Dynamics365 කියන්නේ මොකක්ද – 2

Dynamics365 කියන්නේ මොකක්ද – 2

1999
0
SHARE

කලින් ලිපියේ අපි basic කරුණු කිහිපයක් හරහා ගියා. මේ පාර කියලා දෙන්න හිතුවේ කොහොමද හරියටම මුදල් ගෙවීමකින් තොරව Dynamics365 full functions access කරන්නේ කියන කරුණ. මේකෙදි පොඩි ප්‍රශ්නෙකට තිබෙන්නේ full access account එක සදාකාලිකව නොමිලේ භාවිත කරන්න ලැබෙන එකක් නොවෙයි. ඔබට දින 30ක කාලයක් සඳහා තමයි මේ අවස්ථාව හිමිවන්නේ. නමුත් මේක trial account එකක් කියලා, කිසිම විදිහේ අඩුපාඩුවක් නැහැ. සියලුම functions වැඩ කරනවා සාමාන්‍ය account එකක් වගේම. මෙහිදී ඔබට options 4ක් හිමි වෙනවා. ඒ තමයි Dynamics365 for Sales, Dynamics365 for Customer Service, Dynamics365 for Field Service, Dynamics365 for Project Service Automation කියන හතර. මම මෙතන පහලින් තියන්නම් trail එකට free sign up වෙන link එක. ඒ තමයි,

http://trials.dynamics.com/

මේ URL එක load කරගන්න ඔබට පහත පරිදි වෙබ් අඩවිය load වෙනවා බලන්න පුළුවන්.

ඔබට පුළුවන් දකින්න මෙහි තිබෙනවා අපි ඉහත සඳහන් කල ප්‍රධාන අංශ හතර. ඔබට තිබෙන්නේ මෙහි එකක් select කරලා වැඩ පටන්ගන්න. ඔබ වැඩ කරන්නේ company එකක් සඳහානම් ඔබට පුළුවන් ඔබේ work email එක සහ දුරකථනය ලබාදීලා ඔබට account එක ලබාගන්න පුළුවන් සුළු මුදලක් මගින්. නමුත් මේ අපේ account එක හදාගන්න ක්‍රමය නෙමෙයි. දැන් ඔබට පුළුවන් මෙහි දකින්න පහත වැකිය.

Are you signing up on behalf of a customer or using this trial for development purposes? Sign up here.
මේකේ Sign up here කියන එක මත click කරන විට පහත පරිදි කොටුවක් දිස්වේවි.
 මේ window එකේ No,continue signing up select කරන්න. එවිට ඔබට පහත පරිදි form එකක් දක්නට ලැබේවි. ඔබට තිබෙන්නේ එය පුරවන්න.
මේක fill කලාට පස්සේ ඔබව යොමු වෙන්නේ create user id page එකට. මේ page එකේ ලබාදෙන details මත ඔබේ microsoft email එක decide වෙනවා. ඒක සාමාන්‍යයෙන් [email protected] විදිහට.
 
මීළඟ කොටු දෙකෙන් ඔබට ඔබේ මුරපදය එහෙමත් නැත්නම් password එක ලබාදීලා create my account මත click කරලා, මේ account එක ඔබට හදාගන්න පුළුවන්. නමුත් මේ වෙනකොට Microsoft තහවුරු කරගනිමකට ඔබේ දුරකථන අංකය ඉල්ලසිටිනවා.
මේ අංකය තහවුරු කරගන්න, ඔබට පුළුවන් text එකක් හෝ දුරකථන ඇමතුමකින් ඔබට ලැබෙන verify code එක තිරය මත type කරලා තහවුරු කරගැනීම කරන්න ඔබට පුළුවන්.
ඊළඟට ඔබට එන ගැටලුව වෙන්නේ ඔබට අවශ්‍ය scenario එක select කරගැනීම.
 මේකෙන් පස්සේ automatically ඔබේ dashboard එක ඔබට ලබාගන්න පුළුවන්. අපි කැමැතියි මේකෙන් යමක් ඉගෙනගත්ත කෙනෙක් මේ dashboard එකේ screenshot එකක් post එක පහලින් දමනවානම්. ඒක අපිටත් motivation එකක් වේවි.
නැවත හමුවෙමු…

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY