Cortana ත්‍රිමාන රූපී වෙයි.

Cortana ත්‍රිමාන රූපී වෙයි.

2179
0
SHARE

Microsoft ආයතනයේ Cortana Digital Assistant පාදක කර ගත් නව Devices නිර්මාණය කිරීම සදහා HP ආයතනය සහ Intel ආයතනය හවුල් කරුවන් ලෙස ගිවිසුම් තැබීම පසු ගිය දිනෙකදී සිදු කෙරුනා. මේ බව ප්‍රකාශයට පත් කිරීම සිදු වුනේ Harmon Kardon ආයතනය විසින් හදුන්වා දුන් Invoke කියන Cortana මූලික කර ගෙන නිපද වුනු Smart Speaker එක එළි දැක්වීමේ උත්සවයේදීයි.

Cortana කියන්නේ Microsoft ආයතනය විසින් නිර්මාණය කරපු Intelligent Personal Assistant කෙනෙක්. මේ වෙද්දි Cortana නිසා කාර්යබහුල ජීවිතයන් ගත කරන විශාල පිරිසකගේ වැඩ කටයුතු පහසු කර ගන්න හැකි වෙලා තිබෙනවා. Cortana කොච්චර වැදගත්ද කියනව නම් මේ වන විට එය PC’s, Smart Phones, Mixed Reality Head Sets සහ Car Software Systems වගේ විශාල පරාසයක් දක්වා විහිදිලා.

Cortana ගැන මුල්ම අදහස ඇති වෙන්නෙ Hologram Gaming Series එකක් වන Halo හි තිබූ කෘතිම බුද්ධියෙන් ක්‍රියා කරන ක්‍රිඩා චරිතයක් නිසයි. වර්තමානයේ Devices තුළ Cortana භාවිතා කෙරෙන්නේ ද්වීමාන ලෙසයි. නමුත් Software Developer කෙනෙක් වන Jarem Archer එහි ත්‍රිමාණ ආකාරය Holographic එකක් ලෙස නිර්මාණය කරන්න සමත් වෙලා තිබෙනවා.


ඔහු විස්තර කරන ආකාරයට මෙම 3D Version එක බල ගැන්වෙන්නේ 4GB RAM එකක් සහිත Windows 10 උපාංග හා platform lights පාලනය කෙරෙන built in Arduino පද්ධතියක් මගිනුයි. එහි මුදුනෙහි කැඩපත් 3කින් පරාවර්ථනය කෙරෙන portable USB Monitor එකක් සහිතයි. පහත රූපයේ දැක්වෙන Enclosure එක එහෙමත් නැත්නම් කොටුවක් ආකාරයෙන් දිස් වන උපාංගය ඔහු විසින්ම නිර්මාණය කරන ලද්දක්. අනතුරුව ඔහු PLA එකේ සැම කොටසක්ම 3D ආකාරයට නිර්මාණය කරනු ලැබුවා. ඒ වගේම මේ unit එක ඇතුලෙ ඉහලින් omnidirectional එහෙමත් නැත්නම් හැම පැත්තෙන්ම එන signal ග්‍රහණය කර ගන්නා microphone එකක් සහ පහලින් Cortana’s Pedestal එක සදහා නිර්මාණය වූ mini speaker එකක් තිබෙනවා.

Archer විසින් ඔහුගේ මෙම Cortana hologram එක ක්‍රියා කරවන Software setup එක ගැන අදහස් දක්වමින් කියා සිටියේ එය Unity 3D App එකක් මගින් නිර්මාණය වූ බවයි. මෙහි පලමු App එක මගින් Cortanaව වෙනස් Camera angle 3ක් යටතේ දර්ශනය කරවන අතර දෙවන App එක Proxy server එකක් ලෙසින් Cortana Web Service එකට ඇතුල්වන හා පිටවන දත්ත analyze කරනු ලබනවා. මෙම Proxy App එක මගින් පසුව Unity App එක තුල පෙන්වන Cortana Result queries, HTML ලෙස පරිවර්තනය කෙරෙනවා. ඉදිරියෙන් සිටින තනි පුද්ගලයෙකුගේ හිසෙහි චලනයන්ට අනුකූලව චලනය වන කැමරාවක් මගින් මුහුණ හදුනා ගැනීමේ හැකියාව(face Tracking) ලබා දී තිබෙනවා. ඒ වගේම මේ App එක මාර්ගයෙන් ඉහත සදහන් කල platform එකෙහි කෙලවර වටා දිවෙන LED strip එක පාලනය කිරීමද සිදු වෙනවා.

මේ සදහා චලන අධ්‍යයන අංශයෙන් ලැබුනු බිරිදගේ සහයෝගය මතක් කරමින් ඔහු කියා සිටියේ ඇය Cortanaට අවශ්‍යය animations නිර්මාණය කිරීමට Microsoft’s kinetic sensors දෙකක් භාවිතයෙන් චලන අධ්‍යයන සිදු කල බවයි. ඒ අනුව Cortanaහි අංග චලන නිර්මාණය වී ඇත්තේ ඔහුගේ බිරිදට අනුවයි.

සැම screen display එකක්ම විශේෂිත mock UI loop එකකින් සමන්විත අතර ඒ හැම loop එකක්ම screen එකක ආරම්භයේදී දිස්වේ. Cortanaගේ හැකියා පරාසය වැඩි දියුණු කිරීමට හා animations එක් කරමින් තව දුරටත් පුළුල් කිරීමට හැකි බවයි Archerගේ අදහස. මේ පිලිබද වැඩි දුර තොරතුරු ඔහුගේ වෙබ් අඩවිය තුලට පිවිසීමෙන් ඔබට ලබා ගත හැකියි.

Source : https://www.neowin.net/news/microsoft039s-cortana-assistant-becomes-three-dimensional-in-working-hologram-concept

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY