අත්‍යවශ්‍ය සේවා සඳහා Azure Services මුලිකත්වය ලබාදෙයි!

අත්‍යවශ්‍ය සේවා සඳහා Azure Services මුලිකත්වය ලබාදෙයි!

1704
0
SHARE

Microsoft ආයතනය විසින් තමන්ගේ Azure services භාවිත කරන පිරිසගෙන් මුලින්ම ඉල්ලීම් කරන්නන්, අත්‍යවශ්‍ය සේවාවන් සහ හදිසි තත්වයන් වලට අවශ්‍ය වන තමන්ගේ capacity පිළිබඳව හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න තීරණය කර තිබෙනවා. ඔබට  සිතෙන්න පුළුවන් මිට කලින් ප්‍රතිචාර දැක්වුවේ ඉක්මනින් නොවෙයිද කියන දේ .

ඇත්තටම මේ විදිහේ තීරණයක් ගන්න හේතුව වුනේ මුළු යුරෝපයම රැකියා ස්ථාන වලින් බැහැර වෙලා තමන්ගේ නිවෙස් වල සිට Microsoft Teams accounts වලට log වීමත් සමඟ මාර්තු 16 වෙනිදා උදැසන කාලයේදී පැය දෙකක කාලයකට server බිඳ වැටීමක් වාර්තා වුණා. හැකි ඉක්මනින් ඔවුන් මේ තත්වය සමනය කරගත්තත් නැවතත් මෙවන් තත්වයක් අපේක්ෂා කර හැකි නිසා තමයි ඔවුන් මේ වගේ තීරණයක් ගෙන තිබෙන්නේ. මේ බිඳ වැටීමට හේතු වුනේ තමන්ගේ පරණ සේවාදායකයන් log වීම පමණක්ම නෙමෙයි, අලුත් තත්වයය සමඟ ඇති වුන නව ඉල්ලුම මෙයට  හේතුවක් වුණා.

මේ වෙද්දී Microsoft ආයතනය විසින්ම 24/7 තමන්ගේ performance සහ usage trends පරික්ශා කරනවා අලුතෙන් ඇතිවන හදිසි තත්වයකට මුහුණ දීම සඳහා. ඔවුන් තමන්ගේ Microsoft Azure Blog එක තුල පහත සටහන දක්වා තිබුණා.

“As demand continues to grow, if we are faced with any capacity constraints in any region during this time, we have established clear criteria for the priority of new cloud capacity,”

“Top priority will be going to first responders, health and emergency management services, critical government infrastructure organizational use, and ensuring remote workers stay up and running with the core functionality of Teams.”

ඒ වගේම Microsoft ආයතනය දැනුම් දෙනවා ඔවුන් මේ වන විටත් රාජ්‍ය තොරතුරු තාක්ෂණ කේන්ද්‍රයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඔවුන්ගේ cloud සේවාවන් නොකඩවා පවත්වා ගැනීමේ අරමුණින් local data centers වල සේවාවන් පවත්වා ගන්න.

මේ සටහන කියවන ඔබ නිවසේ සිටිනවා විය හැකිය. නමුත් තමන්ගේ ආයතනයේ රාජකාරි කරන සියලු සාමාජිකයන් සඳහා Satya Nadella විසින් තබන ලද සටහනේ හිතට වැදුණු ස්ථාන කිහිපයක් මා උපුටා දක්වන්න සිතුවා.

“we are in uncharted territory”

“One truth that brings me comfort is just as this virus has no borders, its cure will have no borders,”

“We are all in this together as a global community. For me, the best way I’ve found to get past this anxiety is to focus on what I can do each day to make a small difference.”

මේ හැමතැනකම දකින්න ලැබෙන්නේ කැපවීම, අවිනිශ්චිත බව සහ එකමුතුව. මේ සටහන මේ ලින්කුවෙන් ගන්න පුළුවන්.

සුභ දවසක්.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY