ඉතින් ආයුබෝවන් Windows 7 ගරූ

ඉතින් ආයුබෝවන් Windows 7 ගරූ

2652
0
SHARE

ඔබ ළඟ තිබෙන පරිගණකයක අදටත් තිබෙන්නේ Windows 07 නම් මේ සඳහා බලපාන ලද හේතු ගණනාවක්ම තියෙන්න පුළුවන්. පලවෙනි හේතුව ඔබේ අමතක කරන්න බැරි මතකයක් මේ තුල තිබෙනවා වෙන්නට පුළුවන්. දෙවැනි හේතුව ඔබ Windows 10 වලට කිසිම ප්‍රියතාවයක් දක්වන්නේ නැති කෙනෙක් වෙන්නට පුළුවන්. තුන්වෙනි කරුණ ඔබ මහා කම්මැලියෙක් වන්නට පුළුවන්. මේ කුමන හේතුව නිසා ඔබ Windows 7 තුල ජිවත් වුවත් දැන් මෙයින් මිදීමට කාලය පැමිණ තිබෙනවා. ඒකට හේතුව වෙන්නේ 2020 වසරේ ජනවාරි මාසය වෙනවිටWindows  7 සඳහා Microsoft විසින් සපයන security updates සියල්ල සහ සියලුම free services නවත්වා දමන්නට තීරණය කර තිබීම.

Windows 7 ගැන පොඩි විස්තරයක් කිවොත් 2009 වසර අවසානයේදී වෙළඳපොළට පැමිණුනු මොහු Windows XP වල තිබුන lag වීම හා Windows Vista සිතුව තරම් user friendly නොවීම නිසා ඉක්මනින් කරලියට ආවා. Vista වල තිබුණු accessoriesම ඊට වඩා හොඳින් යාවත්කාලීන වුනු versions සමඟ Windows 7 කරලියට ආවා. මේ accessories වලට Windows Media Center, Windows Media Player හා Internet Explorer 8 පවා අයත් වෙනවා.

Image result for windows 7 shutdown

Microsoft විසින් ඒ වන විට නිකුත් කර තිබු OS අතරින් සාර්ථකම OS එක වුනේ Windows 7. මේකට පස්සේ පැමිණුනු Windows 8 මිනිසුන්ගේ සිත් ඇදගන්නට සමත් වුනේ නැහැ. මේ නිසා නැවතත් සියලු දෙනා Windows 7 වෙතටම පැමිණුනා. Windows 8.1 OS එක Windows 8 වලට වඩා සෑහෙන ඉදිරියෙන් සිටියත් Windows 7 පසු කරන්නට හැකි වුනේ නැහැ කියන එකයි මගේ මතය. නමුත් Windows 10 ඇවිත් Windows 7 පසු කර ගියා කියන දේ අවිවාදයෙන් යුතුව පිළිගත යුතුයි. මේ වසර ආරම්භයේදී තමයි Windows 10 වලට හැකි වුනේ Windows 7 සංඛ්‍යාත්මකව පසු කර යන්න.මේ ගැන අපි ලිපියක් පවා පළ කළා ඔබට මතක ඇති.  ඔබ පිළිගන්න ලෝකයේ අදටත් පවතින පරිගණක වලින් 42%කට අධික ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ Windows 7.

Windows 7 භාවිත වන පරිගණක හුඟක් ඒ විදිහටම පවතින්න හේතුව වුනේ ඒවගේ තිබෙන RAM Processors වල තිබෙන පරණ ගතිය සහ අද තියෙන නුතන පරිගණක ළඟින්වත් තියන්න බැරි කම. මේ නිසා පරිගණක රාශියක් කුණු ගොඩට එකතු වේවි කියලා Microsoft සමාගම අපේක්ෂා කරනවා 2020 වසරේ ජනවාරි මාසයෙන් පස්සේ!

නැවත හමුවෙමු…

Source: https://thenextweb.com/microsoft/2019/01/14/goodbye-old-friend-microsoft-to-end-support-for-windows-7-in-one-year/

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY