Cortana ජූලි මාසයේදී Android වලට

Cortana ජූලි මාසයේදී Android වලට

2417
2
SHARE

Microsoft සමාගම Cortana Virtual Assistant, Android මෙහෙයුම් පද්ධතිය වෙතට ගෙන එන බව දැනටමත් නිවේදනය කර අවසන්. දැන් අපිට දැන ගන්නට ලැබී තිබෙනවා ඒ පිලිබඳ වැඩිදුර විස්තර කීපයක්. Microsoft සමාගම ඊයේ දිනයේදී ප්‍රකාශ කළා Cortana හි Beta Version එකක් ජූලි මාසයේදී Android සඳහා නිකුත් වන බව.

කෙසේවෙතත් Android සදහා වූ Cortana, Windows ජංගම දුරකථන වල මෙන් 100% ක ක්‍රියාකාරීත්වයෙන් යුක්ත නොවෙනු ඇත. මිට අමතරව Cortana මගින් Android දුරකථනය ඔබේ Windows 10 පරිගණක හෝ අනෙකුත් උපාංග සමඟ පහසුවෙන් Sync කරගත හැක.

On your Android phone you can ask Cortana to remind you to walk the dog at 8pm in the evening, and then when you’re watching a movie your Xbox will interrupt playback to let you know it’s time to take the dog out.

 

ඉතාම මෑතකදී Google සමාගම නිවේදනය කලා Now on Tap සේවාව Android M මෙහෙයුම් පද්ධතිය සමඟ නිකුත් කරන බව. මෙමගින් පාරිභෝගිකයන්ට පහසුවෙන් තොරතුරු ලබා ගත හැකි වෙනු ඇත. තවද SoundHound ද Hound Beta app එක හදුන්වා දුන්නා. මෙහිදීද සිත් ඇද ගන්නා සුළු voice recognition තාක්ෂණයක් භාවිත කර තිබෙනවා. මේ අනුව Microsoft සමාගමට විශාල තරගයක් ලබා දීමට සිදු වෙනවා. නමුත් ඔවුන්ගේ cross platform integration නිසා එය එතරම්ම ගැටළුවක් නොවෙනු ඇත. Microsoft සමාගම Android සදහා Cortana නිකුත් කරන දිනය හරියටම පවසා නොමැති වුනත් වැඩි කාලයක් නම් ගත නොවෙනු ඇත.

Comments

comments

2 COMMENTS

Leave a Reply to ලංකා බ්ලොග් කියවනය Cancel reply