මොකක්ද මේ Azure Cosmos DB ?

මොකක්ද මේ Azure Cosmos DB ?

2446
0
SHARE

අද වෙනකොට ලෝකයේ ඔබ අපි භාවිත කරන applications වල වැදගත්ම කාරණාව වෙන්නේ සෑම වෙලාවකම සජීවීව එහෙමත් නැත්නම් online පැවතිය යුතු වීම සහ උපරිමයෙන්ම responsive වීම. ඒ වගේම peak hours එහෙමත් නැත්නම් වැඩ කරන වෙලාවේදී සිදු කරන විශාල වෙනස්කම්, ගබඩා කරන දත්ත ප්‍රමාණයේ වැඩිවීම් එක්ක crash වීමකින් තොරව පවත්වාගෙන යන්න, දත්ත භාවිත කරන්නන්ට මිලි තත්පර ගණනකින් ඒවා භාවිත කරන්න පුළුවන් වෙන්න ඕනේ වගේ දේවල් තමයි වැදගත්ම. මේ වගේ තත්ත්ව සහ high availability වගේ වාසි සහගත තත්වයක් පවත්වාගෙන යන්න අනිවාර්යයෙන්ම මේ applications deploy කරන්න වෙන්නේ usersලට ලඟින්ම තියෙන data center එකකින්.

Azure Cosmos DB කියන්නේ database service එකක්. globally distribute වුන multi model service එකක් වුනු මේ product එකේ අයිතිකාරයා Microsoft ආයතනය. එක botton එකක් click කිරීමෙන් ඔබට පුළුවන් Cosmos DB පාවිච්චි කරන්නට ඔබට පහසු විදියට. මේකේ වාසිය වෙන්නේ storage එකේ scale එක elastically වැඩි කිරීමේ හැකියාව, වේගවත් වීම වගේ Cloud පාවිච්චි කරන කෙනෙක්ට අවශ්‍යම වෙන දේවල් පහසුවෙන් ලබාගන්න පුළුවන් වීම.

Azure Cosmos DB is Microsoft's globally distributed database service with elastic scale-out, guaranteed low latency, five consistency models, and comprehensive guaranteed SLAs

මේක භාවිතා කරන එකේ වාසි මොනවද?

Turnkey Global Distribution

මේකෙන් කියවෙන්නේ ලෝකය පුරාවටම බොදහැරිම ගැන. එක බොත්තමකින් ඔබට පුළුවන් ඔබේ Cosmos Account එකට එන්න ඕනේ azure regions මොනවද කියලා තීරණය කරන්න. මේකේ තිබෙන ලොකුම වාසිය වෙන්නේ දත්ත භාවිත කරන්න ඕනේ කවුද නැත්තේ කවුද කියන එක තීරණය කරන්නේ ඔබ විසින්. නමුත් මේ විදිහට region එක මාරු කරන වෙලාවට ඔබට redeploy කිරීමට හෝ pause කිරීමට සිදුවෙන්නේ නැහැ. ඔබේ application එක නොනවත්වා ක්‍රියාත්මක වේවි.

Highly available deployment topology

global distribution කියන concept එකේ වාසි කිහිපයක් තිබෙනවා. එහි අඩංගු වෙනවා multi-master replication protocol එක. මේකෙන් පුළුවන් මේ හැම region එකකම read write කියන options දෙකම ලබාගන්න. ඒ වගේම Unlimited elastic write and read scalability එකත් මේ protocol එකෙන් ලැබෙන එක වාසියක්. Multiple databases වල applications run කිරීම මඟින් database එකක availability එක ඉතා ඉහලයි.

No schema or index management

සාමාන්‍යයෙන් Global apps වලට යද්දී database schema management සහ indexes in sync management කියන්නේ සැහෙන ලොකු භාරධුර කටයුත්තක්. ඔබට කිසිම වෙහෙස වීමකින් තොරව index management කරන්න azure cosmos DB එකට පුළුවන්.

Multi API

මේ විදිහට index manage වෙන නිසා ඕනෑම විදිහක API එකක් පාවිච්චි කරන්න user කෙනෙක්ට chance එකක් හම්බවෙනවා. ඒ අයට ඒ කට්ටියගේ දත්ත SQL, Gremlin, JavaScript, Azure Table Storage, සහ MongoDB තුලින් check කරන්න පුළුවන්.

Cosmos DB එක්ක ලෝකයේ තරඟකරුවන් ගණනාවක් ඉන්නවා. Google Cloud Platform, Azure Functions වගේම තවත් ගණනාවක්. ඔබ අහලා ඇති Google Cloud platform එකේ Cloud Spanner එක. මේ ලඟදි launch වුන දෙයක්. Amazon කට්ටියගේ Amazon DynamoDB කියන්නෙත් මේ වගේම NoSQL effective අතින් ඉහලටම ගිය fast හා flexible service එකක්.

ඔබ දන්නා තව දේවල් මේ ලිපිය යටින් පල කරන්න අපි දැනුම බෙදාගනිමු.

නැවත හමුවෙමු…

 

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY