Azure Maps කියන්න‌ේ මොකක්ද?  (Mapping Data in Azure Apps)

Azure Maps කියන්න‌ේ මොකක්ද?  (Mapping Data in Azure Apps)

1741
0
SHARE

හැමෝම හොදින් කියලා හිතනවා. කාලෙකට පස්සෙ ආයෙත් Azure Review එකක් අරන් ආවේ. අද කථා කරන්නෙ Azure Maps ගැන. මගෙ මේ ලියන්නෙ windowsgeek එකේ 94 වැනි ලිපිය. මගෙ කලින් ලිපි බලන්න මෙතනින් ඔබට යන්න පුළුවන්.

සරළවම පැහැලිදි කළොත් web සහ mobile applications වලට mapping data ලබාදීමත් එක්ක geographic content වල දත්ත යාවත්කාලීන කරන්න තමයි මේ Azure Maps පාවිච්චි කරන්නේ. Azure Maps වලින් ලබාගන්න පුළුවන් දේවල් ගණනාවක් තිබෙනවා.

Satellite images වලට multiple styles වල maps render කරන්න REST API හදාගන්න, ලෝකයේ තියෙන විවිධ ලිපින, ස්ථාන සම්බන්ධ වන සේවාවන් නිර්මාණය කරන්න, routing options ගණනාවක් (point-to-point, multipoint, multipoint optimization, isochrone, commercial vehicle, traffic influenced සහ matrix routing) , traffic information අවශ්‍ය වෙන applications වලට ඔින කරන traffic flow view සහ incidents view වගේ දේවල්, transportation alternative modes වලට අදාල දත්ත ලබාගැනීම, route එකක් real time සැලසුම් කරන්න විදිහ, public transit logistics වල විස්තර ලබාගැනීම වගේ හුගක් දේවල් කරගන්න Azure Maps පාවිච්චි කරන්න පුළුවන්.

Azure Maps example

මේ විදිහට real time location intelligence එකක් ඒක්ක වැඩකරන්න Azure Maps වල‌ට සහය ලබා දෙන්නේ TomTom සහ Moovit කියන ආයතන දෙක.

ඔබ මීට පෙර Azure Maps පාවිච්චි කරලා නැති කෙනෙක්නම් ඔබට පුළුවන් මේ ලින්කුව හරහා පහසුවෙන්ම interactive search map එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම කෙනෙක්ගේ යම් අදහසක් තියෙනවානම් මේ ලින්ක් එකෙන් Azure Maps Web SDK Samples කිහිපයක් බලාගන්න පුළුවන්.

ඒ වගේම තව වැදගත් දෙයක්. ඔයා Azure Maps පාවිච්චි කරනවානම් ඔබට අනිවාර්යෙන්ම license  එකක් අවශ්‍ය වෙනවා. මේ කියන්න‌ෙ මොකක් ගැනද සහ ඔබට මේක භාවිත කරන්න පුළුවන්ද කියන දේ මේ ලිපිය කියවීමෙන් ඔබට දැනගන්න පුළුවන්.

Maps Pricing

මම කොච්චර වර්ණනා කළත් ඔබේ ඔලුවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ pricing. AZure Maps මූලිකවම pricing tires දෙකක් එක්ක යන්න‌ෙ. S0 සහ S1 කියලා තමයි මේ දෙක හදුන්වන්නේ. S0 tire එක core geospatial APIs ලබා දෙන නිසා මේ API වලින් මූලික maps requirements සැලකිය යුතු ප්‍රමාණයක් කරගන්න පුළුවන්. නමුත් ඔයාගේ application එක සෑහෙන complex එකක්නම් advanced options වලදි S1 tire එක වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය වෙන භාෂාවන් Azure Maps වල තිබෙනවාද කියලා දැනගන්න, මේ ලින්ක් එක ඔබට පාවිච්චි කරන්න පූළුවන්.

 

 

හැමදාමත් ලියනවා වගේ මේ ගැන interest එකක් තියෙන කෙනෙක් ඉන්නවානම් කියන්න. Azure Maps application එකක් develop කරන ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා මේ ගැන කට්ටිය උනන්දුයිනම්.

නැවත හමුවෙමු.

Resources: https://azure.microsoft.com/en-us/services/azure-maps/

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY