SHARE

#Windows10devices event  එක පිළිබඳ ඔබ විසින් දැනගතයුතු කරුණු කීපයක් පහත දැක්වේ.

වැඩසටහන ආරම්භවන්නේ කීයටද?
2015 October 06 දින එනම් අද දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 07 : 30 ට.

මෙය පැවැත්වෙන්නේ කොහේද?
මෙය ඇමරිකා එක්සත් ජනපදයේ New York Cityහිදී පැවැත්වෙනු ඇති.

කොපමණ කාලයක් මෙය පැවැත්වේද?
ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කර නොමැතිමුත් අපි අපේක්ෂා කරන්නේ පැයකුත් විනාඩි තිහක පමණ කාලයක්. (පැය 1 : 30 )

මෙය අපට සජීවීව නැරබිය හැකිද?
ඔව්. ඔබට සජීවීව නැරඹීමට අවශ්‍යනම් microsoft.com/october2015event වෙත යන්න.ඊට අමතරව අපගේ වෙබ් අඩවිය තුලින්ද සජීවීව විකාශය නැරඹීමට ඔබට හැකිවනු ඇත.

මෙහිදී Microsoft සමාගම විසින් හෙලිදරවු කිරීමට නියමිත දේවල් මොනවාද?
මේ පිළිබඳ සමාගම විසින් නිවේදනයක් නිල වශයෙන් නිකුත් කර නැහැ නමුත් පහත සඳහන් උපංග හෙලිදරවු කරණු ඇතැයි අපේක්ෂාකරනවා.

  • Lumia 950 and Lumia 950 XL smartphones
  • Windows 10 Mobile updates and availability
  • Surface Pro 4 New larger Surface device at 14-inches
  • Microsoft Band 2
  • New accessories: Treasure Tag, new Skype speaker, etc.
  • Surprise announcement – Possibly related to HoloLens
  • Windows 10 – Next iteration of the OS; Windows 10 on Xbox One, new apps

event එකේ Twitter, Facebook hash tag එක මොකක්ද?
ඒ සඳහා #Windows10devices ලෙස භාවිතා කරන්න.

අපට මේ event එකේ උපාංග පිළිබඳ ගැටලු ඇත්නම් අසා දැනගන්නේ කෙසේද?
ඒ සඳහා අපගේ Facebook පිටුවට message එකක් දැමීමෙන් හෝ අපගේ HelpDesk පිටුවට question එකක් ඉදිරිපත් කරන්න. එවිට පිළිතුරු ලබාදීමට අප සූදානම්.

Comments

comments

3 COMMENTS

LEAVE A REPLY