SHARE

Code.org කියන්නේ Hadi Partovi විසින් මෙහෙයවන ලාභ නොලබන සංවිධානයක් මෙන්ම වෙබ් අඩවියක්. මේ හරහා සිදු වෙන ප්‍රධානම කාර්යය වන්නේ ජනතාව පරිගණක විද්‍යාව කෙරෙහි යොමු කිරීමයි. විශේෂයෙන්ම සිසුන්ව. Hadi සහ Ali Partovi විසින් Code.org දියත් කරලා තිබෙන්නේ 2013 වසරේ ජනවාරි මාසයේදී.

Hadi and Ali Partovi
Hadi and Ali Partovi

පරිගණක ක්‍රමලේඛනය (Computer programming) සඳහා පිවිසීම සඳහා ළමුන් තුල ආශාවක් ඇති කිරීමට මේ වැඩසටහන සමත් වෙලා තිබෙනවා. ඔහු මෙම වැඩසටහන ආරම්භ කරන කාලයේදී ඇමරිකාවේ පාසල් වලින් 90% කම පරිගණක ක්‍රමලේඛනය උගන්වා නැහැ. නමුත් දැන් ඒ තත්වය වෙනස් වෙලා. මේ වැඩසටහනේ ආරම්භකයා වන Hadi පවසන්නේ මේ පිළිබඳව අදහස තමාට පැමිණියේ 2011 වසරේ Apple සමාගමේ නිර්මාතෘ Steve Jobs ගේ මරණය සිදු වූ දිනයේ බවයි. එදායින් පසුව මෙම වැඩසටහනේ සුභ සිද්ධිය වෙනුවෙන් තම සම්පූර්ණ කාලය වැය කරන්නට ඔහු තීරණය කර තිබෙනවා.

2013 වසරේ පෙබරවාරි මාසයේදී පරිගණක ක්‍රමලේඛනයේ ඇති වැදගත්කම පෙන්වා දෙන වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. එහි අදහස් ප්‍රකාශ කර ඇත්තේ Mark Zuckerberg, Bill Gates, Jack Dorsey සහ තවත් ව්‍යවසායකයන් කිහිපදෙනෙක්. සති කිහිපයකට පසුව මෙම වීඩියෝවට විශාල ජනප්‍රසාදයක් ලැබුණු බව TechCrunch වාර්ථා කරලා තිබෙනවා. Code.org සඳහා විවිධ තාක්ෂණික සමාගම් වලින් ඩොලර් මිලියන දහයක පමණ මුදලක් එකතු කර ගන්නට හැකියාව ලැබිලා තිබෙනවා.

Flappy Bird පරිගණක ක්‍රීඩාව වෙබ් අඩවියේ block visual programming language එක භාවිතා කර සකසන ආකාරය දැක්වෙන පැයක කාලසීමාවක් සඳහා වූ tutorial එකක් 2014 වසරේදී පල කළා. ළමුන් අතර ජනප්‍රිය Frozen,Angry Birds සහ Plants vs. Zombies හි චරිත යොදාගනිමින්ද එවැනිම වැඩසටහන් නිර්මාණය කළා. 2014 වසරේ දෙසැම්බරයේදී Indiegogo crowdfunding ව්‍යාපාරයක් හරහා සිසුන්ගේ අධ්‍යාපනය ඉහල නැංවීමට ඩොලර් මිලියන 5 ක මුදලක් එකතු කරගන්නට code.org සමත් වුනා. සමස්තයක් ලෙස පාසල් සිසුන් මිලියන 100 කට අධික ප්‍රමාණයකට code.org හරහා සෙත සැලසී තිබෙනවා. මේ වසරේ නොවැම්බර් මාසයේදී Microsoft සමාගම නිවේදනය කළා සිසුන්ට පරිගණක කේතකරණය ඉගැන්වීමට Minecraft ක්‍රීඩාව tutorial එකක් ලෙස ලබා දෙන බව. 2013 වසරේ දෙසැම්බර් 9 වෙනිදා සිට 15 වෙනිදා දක්වා පැවති පරිගණක විද්‍යා අධ්‍යාපන සතියේදී, “Hour of Code Challenge” එක code.org වෙබ් අඩවිය හරහා දියත් කළා. මෙහි අරමුණ වුවෙත් පාසල් සිසුන්ගේ පරිගණක විද්‍යාව කෙරෙහි ඇති ආකල්ප වැඩි දියුණු කිරීමයි.

පාසල් සිසුන් මෙම කෙටි පරිගණක කේත කරන tutorial සම්පූර්ණ කිරීමට මහත් ඇල්මක් දක්වා තිබෙනවා. Hour of Code වැඩසටහන Blockly, visual programming language එකක් හරහා සිදු වෙනවා. ඇමරිකානු ජනාධිපති Barack Obama සහ Apple, Microsoft වැනි ආයතන ප්‍රධානීන්ගෙන් මේ සඳහා විශාල දායකත්වයක් ලැබෙනවා. මිලියන 20 කට අධික පිරිසකගේ දායකත්වයෙන් කේත මිලියන 600කට අධික ප්‍රමාණයක් ලියවී තිබෙනවා. 2014 වසරේ ඔක්තෝම්බර් මාසය වන විට සිසුන් මිලියන 40 කට අධික ප්‍රමාණයක් Hour of Code වැඩසටහනට සම්බන්ධ වෙලා තිබෙනවා.
දෙවැනි Hour of Code වැඩසටහන 2014 වසරේ දෙසැම්බරයේ පවත්වා තිබෙනවා. Apple retail stores තුලත් මේ වැඩසටහන පවත්වා තිබෙනවා.

der

මේ වැඩසටහන ඇමරිකාව කේන්ද්‍ර කරගෙන ආරම්භ වුවත් මේ වනවිට ලොව පුරා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ වසරේත් දෙසැම්බර් Dec. 7-13 වෙනිදා දක්වා සතිය තුල මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාවේත් මෙයට සමගාමීව වැඩසටහන් රැසක් සිදුවීමට නියමිතයි. ඒ සියලුම වැඩසටහන් විස්තරයන් ඔබට ගෙන එන්නට Windowsgeek.lk කණ්ඩායම සුදානමින්. Code.org වෙබ් අඩවිය සිංහල භාෂාවට හැරවීමේ කටයුතු මේ දිනවල සිදු වෙනවා. ඔබටත් මේ link එක ඔස්සේ ඒ සඳහා සහයෝගය දෙන්නට පුළුවන්.

ඒ වාගේම ඔබගේ සහයෝගයත් මේ වැඩසටහන සඳහා ලබා දෙන්නට මේ link එකට ගිහිල්ලා Facebook Profile Picture එක මාරු කරගන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY