දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් එකතු වුන Microsoft සහ Apple

දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් එකතු වුන Microsoft සහ Apple

1630
0
SHARE

Braille Technology කියන්නේ ලෝකයේ දෘශ්‍යාබාධතා වලින් පෙලෙන පුද්ගලයන් විසින් කියවීම සඳහා භාවිතා කරනු ලබන technology එකක්. මේ තාක්ෂණය භාවිත කරලා writing, Internet browse කිරීමේ හැකියාව, Braille භාෂාවෙන් type කිරීම හා text එකක් print කිරීම, chat එකක් සඳහා සම්බන්ධ වීම, files, music, electronic mail යැවීම, burning music, හා documents කියවීම වගේ දේවල් ගණනාවක් කරන්න පුළුවන්. ඒ වගේම ඕනෑම විදිහේ විශේෂඥයෙක්ට තමන්ගේ අඩුපාඩු වලින් තොරව වැඩ කටයුතු කරගැනීමේ පහසුව සැලසී තිබෙනවා.

Braille තාක්ෂණය ලෝකයට හඳුන්වා දෙන්නේ Louise Braille විසින්. මොහුගේ දෑස කුඩා කාලයේදී  අනතුරකින් අහිමි වෙනවා. මොහු උපතින්ම ප්‍රංශ ජාතිකයෙක්. මේ නිසා වසර පහලවේදී ඔහු විසින් ප්‍රංශ බස සඳහා වෙනම වූ හෝඩියක් නිර්මාණය කරනවා. ඔහු විසින් මෙය සමාජ ගත කරනවා ටික කාලෙකින්. විවිධ සංස්කරණ වලට ලක් වෙලා මේ භාෂාව වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා. මෙහි අන්තර්ගත වෙන්නේ rectangular blocks, මේවා cells යන නමින් හඳුන්වනවා. ඒවගේ තිබෙන tiny bumps වලට raised dots කියන නම භාවිත වෙනවා. මේ cells හා dots පිහිටන ආකාරය අනුව අකුර කුමක්ද යන්න තීරණය වෙනවා.

USB Implementer Forum එහෙමත් නැත්නම් USB IF කියන්නේ Universal Serial Bus සඳහා පිහිටවනු ලබන ලද non-profit organization එකක්. මේ organization එක පටන් ගන්නේ 1995දී Hewlett Packard,  NEC,  Microsoft, Apple Inc., Intel හා Agere Systems කියන tech දැවැන්තයො එකතු වෙලා. මේ ආයතනය විසින් USB HID (Human Interface Device) standard එකක් හඳුන්වල දීල තිබෙනවා ඒ braille display සඳහා. මෙය අනිවාර්යෙන්ම දෘශ්‍යබාධිත පුද්ගලයන් වෙනුවෙන් IT ක්ෂේත්‍රයේ තබන ලද දිගු පියවරක් වනු ඇති. මේ standard එක මගින් ඉදිරි කාලයේදී පරිගණක සියල්ලම පාහේ දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා තවත් පහසු කරන එක අනිවාර්යෙන්ම සිදු වේවි. මේකෙන් දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනමම ඔවුන්ට ආවේණික වුනු devices සෙවීම නවතීවි. ලෝකයේ පාවිච්චි වන සියලුම operating systems හා devices සඳහා braille display භාවිතය හුරු කිරීම පවා සිදුවන්නට පුළුවන්.

“We see the opportunity that advancements in technology can create for people with disabilities and have a responsibility as an industry to develop new ways of empowering everyone to achieve more,”

මේ විදිහට ප්‍රකාශ කලේ Microsoft ආයතනයේ Windows accessibility program manager lead විදිහට කටයුතු කරන Jeff Petty විසින්.

මේ ප්‍රවෘත්තියේ වැදගත්ම කරුණ වෙන්නේ පරම්පරාගත වෛරකරුවන් දෙදෙනෙක් උන Apple හා Microsoft, මේ වගේ සමාජ සත්කාරයක් වෙනුවෙන් එකට එකතු වුන එකයි. අපි සිතමු මේ එකතුව හැමදාමත් තාක්ෂණික ලෝකය තවත් සවි බල ගන්වන්න හේතුවෙන්න කියලා.

නැවත හමුවෙමු…

Source: https://www.engadget.com/2018/05/31/microsoft-apple-usb-if-accessibility-braille-display-standard/

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY