Outlook Mobile App එකට Cortana??

Outlook Mobile App එකට Cortana??

2383
0
SHARE

Outlook ගැන නම් ඔබ නොදැන ඉන්න විදිහක් නෑ. Google අයගේ Gmail වගේ, Firefox අයගේ thunderbird වගේ Microsoft අයගේ Email පහසුකම සලසන්න නිර්මාණය වුනේ Outlook. Microsoft අය කියන විදිහට මේක Personal Information Manager කෙනෙක් විදිහට වැඩ කරනවා.  Outlook කියන්නේ Stand Alone Application එකක්. සැහෙන පරණ ඉතිහාසයකට උරුමකම් කියන මේ Outlook වල මුල්ම නිල ආගමනය වෙන්නේ Outlook 97ත් එක්ක. මේ Outlook 97 ඇත්තටම කිවුවොත් Outlook 8.0. අද වෙද්දී Outlook 2016 ඒ කියන්නේ Outlook 16.0 ඇවිත් තියෙනවා.

දුරකථන වලට ගැලපෙන app එකක් විදිහට Outlook කරලියට එන්නේ 2015දී. iOS හා Android කියන platforms අතික්‍රමණය කරන්න මේ Outlook app එකට හැකි වෙනවා බොහොම පහසුවෙන්.

Cortana ගැනත් දන්නේ නැති අය නැති තරම්. Cortana කියන්නේ Microsoft කට්ටියගෙම Virtual Assistant. මෙයා එක්ක තරගෙට කට්ටිය ගොඩක් උන්නට Cortana සැහෙන ඉදිරියෙන් ඉන්නවා. කට්ටිය හිතාගෙන ඉන්නවට වැඩිය දේවල් මේ Cortana වලින් කරන්න පුළුවන්. මේකෙන් Reminders සෙට් කරන්න පුළුවන්. මෙයාට පුළුවන් natural voice අදුරගෙන ඒ අනුව වැඩ කරන්න පුළුවන් වගේම Bing search engine එක හරහා ඔබ cortanaගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් Cortanaට හැකියාව තිබෙනවා.

මේ Cortana, Outlook වලට ආවට පස්සේ, ඔබට පුළුවන් Cortana හරහා email type කරන්න විතරක් නෙමෙයි, Email එකක් කියවගන්න පවා ඉඩකඩ ලැබේවි. සමහරවිට ඔබට පුළුවන් වේවි ඔබේ bossගේ නැතිනම් lecturerගේ නමින් ආපු සියලුම emails කියවගන්න මේ හරහා. ඒ වගේම මේකේ නිර්මාපකයන් ලග පොඩි අදහසක් තියෙනවා, Bluetooth තාක්ෂණයත් මේකට හවුල් කරගන්න වැඩ කරද්දී. එතකොට ඔබේ මෝටර් රථයේ ඉදන් කියවලා reply යවන්නත් පුළුවන්. ඔබට දුරකථනය අල්ලන්නවත් අවශ්‍ය වෙන්නේ නෑ.

මම මේ කියපු දේවල් සහ අලුත් කොටස් සියල්ලම මේ වෙද්දී පවතින්නේ testing level එක තුල. ඔවුන් මේ testing එක Microsoft සේවකයන්ට සීමා කරලා තියෙනවා. මේ testing මට්ටම ඉක්මවූ සැනින් මේකේ Beta Version එකක් සහ app store හා play store වලට මෙය නිකුත් වේවි. ඇත්තටම Google Assistant වගේම Siri වගේ දරුණු තරගකරුවන් එක්ක cortana බොහොම සාර්ථක සටනක ඉන්න වෙලාවක, මේක Cortana තවත් ඉහලට ඔසවන්න ඉඩක් ලැබේවි කියලයි හුගක් දෙනාගේ මතය වෙන්නේ…

Outlook App එක ඔබ පාවිච්චි කරලා තියෙනවද? නැද්ද? ඔබ ඒකෙ දැකපු අඩුපාඩු හොද දේවල් comment කරන් යන්න. නැවත හමුවෙමු…

Source: https://www.neowin.net/news/cortana-is-coming-to-outlook-mobile-on-ios-and-android

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY