Browsers වෙනුවට Cortana සහ Personal Assistants

Browsers වෙනුවට Cortana සහ Personal Assistants

2145
0
SHARE

Appleලගේ Siri සහ Androidලගේ Google සඳහා Microsoft එකෙන් ලැබුන පිලිතුර Cortana ය. මෙවැනි Personal Assistants, web browsers වෙනුවට නුදුරු අනාගතයේදීම භාවිතා වන බව Microsoft සමාගමේ වත්මන් CEO, Satya Nadella O’Reilly Next නම් ආර්ථික සමුළුවේදී පැවසුවා. ”මට දැනෙන විදිහටනම් AI යනු නොවැලැක්විය හැකි තාක්ෂණයක්.එය සිදු වෙන්නයි යන්නේ.” ඔහු ආරම්භක කතාවේදී පවසයි. මෙයින් අදහස් වෙන්නේ web browsers සම්පූර්ණයෙන් තුරන් වෙලා යන බවක් නම් නොවේ. එය භාවිතා වෙන ආකාරය වෙනස් වන බවයි. සුපුරුදු ලෙස mouse, keyboard යොදාගෙන අන්තර්ජාලයට සම්බන්ධ වනවා වෙනුවට සරලවම අපේ මේ Voice Assistant අපට තොරතුරු ලබා දෙයි. Nadella පවසන ආකාරයට මිනිසුන් වීදි දිගේ තම PI සමඟ කතා කර කර යනවා දකින්න ලැබෙන එක සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක් වන බවයි.

‘Hey Cortana’ is in my vocabulary. Having that become more pervasive is my pursuit,” ඔහු සමුළුවට පවසයි.

Windows devices සඳහා වගේම beta version එකෙන් iOS සහ Android සඳහා එන Cortana මෙය අනිවාර්යෙන් සිද්ධ වන දෙයක් බව ඔප්පු කරයි.

පහල ඇති වීඩියෝවෙන් Cortanaට කරන්න පුලුවන් දේවල් ටිකක් බලමු.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY