Fitbit Coach දැන් Xbox One හා Windows 10 උපාංග වලටත්

Fitbit Coach දැන් Xbox One හා Windows 10 උපාංග වලටත්

2424
0
SHARE

මීට පෙරත් අපි Fitbit ගැන තොරතුරු ගෙනැවිත් තිබෙන නිසා ඒ ගැන ඔබට යම් අවබෝධයක් ඇති. කෙටියෙන්ම කියනවා නම් Fitbit කියන්නේ අපේ ශරීරයේ යෝග්‍යතාව සම්බන්ධ යම් යම් මිනුම් ලබාගන්නට හැකි පරිදි සාදා තිබෙන activity tracker එකක්. ඒ වගේම Fitbit skill එක Cortana වලට එකතු වුනා කියලත් පසුගිය වසරේ අපි ඔබට කිව්වනේ. මේ කියන්න යන්නේ Fitbit Coach app එක දැන් අලුතින්ම Xbox one හා Windows 10 devices සඳහාත් support කරනවා කියන එක.

මෙම අත්දැකීම විඳගන්නට ඔබට අවශ්‍යය කරන්නේ මොනවාද?
Fitbit tracker එකක්/ Smartwatch එකක්
Microsoft Xbox one console එකෙහි පහත ඕනෑම version එකක්
Xbox One
Xbox One S
Xbox One X      හෝ
Windows 10 device එකක්

මෙම මුහුවීමත් සමඟ ලැබුණු අලුත් features අතුරින් ඔබගේ හෘද ස්පන්දන වේගය සජීවීව දැකගන්නට හැකිවීම හඳුන්වා දෙන්නට පුලුවන්. මේ සඳහා ඔබට,

Heart rate එක track කල හැකි Fitbit tracker/ Smartwatch එකක්
Fitbit Coach app එක install කල Microsoft Xbox one console එකක්  හෝ Windows 10 device එකක්
Fitbit app එක install කල Windows device එකක් අවශ්‍යය වෙනවා.

මෙමඟින් කොහොමද heart rate එක බලාගන්නේ?

  1. මුලින්ම ඔබේ Windows 10 device එකෙන් Fitbit app එකට log වෙන්න. මෙහිදී ඔබ Fitbit Coach app එකට log වූ Microsoft account එකෙන්ම log වීමට මතක තබාගන්න.
    2. දැන් ඔබ log වුනු Windows 10 device එක සමඟ Fitbit device එක sync කරන්න.
    3. Fitbit Coach app එක open කරගෙන එහි ඇති heart (♥) icon එක tap කරන්න. දැන් ඔබට දකුණුපස ඉහලින් ඔබේ heart rate එක බලාගැනීමට පුලුවන්.

මේ ආකාරයට ඔබ එදිනෙදා කරන ඕනෑම වැඩකදී මෙය භාවිතා කරන්නට පුලුවන්. මෙම ප්‍රධාන feature එකට අමතරව Fitbit Coach මඟින් ඔබට සුදුසු ව්‍යායාම විධි, ඒවාට අදාල video workouts පවා ලබාගන්නට පුලුවන්. Xbox සඳහා මීට පෙර ක්‍රියාත්මක වූ Xbox Fitness සමුගැනීමත් සමඟම පැමිණි Fitbit Coach app එකද ඉතාම හොඳ විකල්පයක් බව කිවයුතුමයි.

මෙතැනින් Fitbit Coach download කරගන්න.

Source: https://www.neowin.net/news/fitbit-coach-is-coming-to-the-xbox-one-and-windows-10-devices

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY