Azure HDInsight – Azure සරළව (2 කොටස)

Azure HDInsight – Azure සරළව (2 කොටස)

1589
0
SHARE

Azure HDInsight සම්බන්ධව අපි අප‌ේ පළවෙනි ලිපිය මේ වෙද්දි ඔබ කියවලා ඇති. කියවපු නැති කෙනෙක්ට මෙතනින් අපේ පළවෙනි ලිපිය ගන්න පුළුවන්. මේ ලිපිය තනිකරම වෙන් වෙන්නේ Big Data ගැන කථා කරන්න.

Big Data සංකල්පය හැදෙන්නේ Data වලින්. ලෝකයේ ආරම්භයේ සිටම අපි විවිධ අවස්ථා වල දත්ත භාවිතා කළා. ගල්ගුහාවල බිත්ති, මුද්‍රණය කරන ලද පත්‍රිකා වල සිට 21වන සියවස වෙද්දි අපි අන්තර්ජාලය හරහා දත්ත මිලියන ප්‍රමාණ වලින් ගණුදෙනු කරනවා. ඔබ දන්නවා Google Self Driving Car එක ධාවනය වීමට පවා දත්ත මිලියන ගණනක් අවශ්‍ය වෙනවා.

Five V’s of Big Data

The Data Veracity - Big Data - Tech Entice

Big Data concept එකේදි, Five V’s of Big Data ගැන අපි කථා කරනවා. ඒ Velocity, variety, volume, value, veracity. මේ V වර්ග පහ, දත්ත විහිදෙන ප්‍රධාන මාර්ග පහක් ගැන පැහැදිලි කරනවා. Variety කියන්නේ දත්ත වල තියෙන විවිධත්වය ගැන. අපිට variety එක අනුව structured data, unstructured data, dynamic data සහ linked data විදියට බෙදන්න පුළුවන්. මේ volume විදියට දක්වලා තිබෙන්නේ යම් නියමිත කාලයක් තුලදි කළමණාකරනය වන දත්ත ප්‍රමාණය පිළිබදව. මේක වර්ගීකරණය වෙන ක්‍රම ගණනාවක් දකින්න පුළුවන්. Bytes විදියට, දත්ත වාර්තා ගණන, වාර්තා අඩංගු tables ගණන වගේ දේවල් ගණනාවක් මීට ඇතුලත් වෙනවා. Value කියන වචනයෙන් කියවෙන්නේ අපි මේ Big Data භාවිත කරන කාර්යය තුල තියෙන වැදගත්කම. මේ දත්ත වල තිබෙන වටිනාකම සංඛ්‍යාංකමය වශයෙන්, යම් සිද්ධීන් සිදුවීම හා නොවීම අතර, දත්ත අතර තිබෙන සහසම්බන්ධය (correlation) සමග සූත්‍ර ගොඩනැගීම වගේ අවස්ථා ගණනාවකට භාවිත වෙනවා.

Veracity අපට එච්චර පාවිච්චි වෙන්නෙ නැති වචනයක් වුනත්, මේකෙන් කියවෙන්නේ දත්තවල නිරවද්‍යතාවය තහවුරු කිරීම ගැන. දත්ත වල නිරවද්‍යතාවය ඉහළ යාමත් එක්ක ඒ දත්ත කෙරෙහි පරිශීලකයෙක් තබන විශ්වාසය වැඩිවෙනවා. තහවුරු කරගත්ත දත්තයක් කියන්නෙත් ඒ වගේම විශ්වාසනීය තොරතුරක්. අවසන් කරුණ වෙන්නේ Velocity. Velocity එහෙමත් නැත්නම් ප්‍රවේගය කියලා අදහස් කරන්නේ යම් කාල පරාසයක් තුල ගමන් කරනු ලබන විස්ථාපනයට. මෙතනදිත් අපි Velocity කියලා හදුන්වල‌ා තියෙන්නේ දත්ත එකතු කරගන්න,උත්පාදනය කරගන්න පාවිච්චි වෙන වේගය.

Big Data කියන දැවැන්ත මාතෘකාවේ බොහොම සුළු කොටසක් මෙතනින් නවත්වනවා. මීළග කොටස වෙන්නේ Hadoop කියන්නේ මොකක්ද සහ ඒ හා සම්බන්ධ භාවිතයන්.

නැවත හමුවෙමු…

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY