Microsoft device වලින් ඉවත් වන facebook සම්බන්දතාවය

Microsoft device වලින් ඉවත් වන facebook සම්බන්දතාවය

2537
0
SHARE

මේ වන තෙක් Microsoft  Devices  සමග පාරිබෝගිකයන්ට ලැබුන facebook සම්බන්දතාවය (facebook connect feature)  මේ වනවිට ඉවත් කිරීමට සමාගම තීරනය කර ඇත.
facebook connect නිසා අපිට පහසුවෙන් අපේ device එකත් facebook සමග සම්බන්ද කරගැනීමට සහ කෙලින්ම facebook හි පලකිරීමට හැකියාව තිබුනි. අපේ contacts වලට facebook එකේ contacts යවත්කාලීන උනෙත් මේ එක නිසාම තමයි.

ඉදිරියේදී අපිට share කරන කොට තිබුන facebook  option එකත් ඒ වගෙම facebook එකෙන් profile වලට  පින්තූර වැටෙන එකත් වගේම අපේ device එකෙන් facebook යන්නෙ නැතිව කරන status update සහ අපේ facbook albums , photo gallery වලින් බලාගන්න තිබුන අවස්තාවත් දැන් නැතිවෙනවා.

මේ feature එක දෙන්න Microsoft සමාගම පාවිචි කරේ facebook graph API එක. එකෙන් Contacts, Images  වගේ දේ වල් Outllok account එකට අරගෙන outlook account එකත් එක්ක device එක සම්බන්ද කරලා තම්යි මේ දේවල් මෙචර කාලයක් කරනු ලැබුවෙ.

facebook සමාගම මේ Graph API එක වෙනස් කිරීම නිසා තවදුරත් මේ දේවල් කරන්න තියන හැකියාව නැති විම තමයි මේකට හේතුව.
මේක නිසා තවදුරත් මේ features windows devices වලින් ඔබට දැකගැනීමට නොහැකි වේවි. (Microsoft සමාගම අලුත් විදියක් පාවිච්චි කරන තුරු )

මේක නිසා අපහසුතා ඇති වෙන Apps

Outlook.com Contacts
Outlook.com, Windows , Windows Phone and Office 365 Calendar sync
Windows 8.1 People app
Windows 8 People app
Windows 8 and Windows 8.1 Calendar app
Windows 8 Photo Gallery and Movie Maker
Windows 8 Photos App
Windows Phone 7 and 8 People app
Windows Phone 7 and 8 OneDrive
Windows Phone 7 and 8 Photos
Windows Live Essentials Calendar and Contacts
OneDrive Online
Outlook Social Connector in Outlook 2013
Office 365 Outlook Web App
Facebook සබඳතාවය ඉවත් කරන බව දන්වා එවන ලද email එක
Capture

 

Comments

comments