක් එකතු වෙලා ඉන්නේ. මේ කරුණු වලින් disaster response ගත්තොත් World Bank, United Nations ඔවුන් සමග එකතු වුණා ඒ සම්බන්ධ සියලු දේ සකසා ගන්න. Children welfare යටතේ සියලුම සෞඛ්‍ය ගැටළු වලට Operation Smile සමාගම මොවුන් සම්බන්ධ කරගත්තා.

AI-based chat bot කෙනෙක් ඔවුන් නිපදවන්න තීරණය කළා ඒකට හේතුව වෙන්නේ ඒ හරහා අතුරුදහන් හා අනාථ වුනු පිරිස ගැන යම් අවබෝධයක් ලබා ගැනීම. ඒ වගේම Microsoft Data Science කණ්ඩායම,NGOs හා humanitarian organizations ගණනාවක උදව්වෙන් ඒ සඳහා පියවර ගනිමින් සිටිනවා. මේ ව්‍යාපෘතියේ තවත් විස්තර ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා.

නැවත හමුවෙමු…

Source: https://www.neowin.net/news/microsoft-wants-to-support-humanitarian-efforts-worldwide-using-ai

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY