Geanee සමාගම Windows 10 Mobile සඳහා හුරුබුහුටි Japanese handset එකක් හඳුන්වාදෙයි

Geanee සමාගම Windows 10 Mobile සඳහා හුරුබුහුටි Japanese handset එකක් හඳුන්වාදෙයි

2139
1
SHARE

පසුගිය මාස කිහිපය පුරාම, විවිධ නිෂ්පාදකයන් ලඟදීම නිකුත් වීමට නියමිත Windows 10 Mobile සඳහා සිය handsets හඳුන්වාදෙන පුවත් රැසක් අප වෙත දැනගන්නට ලැබුනා. එලෙසම ජපානයේ ප්‍රකට handsets නිෂ්පාදකයෙක් වන Geanee සමාගම, සිය නවතම budget handset එක හඳුන්වාදී තිබෙනවා. Geanee WPJ40-10 ලෙස නම් කොට ඇති මෙම handset එක Windows 10 Mobile ලොව පුරා නිකුත් වීමත් සමගම මූලිකව ජපානයේ වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත අතර මෙය Windows 10 Mobile ecosystem එකට ලාභදායී handset එකක් ලෙස ඇතුලත් වීමට නියමිතයි.

හුරුබුහුටි අඟල් 4ක තිරයකින් සහ 800×480 resolution එකකින් යුත් මෙම handset එක ඇ.ඩොලර් 105කට අලෙවි කිරීමට නියමිතයි. මෙම උපාංගය undisclosed low-end processor එකකින් බලගැන්වෙන අතර 1GB RAM එකකින් සහ microSD මගින් වර්ධනය කරගත හැකි 8GB අභ්‍යන්තර ධාරිතාවකින් යුක්ත වෙයි. ඉදිරිපස 2MP සහ පසුපස 5MP කැමරා දෙකකින් යුක්ත මෙය high quality photo shoot සඳහා සුදුසු නොවේ. බොහෝ Windows දුරකතනවල මෙන්ම මෙහිද පසුපස ආවරණය වර්ණ කිහිපයකින් යුක්ත වන අතර දුරකතනයේ තිරය වටා සුදු හෝ කලු පැහැති bezel එකකින් සමන්විත වේ.

මේ අනුව අනාගතයේ Windows 10 Mobile ලොව පුරා නිකුත් වීමත් සමග විවිධ වර්ගයේ උපාංග දැක බලාගත හැකිවනු ඇත. තවද ජපාන නිෂ්පාදකයින්ද Windows 10 Mobile සමග නිකුත් කිරීමේ අරමුණින් මෑතකදී විවිධ hansets හඳුන්වාදෙන ලදී.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY