ඩොලර් ට්‍රිලියනයේ සමාගම – මයික්‍රොසොෆ්ට්

ඩොලර් ට්‍රිලියනයේ සමාගම – මයික්‍රොසොෆ්ට්

2469
0
SHARE

Microsoft සමාගම, ඩොලර් ට්‍රිලියනයක වටිනාකමක් පවත්වා ගත් ලෝකයේ තුන්වන ඇමරිකන් සමාගම බවට පත් වුණා පසුගිය මාසයේදී. මේ විදිහට ඩොලර් ට්‍රිලියනයක වෙළඳපොල වටිනාකමක් පවත්වා ගත් ආයතන අතර Microsoft හිමි කරගන්නේ තුන්වන ස්ථානය. ලෝකයේ මුලින්ම මේ ස්ථානය කරා පැමිණුනේ Apple සමාගම.  ඒ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී.

2007 වසරේදී චීනයේ PetroChina සමාගම ඩොලර් බිලියනයක වටිනාකමක් නිර්මාණය කරගන්න සමත් වුවත් එය පවත්වාගෙන යන්න සමත් වුනේ නැහැ. නමුත් ඔබට දකින්නට පුළුවන් ඇමරිකාවේ මුලින්ම ඩොලර් මිලියනයට ලඟා වුනේ තොරතුරු තාක්ෂනය හා සම්බන්ධ සමාගම් කියන දේ. මේ සටනේ ප්‍රථමස්ථානය Apple හිමිකරගන්නා වෙලාව වෙනකොට දෙවෙනි ස්ථානය කරා පිය නැගුවේ Amazon සමාගම. Amazon cloud, Amazon store වගේ මහා පරිමාණ සමාගම් ගණනාවක් මෙහෙයවන Amazon සමාගම ඩොලර් ට්‍රිලියනයක ඉලක්කය කරා ලඟා වීම ලෝකයට පුදුමයක් නොවුනත්, මේ වන තෙක් තාක්ෂණික ලෝකයේ සටන් කරුවෙක් වුනු Microsoft මේ ඉලක්කය කරා ලඟා නොවීම මුළු ලෝකයටම ගැටළුවක් වුණා පැහැදිලිවම.

ඔබ දන්නවද මේ ඕනෑම සමාගමක් මේ ට්‍රිලියනය කරා ගමන් කරද්දී ඔවුන්ගේ cloud සේවාවන් ඔවුනට සහය වී තිබෙනවා මේ තරම් විශාල ගමනක් ඉදිරියට යාමේදී. ඇත්තෙන්ම අපි කලින් ලිපි වලත් සඳහන් කළා වගේ Microsoft Azure නිර්මාණය වෙන්නේ සහ ගොඩනැගෙන්නේ Amazon සමාගම සතුව ඇති Cloud ඒකාධිකාරිය බිඳ හෙලීමේ අරමුණ ඇතිව. ලෝකයේ Cloud හාවිතා කරන්නන්ගේ ප්‍රථමස්ථානය හිමි කරගන්නේ Amazon. දෙවෙනි ස්ථානය Microsoft සහ තුන්වන ස්ථානය Google හිමි කරගන්නවා.

ඔබට යම් අදහසක් මම ලබාදෙන්නම් Microsoft සමාගම තමන්ගේ සාර්ථකම ව්‍යාපාර වලින් ලාභ ලබන්නේ කොහොමද කියලා.  Office, LinkedIn, and Dynamics මේ කාර්තුවේදී ඩොලර් බිලියන 10.2ක් මේ කාර්තුවේදී ආදායම් ලබද්දී, Azure cloud, server products, and enterprise services මෙම කාර්තුව තුල ඩොලර් බිලියන 9.7ක ආදායමක් උපයනවා. ඒ වගේම Windows, Xbox, and Surface යන නිෂ්පාදන පවා ඩොලර් බිලියන 10.7ක අදායමක් කරා ගමන් කරනවා මේ කාර්තුව තුලදී. Chris Capossela, Microsoft’s chief marketing officer පවසන ආකාරයටනම් මෙය සමරන්න තරම් අවස්ථාවක් නොවෙයි. ඔවුන්ට අනුව ඔවුන්ගේ පරාමිතීන් අතර මේ ඩොලර් ට්‍රිලියනයේ ඉලක්කය ඔවුන්ගේ ඉලක්කයක් නෙමෙයි, සංඛ්‍යාවක් යම් මට්ටමකට පැමිණීම සමරන්න දෙයක් නොවෙයි කියා ඔහු පැවසුවත් Microsoft ආයතනය මෙය සමරනවා කියන සිතුවිල්ල මා සතුවෙනවා.

නැවත හමුවෙමු…

Source: https://www.theverge.com/2019/4/25/18515623/microsoft-worth-1-trillion-dollars-stock-price-value

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY