Azure Bootcamp එකට පැමිණෙන ඔබ දැනගත යුතු යමක්

Azure Bootcamp එකට පැමිණෙන ඔබ දැනගත යුතු යමක්

3871
0
SHARE

Bootcamp එක පිළිබඳව අපි Windowsgeek හරහා ඔබ වෙත ලිපි මාලාවක් ගෙන ආවා. Event එක පැවැත්වෙන්න කලින් ලියවෙන අවසන් ලිපිය මේක.

Event registration එකෙන් පස්සේ Confirmation email එක මේ වෙනකොට ඔබට ලැබිලානම් ඔබ එදාට පැමිණෙන්න සුදානම් වෙන්න. නමුත් confirmation email එක ඔබට ලැබුනේ නැත්නම් බලාපොරොත්තු අතහැර ගන්නට එපා, event එකට පෙර ඔබට අවස්ථාවක් ලැබෙන්නට ඉඩ තිබෙනවා.

Event එක ආරම්භ වෙන්න තව තිබෙන්නේ දින 7ක් වගේ කාලයක්. 27 වෙනිදා උදැසන 8 වෙනකොට ඔබට ලැබුන confirmation email එකත් අරගෙන event එක පැවැත්වෙන භුමිය කරා ඔබ පැමිණේවි කියල අපි බලාපොරොත්තු වෙනවා. Event එක තිබෙන්නේ Movenpick Hotel භූමියේදී.

කෙනෙක්ට පැමිණෙන මාර්ගය පිළිබඳව ගැටළුවක් ඇති වේවි කියන උපකල්පනයෙන් Map එක ඉහත embedded කර තිබෙනවා.

දැනටමත් ඔබ දන්නවා ඇති ඔබ අයත් වෙන්නේ කුමන Section එකටද කියන කරුණ. සාමාන්‍යයෙන් සහභාගී වෙන සෑම කෙනෙක්ම sessions 8කට සහභාගී වෙනවා. මේ නිසා නොවරදවාම ඔබට මේවා සඳහන් කරගන්න අවශ්‍යයි කියල සිතෙනවානම් සටහන් පොතක් අරගෙන එන්න පෑනක් අරගෙන එන්න. ඔබේ පරිගණකය අරගෙන එන්න අවශ්‍යයි කියා හැඟෙනවා නම්. ඒ වගේම මතක තබා ගන්න ඔබ මේ සඳහා තේරුන කෙනෙක්නම් ඔබ මේ ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබගනිවී කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම participation එක confirm කරලා ඔබ එන්නේ නැතිනම් Azure Bootcamp ඉදිරියේදී පවත්වන events වලට ඔබට සහභාගී වන්නට හැකිවන්නේ නැහැ. මොකද අපි ඔබේ අයදුම්පත්‍රය තෝරාගත්තේ 750කට අධික පිරිසකගෙන්. ඒ නිසා ඔබට මේ හිමිව තිබෙන අවස්ථාව, මේ event එකට පැමිණෙන්න අසාවෙන් ඉදපු කෙනෙක්ට ඒ අවස්ථාව අහිමි කරමින් හිමි වුන එකක්. මේ නිසා එයට ලැබෙන වටිනාකම අති මහත්.

ශ්‍රී ලංකාව වගේ රටක නොමිලේ කෙරෙන IT event එකකට වටිනාකමක් ලැබෙන්නේ හරිම කලාතුරකින්. T Shirt එකක්, Sticker එකක් වෙනුවෙන් දවසක් වැය කරනවට වැඩිය, තමන් ඉදිරියේ ඉන්න IT professionalsලාගෙන් තමන් වෙනුවෙන් අලුත් දෙයක් දැනගෙන ඒ දේ ගෙදර ගිහින් ක්‍රියාවට නංවන අය මුළු event එකකම සිටින්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්.

කෙසේ නමුත් යම් හදිසි හේතුවක් මත ඔබට පැමිණෙන්නට අපහසුනම් මේ පහත සඳහන් දුරකථන අංක වලට ඇමතුමක් ලබා දීලා ඔබේ නොපැමිණීම දැනුම් දෙන්න පුළුවන්.

  • Chamara Maduranga | +94 718795021
  • Sumith Harshan | +94 715258378
  • Shameera Prajapriya | +94 774313139

අපේ අනුග්‍රාහකයන් පිළිබඳව පොඩි දැනුවත් කිරීම් කිහිපයක් සිදු කලොත්,

  • අපේ Event Partner – Microsoft

  • Co Sponsor – WebQuarters

  • Hospitality partner  – Movenpick Hotel

  • Silver Partnership – ISM APAC

  • General Sponsorship – Assentic

  • General Sponsorship – Aventude

  • General Sponsorship – DinesQL

  • General Sponsorship – InnoventSYS

  • Gift Sponsors – Commercial Bank

  • Gift Sponsors – ANC Education

  • Gift Sponsors – Net Assist International

  • Photography – DreamAngle Productions

  • Audio & Visual – Elevated

අපි හිතනවා මේ Azure Bootcamp එකෙන් ඔබ සමරු වලට වැඩිය යමක් නිවසට ගෙනයාවි කියලා.

නැවත හමුවෙමු…

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY