Cache: Microsoft Garage එකේ අලුත්ම ව්‍යාපෘතිය

Cache: Microsoft Garage එකේ අලුත්ම ව්‍යාපෘතිය

1916
1
SHARE

Microsoft Garage හි අලුත් project එක Cache. මෙය ඔබේ වැදගත් දේවල් bookmark කිරීමට උදවු කරනවා. මෙය ඔබේ iPhone එකේ සිට windows PC එක දක්වා වූ සියලුම දේවල් අතර synchronize උදව් වෙනවා.

කෙටි සටහන්, පින්තුර,වෙබ් පිටු,files,නිර්දේශිත කරුණු, සහ ඔබේ සටහන් තබා ගැනීමට Cache භාවිතා කරන්න පුළුවන්. ඔබගේ වැදගත් දේවල් ඔබට අවශ්‍ය ලෙස ව්‍යාපෘති, සේවා දායකයන්, කාර්යයන් හෝ අදහස් ආදී නම් වලින් groups නිර්මාණය කිරීමට පුළුවන්.

1472081142_capture-value_,zsrngkjlsdfbn_story

ඇත්ත වශයෙන්ම මෙම සියලුම අන්තර්ගතයන් ඔබේ device එක තුළින් අත් විදීමට පුළුවන්. මෙහි ක්‍රියාකාරීත්වය One Clip නමින් හදුන්වන Digital Clipboard across උපකරණට සමාන වේ.

Microsoft Garage හරහා අලුත් apps ගොඩක් පිටතට පැමිණුන ක්‍රමය මෙයයි. iOS සඳහා word flow keyboard එක, Android සදහා Arrow Launcher ඇතුළු බොහෝ දේවල් නිර්මාණයකලේ මෙම නිර්මාණකරුවෝමයි. Microsoft Garage website පරීක්ෂා කිරීමෙන් ඔබට එහි projects පිලිබඳව තව දුරටත් ඉගෙන ගන්න පුළුවන්. එහිදී වැඩිපුර විස්තර ලබා ගැනීමට ඔබට Microsoft account එකක් හරහා sign in වීමට සිදුවේ.

ඔබට cache තවමත් download කිරීමට නොහැකි වුවත්, sign up වීම තුළින් එහි පෙර දසුනක් ලබා ගැනීමට පුලුවන්. ඔබත් දැන්ම Microsoft Garage website වෙත ගොස් “sign up now” click කරන්න.

neowin.net ඇසුරිනි

Comments

comments

1 COMMENT

LEAVE A REPLY