Microsoft Hololence සමග ඉදිරි අනාගතය

Microsoft Hololence සමග ඉදිරි අනාගතය

12468
3
SHARE

 

කවදත් නවමු ආකාරයේ තාක්ෂනයන් ලොවට හදුන්වාදුන් Microsoft සමාගමේ නවතම නිෂ්පාදනය වන්නේ Microsoft Hololence ය. Hololence යනු Windows 10 මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන ලෙස නිෂ්පාදනය කල හිසේ පළදින පරිගණකයකි. AR (Augmented Reality) යන නාමය ඔබ අසා ඇති. AR යනු සාමාන්‍ය පරිසරයේ ඇති වස්තු ඩිජිටල්කරණය වී පෙනෙන තාක්ෂණයයි. එම ඝනයට වැටෙන Hololence අනාගත පරිගණක ලෝකය වෙනස් කරන නිර්මාණයක් වනු නොඅනුමානය.

Hololence බිහිවන්නේ Microsoft සමාගමේ Alex Kipman ගේ නිර්මාණයක් ලෙසය. මිට පෙර ඔහු ලොවට හදුන්වා දුන් Kinect නම් චලන සංවේදක Xbox උපාංගය මේ වනවිට ලෝකයේ බොහෝ ජනප්‍රිය Xbox gamming උපාංගයකි. අදට වසර 5 කට පමණ පෙර සිටම මේ සදහා Microsoft සමාගම පර්යේෂණ  සිදුකර තිබුණි. Kipman ගේ මුලිකත්වයෙන්  මෙම Hololence ව්‍යාපෘතිය Project Baraboo සහ Project B ලෙස හැදින්විය. එසේ පර්යේෂණ කර මේ වනවිට එළිදැක්වා ඇති Hololence පරිගණකය ජනතාවට අත්විදිමට 2015 සැප්තැම්බර් පමණ වන විට අවකාශ ලැබෙන බව විශ්වාස කෙරේ.

Hololence යනු එය පැලද සිටින්නා ගේ අවට පරිසරය ට Holographic ක්‍රමයට ත්‍රිමාණ වස්තු ප්‍රක්ෂේපනය කර කෘතීම ලොවක් මැවිමයි. එමගින් තමා එම පරිසරයේ ජිවත්වන බවක් දැනවීමට හැකිවන අතර පරිගණක තිරයකින් මෙන් 2D නොව ත්‍රිමාණව සියලු වස්තු දැකගත හැකිවේ. Hololence පරිගණකය fully untethered එනම් laptop, phone, wire, wifi ආදී කිසිදු සම්බන්ධතාවක්, උදවුවක් නැතිව තනිව ක්‍රියාත්මක විය හැකි පරිගණකයකි. මෙම Hololence පරිගණකය පැලද ගත් විට මැවෙන කෘතීම ලෝකය ඔබට ඇගිලි තුඩු වලින්, කටහඩින් හා චලනයන්ගෙන් පාලනය කල හැක. එවිට ඔබට කිසිවිටෙකත් පරිගණකයක් සමග වැඩකරනවාය යන හැගීම ඇති නොවනු ඇත.


Hololence හි කෘතීම වස්තු මැවීම සිදුවන්නේ Hololence උපාංගය තුල ඇති light engine මගින් නිකුත් කරන මිලියන ගණන් ආලෝක අංශු මගිනි. එසේ නිකුත් කරන ආලෝක කිරණ නැවත Hololence තුල ඇති Lence යුගල මගින් ග්‍රහණය කර එමගින් ස්වභාවික වටපිටාව තුල කෘතීම වස්තු මැවී පෙනෙයි.

Hololence පැලදගත් විට අවට පරිසරය තුල මවන වස්තු තුල නව Windows 10 මෙහෙයුම් පද්ධතිය මැවෙනු ඇත. එතුල ඔබ ප්‍රියතම Apps, Games, Photos, Videos ආදී සියල්ල ත්‍රිමාණ ලෙස පෙනෙනු ඇත. ඔබේ වැඩකරන කාමරය තුල වැඩසටහන් සියල්ලම කැමති ආකාරයෙන් දිගහැරිය හැක. ඔබට අවශ්‍ය නම් Photos, Videos, Apps ඔබේ බිත්තිය මත එල්ලිය හැකිය. ඔබේ මේසය මත කැඩ් ආකාරයේ නිර්මාණ මවා වෙනස් කල හැකිය. එනම් ඔබට අවැසි සියලු දේ ඔබ ඉදිරිපිට නිර්මාණය වේ. මේ සියල්ල සමගින් ඔබට ඇගිලි තුඩු අවකාශයේ එහා මෙහා කරමින් පාලනය කල හැකිය. අප Transformers වැනි චිත්‍රපට තුල දුටු තාක්ෂනයන් මේ සමග සැබෑවක් වනු නොඅනුමානය.

Image03

Hololence භාවිතා කරමින් ඉංජිනේරු, වෛද්‍ය, අභ්‍යවකාශ, ආදී ක්ෂේත්‍ර වල කටයුතු තවත් කාර්යක්ෂමව කරගැනීමට හැකිවන බව පැවසේ. තවද අනාගතයේදී මේම තාක්ෂණයත් සමග තවදුරටත් පරිගණක තිරයක් දෙස බලා සිටීමේ කාලය අවසන් වනු ඇත. Microsoft Hololence යනු එම කාර්යයේ යෝධ පිම්මක් ලෙස සැලකිය හැකිය.

මෙම උපාංගය  Alex Kipman විසින් ලොවට පෙන්වූ හැටි මෙතනින් . මෙම Link එක ඔස්සේ ඔබට බොහෝ තොරතුරු දැනගත හැකිය.

Comments

comments

3 COMMENTS

Leave a Reply to Microsoft Hololens එක අභ්‍යාවකාශයට - Windows Geek Cancel reply