Azure services සියල්ලම කෙටියෙන් සරලව දැනගමු

Azure services සියල්ලම කෙටියෙන් සරලව දැනගමු

1710
0
SHARE

 Microsoft  Azure කියන්නේ ඇත්තටම මොකක්ද කියල දැනගන්න අවශ්‍ය වෙන, ඒ පිලිබඳ මුලිකවම මතුවෙන ගැටළු වලට මිට පෙර ලිපියකින් පිළිතුරු ලබාදුන්නා. මෙතනින් ඒ ලිපිය ලබාගන්න පුළුවන්.

අද මේ ලිපියෙන් කතා කරන්නේ Azure වලින් අපිට ලබාගන්න පුළුවන් services මොනවද කියලා, එහෙම නැත්තම් අපේ අවශ්‍යතාවයට ගැලපෙන සේවාව Azure හි මොන ඛාණ්ඩය යටතේද තියෙන්නේ සහ කොහොමද ඒවා හරියටම අපිට සුදුසුද කියල දැනගන්නේ වගේ  වැදගත් කරුණු ගොඩක්.

මේක තමයි අපිට Azure වලින් ලබාගන්න පුළුවන් හැම service එකක්ම දැක්වෙන big picture එක.

පේන විදියටම services විශාල ප්‍රමාණයක් තිබෙනවා , මේ අතරින් වැඩි වශයෙන්ම භාවිතා වෙලා තියෙන services තමයි Compute, Networking, Storage, Mobile, Databases, Web, Internet of Things (IoT), Big data, AI, DevOps. 

මේ හැම වර්ගයකටම අදාලව තවත් sub services විශාල ප්‍රමාණයක් තියෙනවා.ඒවා එකින් එක මොනවද කියල දැන් අපි බලමු.

Compute

බොහොමයක් දෙනා , බොහොමයක් ආයතන Azure භාවිතා කරන්න මුලිකම හේතුවක් තමයි මේ Compute services. Azure මගින් applications සහ services host කරන්න අවශ්‍ය වෙන options බොහොමයක් ලබාදීලා තියෙනවා.පහලින් තියෙන්නේ ඒවගෙන් කිහිපයකට උදාහරණ .

 

Networking

compute resources එකිනෙකට සම්බන්ධ කිරීමෙන් අපිට අවශ්‍ය applications වලට access ලබාදීම තමයි Azure Networking වල ප්‍රධානම දේ වෙන්නේ. මේකෙදි ලෝකය පුරාම තියෙන ඕනෑම Azure data center එකකට connect වෙලා ඒවායේ services access කරන්න මේ Azure Networking මගින් options ගොඩක් ලබාදීලා තියෙනවා.ඒවාට උදාහරණ කීපයක් පහලින් තියෙනවා.

 

 

Storage

Azure මගින් සපයන storage services වල ප්‍රධාන වර්ග 4ක් තියෙනවා, ඒවා තමයි

 

මේ හැම storage service එකකටම පොදු වෙන ලක්ෂණ කීපයක් තියෙනවා ඒවා තමයි Durability , Security , Scalability, Easy management , සහ Accessibility කියන කාරණා.

Mobile

Mobile applications develop කරන අයට පහසුවෙන් iOS, Android, සහ Windows apps වලට අවශ්‍ය වෙන mobile back-end services ලබාගන්න Azure මගින් හැකියාව තියෙනවා.Mobile Apps develop කරන හැමෝටම අත්විඳින්න වෙන සංකීර්ණ ප්‍රශ්න , ඒ කියන්නේ corporate sign-in සහ SAP, Oracle, SQL Server, and SharePoint වගේ on-premises resources වලට connect වෙන එක වගේ project risk එක වැඩි features වගේම මීට කලින් වැඩි වෙලාවක් අවශ්‍ය වුනු features වලට දැන් බොහොම පහසුවෙන් වගේම ඉතාම අඩු කාලයකින් හරියටම අපිට අවශ්‍ය වැඩේ කරගන්න Azure Mobile services භාවිතා කරන්න පුළුවන්.මේ service එකේ තියෙන තවත් features කීපයක් තමයි Offline data synchronization, Connectivity to on-premises data, Broadcasting push notifications සහ Auto scaling to match business needs.

Databases 

අපි develop කරන ඕනම system එකකට , application එකකට අවශ්‍ය වෙන වගේම ලොකු අවධානයක් දෙන්න වෙන දෙයක් තමයි database එක. මොකද අපි භාවිතා කරන data වලට අනුව වගේම data ප්‍රමාණයට ගැලපෙන්න database එක තියෙන්නම ඕන නිසා, ඒ වගේම security එක,speed එක වගේ තවත් හිතන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. මේ හැම අවශ්‍යතාවයක්ම වගේ ආවරණය වෙන විදියට , අපිට අවශ්‍ය වර්ගයක database එකක් තෝරාගන්න Azure Databse services වලින් අවස්ථාව තියෙනවා. මේ තියෙන්නේ එහෙම ගන්න පුළුවන් databases වර්ග.

Web 

වර්තමානයේ ව්‍යාපාර සියල්ලම වගේ web මත පදනම් වන නිසා මේ සඳහා වඩාත් ආරක්ෂාකාරී සහ පහසු web hosting services සොයාගැනීම අත්‍යවශ්‍ය වනවා.cutomer ට වඩාත් සතුටුදායක web experience එකක් ලබාදීමට Azure web services භාවිතා කරන්න පුළුවන්. Azure මගින් web apps building සහ hosting වගේම HTTP-based web services සපයනවා. පහලින් දක්වලා තියෙන්නේ Azure මගින් ලබාදෙන web hosting services කිහිපයක්.

IoT 

මුල් කාලයේ අන්තර්ජාලය භාවිතා කරන්න පරිගණකය යොදාගත්තත් අද වනවිට online සම්බන්ද වෙන්න පුළුවන් devices ඕනෑ තරම් තියෙනවා.smart watches, smart thermostats, වගේම  smart refrigerators ඒවායින් කීපයක්. මේ හැම device එකකින්ම සිදු වෙන්නේ online accessibility එක මගින් වටිනා දත්ත එක් එක් ආකාරයට හැසිරවීම. මේ devices එක්ක සම්බන්ධ වෙලා මේ දත්ත analyze කිරීම සහ දත්ත හැසිරවීම IoT වලට අදාළ වෙනවා.මෙන්න මේ IoT සඳහා අවශ්‍ය වෙන තාක්ෂනයන් එහෙම නැත්තම් සේවාවන් Azure මගින් ලබාදෙනවා.

Big Data 

තොරතුරු තාක්ෂණයේ මුලිකම දේ දත්ත කියල කිව්වොත් වරදක් නැති තරම්. මේ දත්ත විවිධ වර්ගයෙන් වගේම විවිධ ප්‍රමාණ වලින් අපිට භාවිතා කරන්න ලැබෙනවා, Big Data ගැන කතා කරද්දී මෙන්න මේ data volume එක වැඩි අංශයටයි යොමු වෙන්නේ , සරලවම කිව්වොත් විශාල දත්ත ප්‍රමාණයක් හැසිරවීම ගැන. ගතවෙන සෑම මිනිත්තුවකම විවිධ වර්ග වල systems මගින් අතිවිශාල දත්ත ප්‍රමාණයක් නිපදවෙනවා, මේ දත්ත analyze කරන්න සහ ඒවයෙන් decisions ගන්න නම් අපිට ලොකු මහන්සියක් යොදන්න වෙනවා , මොකද දත්ත වල ප්‍රමාණය වගේම විවධත්වය වැඩි නිසා. ඉතින් මෙන්න මේ වැඩේට පහසුවක් විදියට තමයි Azure Big Data Services තියෙන්නේ. Open-source cluster technologies යොදාගනිමින් තමයි මේ services develop කරලා තියෙන්නේ. පහලින් තියෙන්නේ මේ විදියට Azure මගින් ලබාදෙන සේවාවන්.

AI

Artificial Intelligence වර්තමානය වෙනවිට යොදාගන්නේ නැති තැනක් නැති තරම්. ඒ වගේම AI කියන්නේ මොකද්ද කියන අවබෝධය බොහෝ දෙනාට තියෙන නිසා මෙතනදි Azure මගින් AI සඳහා ලබාදෙන services ගැන විතරක් සඳහන් කරන්නම්. පහලින් දක්වලා තියෙන්නේ වැඩි වශයෙන් භාවිතා වෙන AI සහ Machine Learning සඳහා Azure ලබාදෙන services කිහිපයක්.

 

මීට අමතරව ලබාගන්න පුළුවන් prebuilt APIs පහතින් තියෙනවා.

 

DevOps

DevOps මගින්  වෙන දේ සරලවම කිවොත් automating software delivery. Azure DevOps මගින්, Applications සඳහා  ඔබට අවශ්‍ය වෙන continuous integration, delivery, and deployment සමගින්, create, build සහ release pipelines සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. පහතින් දක්වලා තියෙන්නේ මේ විදියට Azure මගින් ලබාදෙන සේවාවන්.

 

අද ලිපිය ටිකක් දිග වුනත් Azure services ගැන හොඳ වැටහීමක් ලැබෙන්න ඇති කියල හිතනවා. මීළඟ ලිපියෙන් Azure ගැන තවත් වැදගත් දේවල් බලාපොරොත්තු වෙන්න. 

“Self Learning is Best Learning.”

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY