Dirror සමඟින් Windows 10 දැන් ඔබේ කැඩපතටත්…

Dirror සමඟින් Windows 10 දැන් ඔබේ කැඩපතටත්…

4804
1
SHARE

අපි පොඩි කාලේ අහපු සුරංගනා කතා වල කතා කරන්න පුළුවන් magic mirror එකක් තිබ්බා ඔයාලට මතක ඇති. ඒ නිසා magic mirror කියන සංකල්පය නම් අපිට අලුත් දෙයක් නෙමේ. ඉස්සර සුරංගනා කතා වල විතරක් තිබ්බ magic mirror එක දැන් ඇත්තටම හදලා තියෙනවා කිවුවොත් ඔයාලා පුදුම වෙයි.

Windows 10 IoT Core සහ Raspberry Pi ගැන දැනුමක් තියෙන අය අතර නම් magic mirror කියන්නේ ජනප්‍රිය සංකල්පයක්. නමුත් low powered hardware සහ limited software නිසා ඒ magic mirrors වල performance එක සීමා වෙනවා. එත් අද මං ඔයාලට කියන්න යන්නේ එහෙම සීමා නොවුන magic mirror එකක් ගැන. ඒ තමයි Dirror.

Dirror කියන්නේ Windows 10 full version එක run වෙන magic mirror එකක් කිවුවොත් නිවැරදියි. ජර්මනියේ Dirror සමාගම තමයි මේ  digital mirror එක හඳුන්වලා දීල තියෙන්නේ. Windows fans ලාට නම් Windows තමන්ගේ ජිවිතයට ලන් කරගන්න තවත් හොඳ අවස්ථාවක් විදිහට Dirror හඳුන්වලා දෙන්න පුළුවන්.

Dirror ගැන තව දුරටත් කතා කරනවා නම් පෙනුමෙන් මේක ලොකු tablet එකක් වගේ. ප්‍රමාණ 3කින් Dirror දැනට වෙළඳපොළට නිකුත් වෙලා තියෙනවා. ඒ එක් එක් Dirror වර්ගය අනුව එහි ඇතුළත් features වෙනස් වෙනවා. ඒ වගේම ඔබ කැමති වර්ණයකින් ඔබේ Dirror එක තෝරා ගැනීමේ අවස්ථාවත් ඔබට තියෙනවා. පහතින් දැක්වෙන්නේ ඒ එක් එක් Dirror වර්ගය සහ ඒවාට සුවිශේෂ වුන features.

Dirror S

Weight : 1 kg
Screen Size : 10.1 inch
Screen Resolution : 800 x 1280 Pixel
Processor : Intel Atom X5-Z8300 (Quad Core)
RAM : 2 GB
Memory : 32 GB
Price : 970,00 €

Dirror M

Weight : 8 kg
Screen Size : 23 inch
Screen Resolution : 1080 x 1920 Pixel [Full HD]
Processor : Intel Cherry Trail X7-Z8700 (Quad Core)
RAM : 4 GB
Memory : 128 GB
Price : 1.870,00 €-1.970,00 €

Dirror L

Weight : 9 kg
Screen Size : 27 inch
Screen Resolution : 1080 x 1920 (FullHD), 1440 x 2560 (WQHD)
Processor : Intel Cherry Trail X7-Z8700 (Quad Core)
RAM : 4 GB
Memory : 128 GB
Price : 1.739,50 €–2.075,63 €

Dirror කියන්නේ heavy computing සඳහා සකස් කරපු උපාංගයක් නෙමෙයි. Dirror කියන්නේ smart accessory එකක් කිවුවොත් වඩාත් නිවැරදියි. Dirror තුළ Windows 10 run වෙන නිසා Windows 10 පරිගණකයක අපි run කරන apps, Dirror තුළත්  run කරන්න පුළුවන්. Windows Store හි ඇති apps විතරක් නෙමෙයි Spotify සහ Sonos වැනි විශේෂාන්ගත් අපිට Dirror හරහා භාවිතා කරන්න අවස්ථාව තියෙනවා.

එදිනෙදා ජිවිතයේ අපිට අත්‍යාවශ්‍ය වෙන calendar, weather forecast, සහ notes වගේ features මේ තුළින් ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. මේ features වලට අමතරව Dirror ඇත්තටම කැඩපතක් විදිහට භාවිතා කරන්නත් ඔයාලට පුළුවන්. මෙවැනි උපාංගයක් නිර්මාණය කිරීමේ අරමුණ තමයි advanced features පහසුවෙන් භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම.

පහතින් දැක්වෙන්නේ Dirror පිළිබඳව සකස් කරපු video එකක්. Dirror ගැන අදහසක් ලබා ගන්න ඒක ඔයාලට ප්‍රයෝජනවත් වේවි.

source : Windows Central

 

Comments

comments

1 COMMENT

Leave a Reply to Dirror සමඟින් Windows 10 දැන් ඔබේ කැඩපතටත්… - Kolomthota Cancel reply