Microsoft සේවකයන් Halo සහ Edge සමඟ HoloLense භාවිත කරන්නේ මෙහෙමයි…

Microsoft සේවකයන් Halo සහ Edge සමඟ HoloLense භාවිත කරන්නේ මෙහෙමයි…

3071
1
SHARE

Microsoftහි HoloLense උපාංගය තවමත් developersලා අතට පත්වී නොමැති වුවත්, එයින් නොනැවතී ඔවුන් තම උපාංගය පිළිබඳ කුතුහලය වර්ධනය කරමින් සිටි. ඒ අනුව පසුගිය සතියේ එවන් උදාහරණ කිහිපයක් දක්නට ලැබුණි.

එවැනි වූ ප්‍රථම අවස්ථාව ලෙස, මෑතකදී Microsoftහි සේවකයන් හට HoloLense Development Kit තම නිවෙස් වෙත ගෙන ගොස් පරිහරණය කොට එම අත්දැකීම අන්තර්ජාලයේ බෙදාගැනීමට ඉඩ සැලැස්විණි. පහත වීඩියෝව අනුව, HoloLense උපාංගය සම්පූර්ණයෙන්ම Windows 10 දිවෙන අගනා නිර්මාණයක් බවට පැහැදිලි වේ.

ඒ අනුව පැහැදිලි වන්නේ HoloLense උපාංගය අගනා holographic AR headset එකක් පමණක් නොව එය සාම්ප්‍රදායික පරිගණකයක් ලෙසද භාවිතා කල හැකි බවයි. නිදසුන් ලෙස එමගින් Halo stream කිරීමට හා අන්තර්ජාලයේ සැරිසැරීමටද හැකිය.

මෙයින් සත්‍ය වශයෙන්ම පරිහරණය කරන්නා දකින දේ පෙන්නුම් නොවුවත් එය උපාංගයේ කැමරාවන් දකින දේ වල එකතුවකි. එමෙන්ම මෙම වීඩියෝ නරඹන්නන් හට මෙම උපාංගවල ඇති සීමාකාරී දර්ශන පථය සත්‍ය වශයෙන්ම දක්නට නොලැබේ. එනම් මෙම වීඩියෝ මගින් වර්තමාන තත්වයට එහාගිය අත්දැකීමක් ලබාදෙයි. නමුත් එය අගනා නිර්මාණයක් නොවන බව එයින් අදහස් නොවේ. HoloLense use cases මගින් ඔබට පැහැදිලි අදහසක් ලබාගත හැකිවනු ඇත.

hololens_edge_instructions

දෙවනුව, පසුගිය රාත්‍රියේදී, HoloLense සමඟ Edge භාවිත කරන ආකාරය ඇතුලත් කෙටි tutorials අඩංගු Microsoftහි අභ්‍යන්තර වෙබ් අඩවියක් නිරාවරණය කරන ලදී. එහි user controls, hand gestures මත මධ්‍යගත වීම නිසා Edge වෙත අමතර පාලනය කිරීම්, AR headset එකක් සමඟ භාවිතයේදී හිමිවේ. එමගින් සරල tutorilas කිහිපයක් ඔස්සේ භාවිතකරන්නන් හට browser එක තුල scroll, drag සහ zoom කල හැකිවේ. ඔබටත් එලෙස HoloLense මගින් Edge භාවිත කිරීම සඳහා සූදානම් වීමට අවශ්‍ය නම් පහත tutorial වීඩියෝ නරඹන්න.

Comments

comments