Microsoft සමාගමේ විභාගයක් සමත් වීමෙන් විශ්වවිද්‍යාල සඳහා credit හිමි කරගන්න

Microsoft සමාගමේ විභාගයක් සමත් වීමෙන් විශ්වවිද්‍යාල සඳහා credit හිමි කරගන්න

4220
1
SHARE

Microsoft සමාගම විසින් පවත්වනු ලබන විභාග සමත්වීමෙන් college credit හෝ Microsoft සමාගමේ සහතික හිමි කරගැනීමට හැකි බව ඔබ දැන සිටියාද? මීට වසර කිහිපයකට ප්‍රථම, Microsoft සමාගම සහ අධ්යාපනය පිළිබඳ ඇමරිකානු කවුන්සිලය(ACE) සමග සහයෝගීතාවක් ඇති කරගන්නා ලදී. ඒ අනුව Microsoft සමාගම විසින් පවත්වනු ලබන සමහර විභාග සඳහා කවුන්සිලය සමග සහයෝගීතාවන් ඇති කරගෙන සිටින විශ්ව විද්යාල සහ උසස් අධ්යාපන ආයතන college credit ලබාදීමට කටයුතු කරනු ඇත.

පහත දැක්වෙන්නේ ACE මගින් එලෙස college credit ලබාදෙන විභාග කිහිපයයි.

  • 70-321   Deploying Office 365
  • 70-323   Administering Office 365
  • 98-361   Software Development Fundamentals
  • 98-363   Web Development Fundamentals
  • 98-366   Networking Fundamentals
  • 98-367   Security Fundamentals
  • 98-375   HTML5 Application Development Fundamentals
  • 70-410   Installing and Configuring Windows Server 2012
  • 70-411   Administering Windows Server 2012
  • 70-412   Configuring Advanced Windows Server 2012 Services
  • 70-413   Designing and Implementing a Server Infrastructure
  • 70-414   Implementing an Advanced Server Infrastructure
  • 70-415   Implementing a Desktop Infrastructure
  • 70-416   Implementing Desktop Application Environment
  • 70-480   Programming in HTML5 with JavaScript and CSS3
  • 70-481   Essentials for Developing Windows Store Apps using HTML5 and JavaScript
  • 70-482   Advanced Windows Store Apps Development using HTML5 and JavaScript
  • 70-486   Deploying ASP.NET 4.5 MVC Web Applications
  • 70-487   Deploying Windows Azure and Web Services
  • 70-646   Pro: Windows Server 2008, Server Administrator
  • 70-680   TS: Windows 7, Configuring
  • 70-687   Configuring Windows 8
  • 70-688   Managing and Maintaining Windows 8
  • 70-346   Managing Office 365 Identities and Requirements
  • 70-347   Enabling Office 365 Services

ඉහත සඳහන් එක් එක් විභාග සඳහා හිමිවන credits ප්‍රමාණය සහ credits හිමි කරගැනීමට සුදුසුකම් ලබන සහතික පිළිබඳ දැනගැනීමට ACE CREDIT වෙත පිවිසෙන්න.

එම ක්‍රියාවලිය සිදුවන්නේ පහත දැක්වෙන අයුරෙනි.

  • ඔබ දැනටමත් විශ්ව විද්යාලයක ඉගෙනුම ලබන හෝ ඉගෙනීමට බලාපොරොත්තු වන අයෙක් නම්, ඇතුලත්වීමේ කාර්යාලය වෙත සම්බන්ධ වීමෙන්, ඔබ නිම කල හෝ කිරීමට බලපොරොත්තු වන විභාගය සඳහා credits ලබා දෙනවාද යන්න දැනගත හැකිය. එවන් සහයෝගීත්වය දක්වන විශ්ව විද්යාල ACE වෙබ් අඩවියෙහි දක්වා ඇති අතර සමාලෝචන කර්තව්යකින් අනතුරුව පිළිගත් විභාග හෝ සහතික සඳහා යෝජනා කොට ඇති credits ප්‍රමාණය ලබාදෙනු ඇත. නමුත් ලබාදෙන තීරණය සහ ලබාදෙන credits ප්‍රමාණය එම විශ්ව විද්යාලයේ අභිමතය පරිදි සිදුවේ. ඔබේ විශ්ව විද්යාලයත් ලැයිස්තුවේ ඇත්දැයි සොයා බැලීමට ACE Universities වෙත පිවිසෙන්න.
  • ඔවුන් Microsoft සමාගමේ විභාග සහ සහතික credits සඳහා පිළිගතහොත්, ඔබේ විශ්ව විද්යාලය සඳහා යැවීම සඳහා පිටපතක් ඔබට හිමිවේ. ඒ සඳහා ACE transcripts වෙත පිවිසිය හැකිය.

ඔබ තවමත් පාසැලෙහි ඉගෙනුම ලබන හෝ විශ්ව විද්යාලයක ඉගෙනීමට බලාපොරොත්තු වන්නකු නම්, ඉහත ලැයිස්තුව දෙස අවධානය යොමු කිරීම මගින් ඔබටත් උපාධියක් ලබාගැනීමට ආරම්භයක් ලබාගැනීමට පහසුවනු ඇත.

Comments

comments