ASP.NET Core MVC – සිංහලෙන් – Part 1

ASP.NET Core MVC – සිංහලෙන් – Part 1

3412
0
SHARE

ASP.NET Core MVC භාවිතයෙන් Web Application නිර්මාණය කරන ආකාරය ගැන අපි මේ  tutorial එකෙන් කතාකරමු.

මෙහිදී අප විසින් පහත යන දෑ ගැන අවධානය යොමු කරමු..

  • web app නිර්මාණය කරන ආකාරය.
  • Add හා scaffold a model.
  • database සම්බන්ධ කරන අයුරු.
  • search හා validation සිදු කරන අයුරු

Visual Studio තුල web app එකක්  හදන අයුරු

  • Visual Studio වෙතින් “New Project” තෝරන්න.
  • ASP.NET Core වෙබ් යෙදුම තෝරන්න, ඉන්පසු “Next” තෝරන්න.

new ASP.NET Core Web Application

MvcMovie ලෙස Project නම් කර Create තෝරන්න. MvcMovie එක ව්‍යාපෘතියට නම් කිරීම වැදගත්ය, එබැවින් ඔබ කේතය පිටපත් කරන විට name space එක ගැලපේ.
new ASP.NET Core Web Application

ඊලගට Web Application(Model-View-Control) තෝරන්න, ඉන්පසු create තෝරන්න.

New project dialog, .NET Core in left pane, ASP.NET Core web

Visual Studio ඔබ විසින් නිර්මාණය කරන ලද MVC ව්‍යාපෘතිය සඳහා default template භාවිතා කරයි. ව්‍යාපෘති නමක් ඇතුළත් කිරීමෙන් සහ Solution තේරීමෙන් ඔබට දැන් වැඩ කරන Web යෙදුමක් තිබේ. මෙය මූලික ආරම්භක ව්‍යාපෘතියකි.

දැන් අපි මේ Web Application එක Run කර බලමු. ඒ සඳහා විෂුවල් ස්ටුඩියෝ තුල ක්‍රම ගනනාවක් ඇත.

  • ලේසිම ක්‍රමය නම් ඔබේ යතුරු පුවරුවේ ඇති  Ctrl-F5 යතුරු එකවර එබීමෙන් non-debug mode භාවිතා කර.
  • ඉහතා Debug මෙනුවේ ඇති “Start Without Debgning” option එක භාවිතා කර.Debug menu
  • ඉහත tool bar එකේ ඇති run (IIS Express) බොත්තම භාවිත කර.IIS Express

ඉහත කුමන හෝ ආකාරයකින් run කරගත් Web Application එක ඔබගේ වෙබ් Browser එකේ run  වෙන අතර එය පහත අයුරින් දිස්විය යුතුය.

Home or Index page

මා පෙර සඳහන් කල පර්දි මෙම tutorial එකෙන් ඔබට නව ASP.NET Core MVC application එකක් නිර්මාණය කර ගන්නා ආකරය පිළිබඳ දැනුම ලැබෙන්නට ඇතැයි මා විශ්වාස කරන අතර ඊලඟ tutorial එකෙන් හමුවෙමු.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY