Cortana reminders දැන් ඔබේ දුරකථනයටත්…

Cortana reminders දැන් ඔබේ දුරකථනයටත්…

4700
1
SHARE

Cortana කියන්නෙ Windows 10 භාවිතා කරන ඔබ නොදන්නා දෙයක් නම් නෙවෙයි. Cortana Virtual Assistant හරහා reminders set කරගන්න පුළුවන් කියන එක ඔයාලා දැනටමත් දන්න කරුණක්. හැබැයි මේ reminders දැක ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ PC එක ලග ඔයා හිටියොත් විතරයි. මේ නිසා reminders මගහැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හැබැයි ඔයාගේ phone එකටත් මේ reminders ගෙන්න ගන්න පුළුවන් නම් එක ගොඩක් හොදයි කියලා ඔයාලටත් හිතෙනවා නේද? ඉතින් අද මම කියන්න යන්නේ Windows 10 PC එකක තියෙන reminders කොහොමද ඔයා පාවිච්චි කරන iPhone එකට එහෙම නැත්නම් Android phone එකට sync කරගන්නේ කියලා.

iPhone, Android phone වලට හදුන්වා දෙන Cortana app එක නිසා මේ වැඩේ ගොඩක් ලේසියි. Cortana app එකට පුළුවන් reminders ගැන push notification ඔයාගේ phone එකට යවන්න.මේ නිසා PC එක ලග නොහිටියත් reminders, push notification විදියට ඔයාට ලැබෙනවා. ඒ වගේම තමයි phone එකෙන් reminder එකක් set කරත් ඒක ආපහු ඔයාගේ PC එකට sync වෙනවා.

ඉතින් මේ පහසුකම් ලබාගන්න නම් Cortana app එක ඔයාගේ phone එකේ install කරලා තියෙන්න ඕනේ. iPhone වලට නම් Cortana iPhone app පාවිච්චි කරන්නත් Android phone වලට Cortana Android app පාවිච්චි කරන්නත් පුළුවන්. මේ විදියට reminders sync කරගන්න නම් Windows 10 PC එකට sign in වුණු Microsoft account එකෙන්ම phone එකෙත් sign in වෙන්න වෙනවා. reminders ලබා ගන්න නම් notification enable කරන්න අමතක කරන්න එපා.

ඒ වගේම තමයි Cortana ඔයා ඉන්න තැන ගැනත් විමසිලිමත්. ඒ නිසා location feature enable කරලා තිබ්බොත් location-based reminders phone එකට ගෙන්න ගන්නත් කිසිම බාධාවක් නැහැ. උදාහරණයක් විදියට ඔයා කඩේකින් පෑනක් ගන්න කියලා reminder එකක් දාලා තිබ්බොත් Cortana ට පුළුවන් අදාල කඩේ තියෙන location එකට ඔයා ගියපු ගමන් ඒ පිළිබද මතක් කරන්න.

Cortana app එක, PC එකේ තියෙන Cortana ට සමානයි. Cortana app එකේ පහලම තියෙන menu open කරාම දිස් වෙන all reminders tap කරලා ඔයා set කරපු සේරම reminders බලාගන්න පුළුවන්. reminder එකට අදාල වෙලාවට PC එකේ reminders පෙන්වනවා වගේම ඔයාගේ phone එකට push notification එකක් එවන්නත් Cortana අමතක කරන්නේ නැහැ.

මීට අමතරව Cortana කාලගුණය, මාර්ග තදබදය ගැනත් notification එවනවා. හැබැයි ඒ දේවල් වුවමනා නැත්නම් Cortana app menu එකේ notebook වල තියෙන අනවශ්‍ය notifications disable කරන්නත් හැකියාව තියෙනවා. හැබැයි අමතක කරන්න එපා meeting and reminders enable කරලා තියන්න. නැත්නම් ඔයාගේ phone එකට තවදුරටත් reminder notifications එන්නේ නැහැ.

source : How-To Geek

Comments

comments

1 COMMENT

Leave a Reply to Cortana reminders දැන් ඔබේ දුරකථනයටත්… - Kolomthota Cancel reply