Defender, Defender Security Center වුණේ මෙහෙමයි

Defender, Defender Security Center වුණේ මෙහෙමයි

2159
1
SHARE

Windows Security ගැන කතා කරද්දී Defender කියන්නෙ නිතැතින්ම මතකයට එන දෙයක්. හැබැයි ඔයාලා හැමෝම දන්න මේ Defender, නුදුරේදීම එන Creators Update එක්ක වෙනස් වෙනවා. ඒ windows Defender Security Center බවට. මේ තුලින් Microsoft සමාගම බලාපොරොත්තු වෙන්නේ Windows පරිශීලක ඔයාට හොද අඛණ්ඩ ශක්තිමත් ආරක්ෂාවක් ලබා දෙන එක.

වර්තමානයේ භාවිතා කෙරෙන Windows Defender බාහිර පෙනුමෙන් සම්ප්‍රදායික win 32 app එකක් වගේමයි. ඒ වගේම ඒකෙන් antimalware, antispyware වලට හොද ආරක්ෂාවකුත් ලබා දෙනවා.

Microsoft සමාගම විශ්වාස කරන විදියට windows Defender තුලින් PC security වලදී කතා වෙන five pillars ආරක්ෂා වෙන්න ඕනේ. ඇත්තටම දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති මොනවද මේ five pillars කියලා. ඒවා තමයි virus and threat protection, device performance and health, firewall and network protection, app and browser control සහ family control. මෙන්න මේ කියන five pillars වලින් තමයි අලුතින් එන Windows Defender Security Center වල dashboard එකේ බාහිර පෙනුම නිර්මාණය වෙලා තියෙන්නේ. හරියටම Windows 10 වල settings menu එක වගේ.

සම්ප්‍රදායිකව Microsoft Windows Defender, PC ආරක්ෂකයින් අතරින් අවසාන පුරුක විදියටයි සැලකෙන්නේ. මේ නිසාම පරිශීලකයන්ගේ අවධානය Kaspersky වගේ විසදුම් වලට යොමු වෙලා තියෙනවා. හැබැයි මේ third party security කල් ඉකුත් උනොත් එසැනින් antimalware ආරක්ෂාව ලබා දෙන්න windows defender අමතක කරන්නේ නැහැ. ඒ වගේම තමයි firewall run වෙන්නේ නැති උනත් ඔයාව ආරක්ෂා කරන්න Defender සූදානම්.

Windows Defender වගේම Windows Defender Security Center VPN සපයන්නේ නැහැ.හැබැයි මූලික network ආරක්ෂාවක් නම් ලබා දෙනවා. ඒ වගේම windows defender Center, device performance ගැන සැලකිලිමත්. Battery life, storage, windows update වල ප්‍රශ්න තියෙනවද කියලා Windows Defender Center අවධානයෙන් ඉන්නේ.

App and browser control හරහා තැනින් තැන විසිරිලා තිබුණු controls සහ settings එක තැනකට එකතු කරගෙන තියෙනවා. මේ කියන settings සහ controls මේ වෙද්දී windows සහ edge අතරෙයි විසිරිලා තියෙන්නේ.

වර්තමාන windows 10 family option වල ඔයාට දකින්න පුළුවන් options කිහිපයක් විතරයි. දැනට family devices කළමනාකරණය කරන්න සැලසුම් සහගත ක්‍රමයක් නැහැ. හැබැයි creators update හරහා ඒ පහසුකමත් ඔයාට සැලසෙනවා. මොකද කිව්වොතින් Defender Security Center family option හරහා ඔයාට family devices පහසුවෙන්ම කළමනාකරණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කවුද, මොනවද මේ වෙලාවේ කරන්නේ කියන එක ගැන අවධානයෙන් ඉන්නත් Defender Security Center සූදානමින්.

source – PCWorld

Comments

comments

1 COMMENT

Leave a Reply to Defender, Defender Security Center වුණේ මෙහෙමයි - Kolomthota Cancel reply