Microsoft HoloLens සමග Autodesk Maya

Microsoft HoloLens සමග Autodesk Maya

3210
1
SHARE

Microsoft HoloLens එක නිවේදනය කිරීමත් එක්ක මේ උපාංගයෙන් කරන්න පුළුවන් වැඩ ගැන බොහෝ දෙනා උනන්දු උනා. Autodesk Maya කියන්නෙ 3d Animation & Modelling Software නිර්මාණය කරන ආයතනයක්. බොහොමයක් චිත්‍රපට වල වගේම වෙළඳ දැන්වීම් , Games වලදී Autodesk Maya Software එක යොදාගෙන තියෙනවා. පහුගියදා තිබුණු Worldwide Partner’s Conference (WPC) එකේදී Microsoft සමාගම Autodesk හවුල්කාරිත්වය පිළිබඳව නිවේදනය කලා .
Microsoft සහ Autodesk හවුල්කාරිත්වය තුලින් හැකියාව ලැබෙනව Microsoft HoloLens භාවිත කරලා ඔබ Maya තුල සිදුකරන නිර්මාණ සාමාන්‍ය(සැබෑ) ලෝකය තුලට ප්‍රක්ෂේපණය කරන්න. ඉතින් මේකෙන් අත්වෙන වාසි ගැන සඳහන් කලොත්, 3d නිර්මාණකරණයේ යෙදෙන අයෙකුට පුළුවන් තමන්ගේ නිර්මාණ Real World Scale එකෙන් බලාගන්න වගේම, තම 3d නිර්මාණ වල details වඩා නිවැරදිව බලාගන්න. ඒ වගේම 3d Objects Real world objects වලට Project කිරීමේ හැකියාවත් HoloLens වලට තියෙනව. උදාහරණයක් විදිහට Motor Cycle Model එකක් Real World Motor Cycle එකකට Project කරල Real time ඒ Model එකට Maya හරහා සිද්ද කරන වෙනස්කම් HoloLens එක හරහා බලාගන්න හැකියාව ලැබෙනවා.

Hololens-maya-03තවත් අපූරු Feature එකක් තමයි අපි Project එකක් සිද්ද කරනකොට කණ්ඩායමේ අනිත් අය තමන් Design එකට සිද්ද කල වෙනස්කම් ගොඩක් Interactive විදිහට Comment කිරීමේ හැකියාව. අපි Comment එක කියවන දුර,කෝණය මත එහි font size අඩු වැඩි කිරීමේ හැකියාව HoloLens සතුයි.

Hololens-maya-04 ඉතින් Worldwide Partner’s Conference (WPC) එක අතරවාරයේදී Microsoft CEO Satya Nadella ප්‍රකාශ කලේ ,

“Every time I see it, it just gets even more exciting, For the very first time, we’re going to have a computer that’s going to allow us to mix the digital and the real.”

Comments

comments

1 COMMENT

LEAVE A REPLY