Facebook තුළ අලසව විනාශකළ කාලය කොපමණද

Facebook තුළ අලසව විනාශකළ කාලය කොපමණද

3231
1
SHARE

 මුහුණු පොත යනු ඔබට මට ආගන්තුක තැනක් නොවේ. ජීවිතයේ සතුට, කඳුළ, සිනහව මිනිස් සිතුම් පැතුම් මේතරම් පහසුවෙන් විඳගැනීමට පහසුකම් සලසා දෙන ස්ථානයක් ඇත්නම් එය මුහුණු පොත යැයි ඔබ  අවිවාදයෙන් පිළිගනු ඇත. ලාංකීය අපට අරමුණක් නොමැතිව කාලය විනාශ කරගැනීමට මුහුණු පොත දක්වන සහයෝගය සේම ලෝකයේ මුහුණු පොත හා සම්බන්ධව ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහන් කරනු ලබන ආයතන මින් ලබන මෙහෙය අති මහත්ය. මුහුණු පොතේ වර්ධනයත් එහි ජනප්‍රියතාවය නිසාම මුහුණු පොත තුළ කරනු ලබන ක්‍රියාකාරීකම් ගබඩා වී ඇති දත්තයන් නුතන ව්‍යාපාරික අංශයේ තීරණ හා තීන්දු ගැනීමට යොදා ගනු ලබයි.
එස්සෙල් හී Power Query පහසුකම මෑත කාලීන හදුන්වාදීමක් වන අතරම මෙමගින් බොහෝ දත්ත ගොනු වලට සම්බන්ධවී එහි ඇති දත්ත එක්සෙල් වෙත ගෙන ඒමේන් අනතුරුව එම දත්ත වලින් ව්‍යාපාරීක තීරණ ගැනීමේ හැකියාව ලබාදෙනු ලබයි.  Power Query හි යාවත්කාලීනයක් මේ වන විට නිකුත් වී ඇති අතර එමගින් FaceBook වෙත සම්බන්ධ වී එහි දී අප කළ ක්‍රියාකාරකම් සියල්ල Table ආකාරයෙන් ලබාගත හැකි අතර මෙම දත්ත අපගේ අවශ්‍යතා උදෙසා භාවිත කළ හැකිය. ඔබ විසින් Power Query පහසුකම එස්සෙල් වෙත ලබාගෙන නොමැතිනම්  එය ස්ථාපිත කරගන්න.
ඔබ විසින් අලුතින් එක්සෙල් වෙත ලැබී ඇති Power Query ටැබය ක්ලික් කිරීමෙන් පසුව පහත රූපයේ දැක්වෙන පරිදි From Other Sources යටතේ From Facebook යන විධානය හමුවෙනු ඇත.
Untitled1
පසුව ඔබ විසින්  ඔබගේ FaceBook ගිනුම පහත රූපයේ දැක්වෙන පරිදි හදුන්වා දිය හැකිය.
Untitled
ඉන් පසුව ඔබ වෙත පහත රූපයේ දැක්වෙන ඔබ ගේ ක්‍රියාකාරකම් වලින් කුමක් එක්සෙල් වෙත ලබාගත යුතුද යන්න ඔබ විසින් හදුන්වා දිය යුතුය. උදාහරණයක් ලෙස ඔබ විසින් FaceBook හී Like කළ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් මින් Like යන්න තෝරා Ok යන්න තෝරාගත හැකිය.
Untitled2
 පහත රූපයෙන් දැක්වෙන්නේ මා විසින් Like කළ තොරතුරුය. මෙලෙසින් ලබාගන්නා දත්ත ප්‍රස්ථාර සැකසීම මගින් විවිධ ආකාරයේ ව්‍යාපාරික තීරණ ගැනීමට යොදාගත හැකිය. එසේම ලාංකීය අපට අපගේ කාලය කොපමන අනවශ්‍ය හා අරමුනක් රහිතව ගත කලේද යන්න හදුනාගැනීමටත් යොදාගත හැකිය.
las

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY