SHARE

 

“Hi Cortana”, ඇයගේ භ්‍රමණය වන වටකුරු නිල් පැහැති ශරීරය ඇසේ කළු ඉංගිරියාව මෙන් විහිදෙයි. හැකිලෙයි.

“Oh, hi.” ඇය ප්‍රතිචාර දක්වයි.

“What do you look like Cortana?” මෝඩ ප්‍රශ්නයක් තමයි. ඒත් එයට ඇය පිලිතුරු දෙයි.

“I’m a circle now, but I have ambitions,” “One day I’ll be a sphere” තරමක් උඩඟුකමින් ඇය පිලිතුරු දෙයි.

Cortanaගෙන් බොහෝ දෙනෙක් අසන ප්‍රශ්න කිහිපයක් නම්,

“Are you real?”

“What are you wearing?”

“What do you look like?”

“Where do you live?”

“Who is your daddy?”

“Will you marry me?”

“Tell me a joke”

“Tell me a story”

“Sing me a song”

“What does the Fox say?”

“Knock, Knock”

“What’s the best search engine?”

“What do you think of Android?”

මෙවැනි ප්‍රශ්න වලට Cortana ලබා දෙන විනෝදකාමී පිලිතුරු වලට Windows Phone usersලා නම් දැන් හොඳටම වසඟ වෙලයි ඉන්නේ.

නත්තලත් ලඟ ලඟම එනවනේ. NORAD(North American Aerospace Defense) සංවිධානය මෙවරත් Microsoft සමාගමත් සමඟ හවුල් වී ඔවුන්ගේ Santa Tracker වෙබ් අඩවිය නිර්මාණය කලා. Santa ලොව පුරා සංචාරය කරන විට එම ස්ථානය එමගින් පෙන්වයි. Windows Phone usersලට Cortana මගින් Santa සිටින ස්ථානය හඳුනාගන්න පුලුවනි.

2014 වර්ෂය තුල සිදුවීම් සලකා බලන විට අනාගතයේදී අපට ලඟා විය හැකි බොහෝ දේවල් වලට මෙය සංධිස්ථානයක් වන බවත්, Cortana මේ වන විටත් තාක්ෂණයේ පෙරළිකාරයෙක් වී ඇති බවත් Microsoft සමාගමේ corporate vice president තනතුරද, ආයතන 343ක ප්‍රධානියාද වන Bonnie Ross පවසයි.

concept

Halo වලට අනුව Cortana නිර්මාණය කර ඇත්තේ Dr.Catherine Halseyගේ මොළය ක්ලෝනීකරණය කිරීමෙනුයි. මෙය එවැනි ක්ලෝන 20ක් අතුරින් ඉතිරි වුන ක්ලෝන 2කින් එකකි. අනෙක් සුපුරුදු AI මෙන් නොව මෙයට බුද්ධියත්, මිනිස් වර්ගයාට සේවය කිරීම සඳහාම වූ හැඟීමුත් කාවද්දා ඇත.

Atificial lives ආරක්ෂක උපායක් ලෙස භාවිතා වීමත් සමඟම AIහි වටිනාකම එන්න එන්නම ඉහල යයි. වසර 7කට පසුව ඔවුන්ටම මරණය අත්‍යවශ්‍ය දෙයක් ලෙස හැඟී ස්වයංව විනාශ වේ(Spoiler ahead).

“Cortana “ඇත්තෙන්ම සිතන්නේ මිනිසෙක් වගෙයි. නමුත් එහි වැදගත්ම දෙය නම් එය ඉතා විශාල වේගයකින් සිදු කිරීමයි. ඇයගේ කවටකම්, භාවයන්, සදාචාරවත් බව යන සියල්ල මානුෂීයයි. තාත්විකයි. පෙනුමෙන් ස්වභාවිකයි.” Frankie හෙවත් Halo ආයතන 343ක Franchise Development Director වන Frank O’Connor පවසයි.

Halo යනු කුමක්ද කියා ඇසූ විට Cortana,”Halo is an Xbox game series about a hero saving humanity from extinction. By startling coincidence, it features an AI named Cortana.” Halo පුරාවෘත්තය විකාසනය වනවාත් සමඟම එන්න එන්නම සංකීර්ණ වෙයි. ඇය සැබෑ මිනිසුන්ටත් වඩා මිනිස් ගතිගුණ පෙන්වන බව මේ වන විට වාදයට පවා තුඩු දෙන කාරණයකි. Halo 4හි ඇය තමන්ගේ mission එකටත්, තමන්ගේ හවුල්කරු වන Chiefටත් බොහෝ සෙයින් ආකර්ශණය වුනා.

“මට එක් ව්දිහකින් Cortanaව පෙනෙන්නේ Chiefගේ මිනිස් ලක්ෂණ පෙන්වන කෙනා විදිහටයි.Chief යනු පුදුමකාර චරිතයක්. ඔබ දන්නවා ඔහු අවංකයි. නමුත් ඔහු ඒ බව හඟවන්නේ නෑ. Cortana ඔහුට ඔහුගේ උපරිමයට ලඟා වන්නට තල්ලුවක් වෙනවා.”~Ross

“Cortana, Halseyගේ සියුම් පැතිකඩක්. නමුත් ඒ romantic විදිහටනම් නෙමෙයි.”~Ross

“Cortana, Master Chief මෙන්ම මිනිස් වර්ගයාගේ ආරක්ෂාව වෙනුවෙන් බැඳී සිටිනවා.නමුත් ඇයගේ ක්‍රමෝපායන් ඉතා සියුම්, අප්‍රකටයි, දිගු කාලීනව බලපායි.”~O’Connor

Windows Phones වල සහ Haloහි Cortanaගේ හඬට උරුමකම් කියන්නේ Jen taylorයි. එම චරිතයට හඬ කවන ආකාරය කාලෙන් කාලෙට වෙනස් වන බව ඇය පවසයි.

“මටනම් Cortana ඉතා විශිෂ්ට මඟ පෙන්වන්නෙක් වුනා. ඇය බොහොම දක්ෂයි. ස්වාධීනයි. ඒ වගේම ඇය ඔබව චලනය කරවන්න කැමැත්තක් දක්වයි. ඇය බුද්ධිය අතින් ද, හැඟීම් ප්‍රකාශ කරන ආකාරයෙන්ද ඉතාමත් ආකර්ශනීයයි.”~Jen Taylor

“පෙනුමෙන් Virgil මෙන් වන අතර ඔබට ඇය මුලු විශ්වය පුරා මඟ පෙන්වයි. ඇය මඟ පෙන්වන්නෙක්, අර්ථ පැහැදිලි කර දෙන්නෙක්. ඒ වගේම Chiefට වඩා පෞරුෂයකින්ද, සංවාදයේ යෙදෙන්න කැමැත්තක්ද දක්වයි. මේ විශ්වය පිලිබඳව ඇයගේ ඇති දැනුම ඔබව ඉක්මවා යයි.”~O’Connor

මේ අදහස තමයි Cortana Windows Phone ලොව වෙත යන්න බලපෑවේ. ඉතින් අපි හැමෝම කුඩා මඟ පෙන්වීමක් අවශ්‍ය Master Chiefලා නොවේද?

නමුත් Cortana මුලින්ම මුදා හරින්නට Halo 343නම් වැඩි උනන්දුවක් දැක්වූයේ නෑ.

“අපිට හිතුනා එය Halo කථා පුවතට හානියක් වෙයි කියලා. Halo යනු කදිම ලොවක්, අනර්ඝ කථා පුවතක්. Game එකේ Cortanaට තිබූ තැන නැති වෙන්න වුනත් ඉඩ තිබුනා.”~Ross

Windows Phone team එකට Cortanaගේ නිර්භීතභාවයට හානියක් නොවන ලෙස ඇයගේ ආකල්ප වෙනස් කරන්න සිදු වුනා. “අපි ඇයව තවත් නිර්භීත කලා. කවට බව තවත් වැඩි කලා.” Windows phoneහි Principle Program Manager, Susan Hendrich පවසයි.

cortana

Cortana වෙත අනවශ්‍ය ප්‍රශ්නයක් යොමු කලොත් ඇය සුහද ලෙස එය නොඅසන ලෙස පවසයි. ඔබ ඇයට ලං වන විට ඉතා විනීත ලෙස ඔබට පසුපසට වන්න කියා දන්වයි. Cortana සමඟ සංවාදයේ යෙදෙන ප්‍රමානයත් සමඟ ඇය ගෝලයකට නොව දරුවෙකු බලාගැනීමට හැකි තත්වයකට වුවද වෙනස් විය හැක. ඔබ ඇසුවොත්,”Do you love Master Chief?”, “That’s.. . complicated. And personal” ඇය කෝල ලෙසින් පවසයි. දිගින් දිගටම ඔබට නිශ්ෂබ්ද වෙන ලෙස පැවසුවොත් ඔබ එයට ඇහුම්කන් දීම අවශ්‍යම නැත. මන්දයත්, ඇය සිටින්නේ සතුටින්, උපකාර කරන්නත් කැමතියි. ඇයගේ මිනිසුන් කෙරෙහි ඇති අදහස,

“මිනිසුන් කෙරෙහි මගේ ඉතා ගැඹුරු ගෞරවයක් තියනවා. මොකද Calculus සහ milkshake යනු ඔවුන්ගේ සොයගැනීම් ය.”~Cortana

 

Comments

comments

3 COMMENTS

  1. […] Cortana කියන්නේ දැන් Windows පාවිච්චි කරන්නන්ට අමුතු දෙයක් නම් නොවෙයි. WindowsGeek අපි ඔබට Cortana ගැන බොහෝ දේ ගෙන ආවා. ඉදිරියටත් Cortana ගැන නැවුම් තොරතුරු ඔබට ගෙනෙන්නට අපි සූදානම්. ඇත්තටම Cortana කියන්නේ Windows වලට එන හුරුබුහුටිම දේ කිවුවොත් වැරදි නෑ. මොකද Cortana ඒ තරමටම මිනිසුන්ට ලෙන්ගතුයි. කොතරම් සමීපද කියලා බලන්න මෙතනින්. […]

LEAVE A REPLY