Windows 10 Mobile උපාංග ප්‍රධාන ඒකක 3ක් යටතේ කාණ්ඩ කරයි

Windows 10 Mobile උපාංග ප්‍රධාන ඒකක 3ක් යටතේ කාණ්ඩ කරයි

2476
1
SHARE

Microsoft සමාගම ජංගම උපාංග සඳහාවූ නවතම මෙහෙයුම් පද්ධතියේ Preview Builds නිකුත් කිරීම ආරම්භ කලේ පසු ගිය පෙබරවාරී මාසයේදී. එතැන් පටන් විවිධ අංග වලින් යුතු Builds රැසක් නිකුත් කළා. අවසාන මහජන නිකුත් කිරීමටත් බොහොම කෙටි කාලයයි තිබෙන්නේ. මේ අතරේ වාර්තා වනවා Microsoft සමාගම Windows 10 Mobile මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංග ප්‍රධාන ඒකක 3 ක් යටතේ කාණ්ඩ කරන බව.

වාර්තාවට අනුව Microsoft සමාගම Windows 10 Mobile smartphones ප්‍රධාන කාණ්ඩ 3 ක් අනුමත කරනවා. ඒ Value Phone, Premium Phone සහ Value Phablet ලෙසින්. මේ එක් එක් කාණ්ඩ වලට අයත් උපාංග වල තිබිය යුතු පිරිවිතර සහ අවශ්‍යතාවයන්ද මැනවින් පැහැදිලි කර තිබෙනවා. Surface Pro 4, Lumia flagship දුරකථන කිහිපයක් සහ තවත් Lumia දුරකථන කිහිපයක් October 6 වෙනිදා පැවැත්වීමට නියමිත උත්සවයේදී එළිදරව් කිරීමට නියමිතයි.

Comments

comments