COVID-19 සහ තාක්ෂණය

COVID-19 සහ තාක්ෂණය

1764
0
SHARE

ලොව පුරා අවාසනාවන්ත ලෙස පැතිර යන covid-19 වෛරසයෙන් ජීවිත බේරාගැනීමේ සටනට තාක්ෂණික අංශයෙන් ලැබෙන සහයෝගය ගැන කතා නොකරම බැහැ. ලෝකයේ තාක්ෂණික දැවැන්තයන් වගේම නව නිපැයුම් සමගින් පෙරට පැමිණි නවකයන් පිළිබඳවත් විශේෂයෙන් සිහිපත් කල යුතුයි. මේ ලිපිය වෙන්වෙන්නේ ඒ වෙනුවෙනුයි.

Apple, Google එක්වෙයි

තාක්ෂණයේ දැවැන්තයන්  දෙදෙනෙකු වන Google සහ Apple සමාගම් COVID-19 හමුවේ අත්වැල් බැඳගැනීම විශේෂත්වයක්. ඔවුන් මෙලෙසින් එක්වී කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවා අංශ සඳහා වෛරසය ව්‍යාප්තිය පිලිබඳ දැනගැනීමට APIs සහ  OS-level තාක්ෂණයක් ලබාදීමටයි. මෙමගින් රෝගය  සමග කටයුතු කරන්නන්ට ඔවුන් වෛරසයට නිරාවරණය වී ඇත්දැයි දැනුවත් කිරීමක් ,alert එකක් ලබාදෙනවා. මැයි මාසය වන විට Android සහ ios සඳහා APIs නිකුත් කරන්නටත් ඉන් පසුව operating systems සඳහා Bluetooth-based technology එකක් ලබාදීමටත් නියමිතයි.

Rt.live virus tracker

Instagram founders ලා වන Kevin Systrom සහ  Mike Krieger විසින් COVID-19 tracker එකක් නිපදවා තිබෙනවා. මෙහි කාර්යය තමයි කොතරම් වේගයෙන් වෛරසය ව්‍යාප්ත වේදැයි මැනගැනීම. ඇමරිකාවේ ප්‍රාන්ත වල වෛරසයේ ව්‍යාප්තිය මිනුම් කිරීමටයි ඔවුන් මෙය ලබාදී තිබෙන්නේ.

MIT: Bluetooth ‘chips’


MIT පර්යේෂකයන් තවත් ආයතන වල විශේෂකයන් සමග එක්වී තවත් නිර්මාණයක් COVID-19 සටනට ලබාදී තිබෙනවා. ඒ තමයි bluetooth මගින් වෛරසය track කිරීම. PACT එනම් “Private Automatic Contact Tracing” නමින්  තමයි මේ system එක හඳුන්වන්නේ.එය සිදුවන්නේ මේ ආකාරයටයි. යම්  පුද්ගලයෙක් පසුගිය සති දෙකක කාලය තුල ලඟින් ඇසුරු කල පුද්ගලයන්ගේ ලැයිස්තුවක්  එනම් එක් එක් පුද්ගලයාගේ ජංගම  දුරකතනයට අවේනික කේතයක් bluetooth හරහා ඔහුගේ දුරකතනයේ database එකක ඇතුලත් වෙනවා. යම් විදියකින් මේ පුද්ගලයට COVID-19 ආසාධිත වුවහොත් ඔහුගේ දුරකතනයේ ඇති මෙම කේතයන් සෞඛ්‍ය අංශ විසින් මහජනගත කරනු ලබනවා. ඒ අනුව තමන්ගේ කේතය ඒ අතර තිබේදැයි දැන ගැනීමටත් තමන් වෛරසයට නිරාවණය වී ඇත්දැයි දැනගැනීමටත් අනිත් පුද්ගලයන්ට හැකිවනවා.

DeepCode’s dev platform now free for three months

AI සමගින් කටයුතු කරන developers ලට තමන්ගේ codes වල bugs check කරන්න පුළුවන් real time platform එකක් තමයි DeepCode කියන්නේ.ඉතින් ඉදිරි මාස 3ක් පමණ වනතුරු මේ අවස්ථාව නොමිලේ ලබාදෙන්න ඔවුන් තීරණය කර තිබෙනවා. මෙය programmers ලට හොඳ අවස්ථාවක් වන බවට ඔවුන් විශ්වාස කරනවා.

Twilio’s Video platform free

සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන සේවා වල  නියුතු පුද්ගලයන් සඳහා මාස 3ක කාලයක් සඳහා මේ විශේෂ සහනය ලබාදී ඇත.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY