Imagine Cup 2017 තරඟාවලිය සඳහා ඔබත් සූදානම් ද ?

Imagine Cup 2017 තරඟාවලිය සඳහා ඔබත් සූදානම් ද ?

4013
7
SHARE

Microsoft සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන Imagine Cup තරඟාවලිය පිළිබඳව Microsoft fans ලා විදිහට ඔබ සියලු දෙනාම දන්නවාට සැකයක් නැහැ. 2003 වර්ෂයේදී මුලින්ම පවත්වන්නට යෙදුනු මෙම තරඟාවලිය මෙවර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ පහළොස්වැනි වතාවටයි. ඉතින් පහළොස්වැනි සංවත්සරය සමරන නිසා ඔවුන් තරඟාවලියේ සුළු වෙනස්කම් කිහිපයක් කරලා තියෙන බවයි ආරංචි වෙන්නේ. ඒ පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න තමයි අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ.

මීට කලින් Imagine Cup තරඟය සඳහා ඉදිරිපත් වුන අය වගේම ඒ පිළිබඳව උනන්දුවක් දක්වපු අයත් දන්නා කාරණයක් තමයි Imagine Cup තරඟාවලිය කාණ්ඩ කිහිපයක් යටතේ පැවත් වුන බව. නමුත් මෙවර එය කාණ්ඩ යටතේ පැවැත්වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලගේ නව අදහස් වලට මෙවර සීමා පැනවෙන්නේ නැහැ. ඔයාලා සතුව නවතම තාක්ෂණික අදහසක් තියෙනවා නම් එය මේ සඳහා ඉදිරිපත් කරන්න පුළුවන්.

2016 ජූලි 31 දිනට අවුරුදු 16ක් සම්පුර්ණ වෙන පිළිගත් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන ඕනෑම කෙනෙක්ට මේ සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව තියෙනවා. තරඟාවලිය සඳහා ඉදිරිපත් වෙන්න ඕනේ කණ්ඩායම් වශයෙනුයි. එක් කණ්ඩායමක සාමාජිකයින් ගණන මෙවර තිදෙනෙක්ට (3) සීමා වෙලා තියෙනවා.

මෙවර දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් තමයි මෙම තරඟාවලිය වට දෙකක් යටතේ පැවැත්වීම. පළමු වටය National Finals හෝ Online Finals ආකාරයෙන් තමයි පැවැත්වෙන්නේ. එය ඉහත කවර ආකාරයෙන් පැවැත්වෙනවා ද කියන එක තීරණය වෙන්නේ අදාළ රටේ තරඟ කොන්දේසි අනුවයි. ශ්‍රී ලංකාවේ නම් National Finals වෙනුවට Online Final Round එකක් පැවැත්වීමටයි සූදානම් කරලා තියෙන්නේ. පළමු වටයෙන් තේරී පත් වෙන කණ්ඩායම් World Finals වටයට සුදුසුකම් ලබනවා.

තරඟාවලිය ගැන තව දුරටත් කතා කරනවා නම් මෙවර ඔවුන් ව්‍යාපෘති සඳහා භාවිතා කරලා තියෙන තාක්ෂණය පිළිබඳව වැඩි අවධානයක් දක්වන්නට තීරණය කරලා තියෙනවා කියලයි ආරංචි වෙන්නේ. ඒ වගේම තරඟ විනිශ්චය කරන අකරයේත් වෙනස් කම් දැකගැනීමට පුළුවන්.

තරඟාවලියේ සුවිශේෂතම කාරණය තමයි Imagine Cup ජයග්‍රාහකයන් සඳහා ලබා දෙන ත්‍යාග මුදල මෙවර දෙගුණ කර තිබීම. ඒ අනුව Imagine Cup කිරුළ හිමි කරගන්නා කණ්ඩායමට මෙවර මුදලින් ඇමරිකානු ඩොලර් 100,000 ක් හිමි වෙනවා. තරඟාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ තරඟ කොන්දේසි මෙහිදී බලාගන්න ඔයාලට පුළුවන්.

Imagine Cup තරඟාවලිය සඳහා ලියාපදිංචි වීම ශ්‍රී ලංකාවේ ආරම්භ වෙන්නේ පෙබරවාරි මාසේ 20 වැනිදායි. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරි ලිපි තුළින් ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

ඔයා ගාවත් වෙනස් විදිහේ අලුත් අදහස් තියෙනවා නම් 2017 Imagine Cup Champion ඔයා වෙන්නත් පුළුවන්.

Comments

comments

7 COMMENTS

  1. hi mata kiyanna puluwanda ? imagine cup ekata api monawage dewal haadanna puluwande kiyala ? lssella lankawen giya kattiya menna meawa heduwa kiyala, hoda post ekak daannako please

  2. […] අදහස් තියෙනවනම් මේ තමා හොදම අවස්ථාව. Imagine Cup කියන්නේ මොකක්ද? මේකට apply කරන්නේ කොහොමද? මේ ලිපි කියවලා […]

Leave a Reply to Mishari Tamara Cancel reply