Windows සමඟින් එකතු වූ Android Smart phones

Windows සමඟින් එකතු වූ Android Smart phones

3449
0
SHARE

Microsoft ආයතනය විසින් Windows 10 පරිශීලකයින්ට මෑතකදී ලබාදුන් සුවිශේෂී අවස්ථාවක් ගැනයි මේ article එකෙන් කියන්න යන්නේ. සරලවම කිව්වොත් දැන් Android smart phones භාවිතා කරන අයට පුලුවන් තමන්ගෙ ජංගම දුරකථනය Windows 10 OS එකත් එක්ක connect කරලා web page share කරගන්න. තවම මේ විශේෂාංගය iOS වෙනුවෙන්  නිකුත් වෙලා නෑ. මේ feature එක ආවේ මෑතකදී නිකුත් වුණ Windows 10 update(build 16251) එකත් සමගයි. මේ feature එක use කරන්නෙ කොහොමද කියල පැහැදිලි නැතුව ඇති තාම ඔයාලට.

මුලින්ම කරන්න ඕනෙ Windows 10 update කරන එක. Update  කරාම Settings වලට අලුත් සාමාජිකයෙක් ඇවිල්ලා ඉන්න ඕනෙ “Phone” කියලා.

දැන් Phone setting එක භාවිතා කරල ජංගම දුරකථනය, පරිගණකය එක්ක සම්බන්ධ කරගන්න. සාමාන්‍ය විදියට test message එකක් හුවමාරු කරගෙන devices දෙක සම්බන්ධ කරන්න සිදුවේවි.

ඊළඟ වැඩේ තියෙන්නෙ ඔයාගෙ ජංගම දුරකථනෙ එක්ක. Google Play Store ගිහින් “Microsoft Apps” කියන app එක download කරගන්න.

මේ ඇප් එක open කරාම ඔයාලට කරන්න තියෙන්නෙ පහසු පියවර කීපයක් අනුගමනය කරන්න විතරයි. Try it now option එක select කරල next කරගෙන යන්න.

අන්තිමට web page එකක් load වෙලා පහල තියෙනව වගේ screen එකක ඔයාල නවතිනවා. සාමාන්‍යයෙන් ඔයාල භාවිතා කරන mobile browser එකෙන්ම මේ  ලින්ක් එක open වෙයි.

දැන් ඔය link එක පරිගණකය එක්ක share කරගන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ options ගිහින්(3 dots), “share” කියන option එක තෝරලා share කරන ක්‍රමය විදියට “Continue on PC” දෙන්න. ඊටත් පස්සෙ “Continue now” select කරන්න.

අන්තිම පියවර  විදියට ඔයාගෙ Microsoft account එකට log වෙන්න සිදුවෙනවා. මේ පියවරෙන් පසුව මේ app එකට access දෙන්න තහවුරු කිරීමේ message එකක් එනවා. ඒකට “Yes” කියල answer කරන්න. දැන් කලින් සම්බන්ධ කරගත්ත පරිගණකය හඳුනාගන්න සුලු කාලයක් ගනීවි. සම්බන්ධ වෙන්න සූදානම් වෙන පරිගණකය select කරලා continue කරන්න. දැන් පරිගණකයේ Internet Explorer browser එකෙන් ස්වයංක්‍රීයවම share කරපු link එක open වෙයි.

මේ video ලින්ක් එක භාවිතා කරල තවදුරටත් පැහැදිලි කරගන්න පුලුවන් වෙයි.

Source :

https://www.theverge.com/2017/7/26/16035666/microsoft-windows-10-phone-link-android-ios

http://www.deccanchronicle.com/technology/gadgets/280717/microsoft-makes-your-windows-10-pc-and-android-phone-one-entity.html

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY