Copper Shadow සහ Dusk Shadow, Xbox One නව පෙනුමකින්

Copper Shadow සහ Dusk Shadow, Xbox One නව පෙනුමකින්

2358
0
SHARE

ඔබ මේ වෙනකොටත් දැකලා ඇති නවතම මිලිටරි පෙනුමක් ගත් game controllers series එක-Covert Forces, Armed Forces, සහ Midnight Forces.Game playersලාට ඔන්න තවත් අළුත් ආරංචියක්.අද Xbox One Wireless Controllers සඳහා විශේෂ සංස්කරණයක් නිකුත් කළා –Dusk Shadow සහ Copper Shadow.

Dusk Shadow එක නිල් පැහැයේ සිට කලු පැහැයට අනුක්‍රමයෙන් වෙනස් වන අතර Copper Shadow එකේ කලු පැහැයේ සිට තඹ පැහැයට වෙනස් වන වර්ණ සංකලනයකින් යුතුව මෙය සකස් කරලා තියෙන්නේ.Impulse Triggers, responsive thumbsticks, enhanced D-pad, සහ a 3.5mm stereo headset jack ඇතුළුව Xbox One Wireless Controller එකේ සියළුම විශේෂාංග මෙහි ඇතුලත් වෙනවා.

මේ මාසය අවසානයේ වගේ මෙය බෙදා හැරීම ආරම්භ කරන අතර මේ 2ම ඇ.ඩො.69.99ක් වෙනවා.විශේෂයෙන්ම Copper Shadow Wireless Controller එක Microsoft stores සහ GameStop වලින් ලබා ගත හැකි අතර, Dusk Shadow Wireless Controller එක සීමිතයි. Microsoft stores , Best Buy වලින් ලබා ගත හැක.

අද සිට මෙහි ඇණවුම් භාරගනු ලැබේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY