iOS සදහා Cortana beta app එක release වෙයි.

iOS සදහා Cortana beta app එක release වෙයි.

2573
0
SHARE

Microsoft සමාගම දී තිබු පොරොන්දුවක් ඉටු කරමින් පසු ගිය දා iOS cortana personal assistant beta version එක නිකුත් කරනු ලැබුවා. මේ වන විට cortana Beta App එක Apple සමාගමට අයත් TestFlight platform එක හරහා Test කරනු ලබමින් පවතිනවා. නමුත් TestFlight platform එකේදී එක application එකක් test කිරීම සදහා උපරිම සහභාගී විය හැක්කේ users ලා 2000 කට පමණක් නිසා වැඩි දෙනෙකුට cortana beta app එක test කිරීමට අවස්ථාව උදා වන්නේ නැහැ. කොහොම වුනත් ඉදිරියේ දී නිකුත් වීමට නියමිත pre-launch releases test කිරීමේ අවස්ථාව සෑම දෙනෙකුටම විව්‍යර්ථ වනු ඇතැයි බොහෝ දෙනා විස්වාශ කරනු ලබනවා.cortana-beta-icon

 

windows platform දී cortana සතු සියලුම features iPhone එක මතදී ඇති නමුත්, මෙම beta release එකේදී සමහර functions ඇතුලත් කර නොකර තිබෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, Android සදහා එකතු කරපු “Hey cortana” voice activation function එක මෙහි ඇතුලත් වෙන්නේ නැහැ. තවද people based reminders feature එකද, ‘favorite places’ එකතු කිරිමේ, edit කිරීමේ සහ delete කිරීමේ හැකියාවද මෙම release එකේදී ඇතුලත් කරලා නැහැ.cortana-beta-screes shot

නමුත් ඔබට cortana හරහා appointments යොදා ගැනීම, emails, text messages යැවීම, locations මත reminders ලබා ගැනීමට, flights, stocks, sports scores, කාලගුණය වැනි දේවල් track කිරීම, Bing search කිරීම, directions ලබා ගැනීම, restaurants, චිත්‍රපට සහ රුපවාහිනී වැඩසටහන් පෙළගැස්ම වැනි දේ පිළිබද තොරතුරු ලබා ගැනීම, apps open කිරීම , සහ තවත් බොහෝ දේ කල හැකියි.

Source: TechCrunch

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY