Azure Resource Manager සරලවම

Azure Resource Manager සරලවම

1298
0
SHARE

අද ලිපියෙන් කතා කරන්නෙ Azure Resource Manager වලින් අපේ වැදගත් resources පහසුවෙන්ම manage කරගන්නේ කොහොමද ඒවායේ security එක improve කරගන්නේ කොහොමද කියන කාරණා. අපි මුලින්ම බලමු මේ  Azure Resource Manager කියන්නේ මොකක්ද කියලා. 

අපට  Azure තුළ resources create, update, සහ  delete කරන්න අවශ්‍ය management layer එකක් මෙහිදී ලබාදෙනවා. ඒ වගේම access controlling, locking, tagging  වගේ features මගින් අපේ resources වලට වඩාත් වැඩි ආරක්ෂාවක් ලබාදෙනවා. Applications නිර්මාණය  කිරීමේදී එයට අදාළ වන resources, virtual machine, storage account,  virtual network, හෝ  web app, database, database server, සහ third-party services වගේ විවිධාකාරයෙන් තිබෙනවා, මේ හැමදේම එකම තැනකින්  කරන්න  Azure Resource Manager  මගින් “Consistent management layer” එක ලබාදෙනවා. 

Consistent management layer

Azure Resource Manager මගින් ලබාදෙන මේ Consistent management layer එක ඔස්සේ අපට Azure PowerShell, Azure CLI, Azure portal, REST API, සහ  client SDKs වැනි resources භාවිතයෙන් කිරීමට අවශ්‍ය ක්‍රියාකාරකම් පහසුවෙන් සිදුකරගත හැකි වෙනවා.මේ ARM එක මගින් සිදුවෙන දේ හරියටම තේරුම් ගන්න පුළුවන් පහළ තියෙන රුපයෙන්. මෙහිදී සිදුවෙන්නේ එක් එක් tools වලට ලැබෙන user requests සියල්ලම Azure Resource Manager service එක ඔස්සේ authenticate වෙලා අදාළ request එක එයට අදාළ route එකට එහෙම නැත්නම් අදාළ tool එකට යොමුකිරීමයි. 

Azure Resource Manager මගින් ඔබට ලැබෙන සුවිශේෂී දේවල් කිහිපයක් පහතින් දක්වා තිබෙනවා,

  • ඔබට භාවිතා කිරීමට අවශ්‍ය resources සියල්ලම  එක group එකක් විදියට manage කිරීමේ පහසුකම.
  • Development lifecycle එක පුරාවටම ඔයාගේ solution එක/application එක,අදාළ resources සමගම  ඒකාකාරීව deploy කිරීමේ හැකියාව 
  • ඔයාගේ infrastructure එක පහසුවෙන් manage  කරන්න template යොදාගැනීමේ හැකියාව 
  • අදාළ resources deploy කිරීමේදී නිවැරදි පිළිවෙලට deploy කිරීම සිදුකල හැකිවීම.
  • යොදාගන්නා services වල security එක වැඩි කිරීමට Role-Based Access Control (RBAC) ක්‍රමවේදය භාවිතා කිරීමේ හැකියාව.

  

Azure resource terminology

Azure Resource Manager භාවිතයේදී ඊට අදාලව යෙදෙන වචන ගැන නිවැරදිව දැනගෙන සිටීම අනිවාර්ය දෙයක් වෙනවා. මේ වගේ වචන කිහිපයක් අපි දැන් බලමු නිවැරදි තේරුම මොකද්ද කියලා.

  • resource – Azure වල තිබෙන manage කරන්න පුළුවන් දෙයක්/item එකක්. Ex : virtual machine, storage account, web app, database, සහ  virtual network.
  • resource group– Azure solution එකකට අදාළ වන resources set එකක් අඩංගු container එකක් වගේ දෙයක්.
  • resource provider – Resource Manager ඔස්සේ deploy කරන්න පුළුවන් ආකාරයේ resources සපයන service එකක්.Microsoft.Compute කියන්නේ මේ වගේ resource එක විදියට virtual machine සපයන resource provider කෙනෙක්. Microsoft.Storage කියන්නේ storage account resource ලබාදෙන තවත් resource provider කෙනෙක්.
  • template – resource group එකකට අපට අවශ්‍ය resources deploy කල යුතු ආකාරය define කරලා තිබෙන Json fle එකක්.
  • declarative syntax – සිදු කිරීමට අවශ්‍ය දෙයක් programming commands භාවිතයෙන් තොරව පහසුවෙන් සිදුකරගැනීමට මේ syntax යොදාගන්නවා.

Resource Groups කියන්නේ මොකක්ද කියලා අපට පොඩි අදහසක් දැන් තියෙන නිසා ඒ ගැන තවත් දේවල් ටිකක් දැනගනිමු. මේ Resource Group නිර්මාණය කිරීමේදී rules කිහිපයක් තියෙනවා. ඒවා තමයි.

  • එක් resource එකක් තියෙන්න පුළුවන් එක group එකක පමණයි.
  • Resource Groups rename කළ නොහැකියි.
  • එක් Resource Group එකකට විවිධ වර්ගයේ resources එක් කල හැකියි.
  • Resource Group එකකට විවිධ වර්ගයේ කලාප වල resources එක් කල හැකියි. 
  • Resource Group එක තුල තිබෙන resources සියල්ලටම එකම lifecycle එක තිබිය යුතුයි.
  • ඕනෑම අවස්ථාවක resource group එකකට resources add කිරීමේ හැකියාව.
  • අනෙකුත් resource group වල ඇති resources  සමග interact වීමේ හැකියාව. 

Azure Resource Manager locks නිර්මාණය 

යම් අවස්ථාවකදී අත්වැරදීමකින් හෝ resources delete වීම සිදු විය හැකි නිසා මෙවැනි අවස්ථා වැලැක්වීමට Azure Resource Manager locks feature එක ලබාදී තිබෙනවා. මෙවැනි locks වර්ග දෙකක් තිබෙනවා. එනම්,

  1. Read-Only locks – Resource එකෙහි changes කිසිවක්ම සිදු කල නොහැකියි 
  2. Delete locks – Resoures  මැකීයාම වලක්වයි 

Organizing Resources 

යම් අවස්ථාවක එක් resource group එකක අඩංගු වන resource එකක් වෙනත් group එකකට මාරු කිරීමේ අවශ්‍යතාවය ඇතිවෙන්න පුළුවන්. මෙවැනි අවස්ථා වලදී හුවමාරුව සිදු වන විට අදාල resource groups දෙකම lock වීම සිදුවෙනවා. මෙහෙම වෙන්න හේතුව තමයි groups දෙකෙහිම අඩංගු resources වල security එක. add, update, සහ  delete options මෙහෙඉදී lock වෙනවා. 

ඔබට අවශ්‍ය resource එකක් තවත් group එකකට move කරන්නේ මෙහෙමයි.

Move කිරීමට අවශ්‍ය resource එක අඩංගු group එක තෝරාගෙන Move button එක click කරන්න, ඉන්පසු ඔබට අවශ්‍ය resource එක හෝ කිහිපය තෝරාගෙන අනෙක් group එකට ඇතුලත් කරන්න.

Resource group එකක් delete කිරීමට යාමේදී බොහෝ සේ සැලකිලිමත් විය යුතුයි. group එකක් delete කිරීම කියන්නේ එහි අඩංගු සියලුම resources delete කිරීමයි. මෙම resources වෙනත් group එකක resources සමග සම්බන්ද වී තිබිය හැකි නිසා වඩාත් සුපරික්ෂාකාරී විය යුතුයි. 

Resources Groups delete කල හැකි ආකාර දෙකක් තිබෙනවා. පහත රුපයෙන් දක්වා ඇති delete button එකෙන් හෝ PowerShell command එකක් මගින්. 

Resource Group එකක් delete කිරීමේ හැකියාව වගේම එහි අඩංගු resources වෙන් වෙන් වශයෙන් ද delete කිරීම පහත ආකාරයට සිදු කල හැක. 

Azure මගින් එක් එක් resources වල භාවිතය දැනගැනීමේ හැකියාව ලබාදෙන නිසා ඉදිරි කටයුතු සඳහා සැලසුම් කිරීමේ පහසුකම ලැබේ. එක් එක් resource එකට අදාළ limits ඉක්මවා යාමට අසන්න නම් වැඩි ධාරිතාවයක් ලබාගැනීමට ඉල්ලුම් කල හැකි වීම විශේෂත්වයක්.

ඉතින් මේ ලිපියෙන් කතා කරපු දේවල් වලින් Azure Resource Manager පිලිබඳ අවබෝධයක් ඔයාට ලැබෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියේදී තවත් මෙවැනි තවත් ලිපියකින් බලාපොරොත්තු වෙන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY