Microsoft’s Surface Hub පිළිබඳව තවමත් දැනුවත් නැද්ද?

Microsoft’s Surface Hub පිළිබඳව තවමත් දැනුවත් නැද්ද?

7306
1
SHARE

HoloLens headset එක හදුන්වා දුන් දිනය්දීම තමයි මේ Surface Hub එක හදුන්වා දුන්නෙත්. නමුත් HoloLens උපාංගයට තිබු අධික ඇල්ම නිසා තරමක් දුරට Surface Hub එකට තිබු අවධානය අඩු වුවා. මේ big pen display උපාංගය වඩාත් ප්‍රයෝජනවත් වන්නේ රැස්වීම් ශාලාවකට. ජනවාරි මාසයේදී මෙය හදුන්වා දුන්නත් නිකුත් වන දිනයක් හෝ මිල ගණන් පිලිබදව වැඩි විස්තරයක් ප්‍රකාශ කලේ නැහැ. නමුත් ඊයේ දිනයේ එම නිල නිවේදනය නිකුත් වුණා. 4K, 84-inch උපාංගය $19,999 හා Full HD 55-inch උපාංගය $6,999 වැනි මුදලකට ලබා ගත හැකි වෙනු ඇත. Windows 10 නිකුත් වීමත් සමඟ ජුලි මාසයේදී වෙළද පොලට නිකුත් කෙරෙනු ඇත.

Display device එකකට පමණක් මෙතරම් මුදලක් වැය කිරීම ගැටළුවක් තමයි. නමුත් අමතක කරන්න එපා Surface Hub එක සම්පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතු Windows 10 පරිගණකයක්. මෙහිදීද වෙනත් සාමාන්‍යය පරිගනකයක ක්‍රියාත්මක වන මෘදුකාංග ඒ ලෙසින්ම ක්‍රියාත්මක වෙනවා.
මේ උපාංගය භාවිතය ඉතා පහසුය. Log වීමකින් තොරව display එක ලගට ඇවිදගෙන ගොස් ලිවීම අරඹන්නට පුළුවන්. මේ උපාංගය සමග පීඩනයට සංවේදී පෑන් දෙකක් ලැබෙනවා. මේවා කාන්දම් බලයෙන් display එකේ පැත්තකට සවි කල හැකිය. එවිට මේ පෑන අරෝපනයද වේ. මේ display එක එකවර touch points 100 ක් සදහා සහයෝගය දක්වනවා. එම නිසා එකවර පුද්ගලයන් කීපදෙනෙකුටම මෙහි ලිවීම සිදු කල හැක. තවද අනෙකුත් ස්පර්ශ සංවේදී තිරවල සියලුම පහසුකම් ද මෙහි ඇතුලත්.

තවද Miracast පහසුකම ඇති Android උපාංගයක් සමග වුවද රැහැන් රහිතව Surface Hub එක සමග සම්බන්ධ විය හැක.

මුලාශ්‍රය

Comments

comments