Imagine Cup 2017 තරඟාවලිය සඳහා ඉදිරිපත් වෙන්නේ මෙහෙමයි.

Imagine Cup 2017 තරඟාවලිය සඳහා ඉදිරිපත් වෙන්නේ මෙහෙමයි.

3083
2
SHARE

Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන තරඟාවලියක්. 2017 වසරේ Imagine Cup තරඟාවලිය සඳහා අයදුම්පත් බාරගැනීම දැන් ශ්‍රී ලංකාවේ ආරම්භ වෙලයි තියෙන්නේ. ඔයාත් අලුත් අදහස් තියෙන කෙනෙක් නම් මේ සඳහා ඉදිරිපත් වෙන්න ඔයාටත් පුළුවන්. Imagine Cup 2017 තරඟාවලිය පිළිබඳව සහ මේ වසරේ දකින්න ලැබෙන වෙනස්කම් පිළිබඳව අපි කලින් ලිපියෙන් ඔබව දැනුවත් කළා. අද අපි කියන්න යන්නේ කොහොමද Imagine Cup 2017 සඳහා ලියාපදිංචි වෙලා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන්නේ කියලයි.

පහත දැක්වෙන පියවර අනුගමනය කරලා ඔයාලට පහසුවෙන්ම මේ සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්.

1. මුළින්ම www.imaginecup.com වෙබ් අඩවියට පිවිසෙන්න.

2. Sign in මත click කරන්න.


3. ඔයාට Microsoft account එකක් තියෙනවා නම් මෙතනින් Sign in වෙන්න පුළුවන්. Account එකක් නැත්නම් Create one! click කරලා අලුත් account එකක් ඔයාට හදාගන්න වෙනවා.


4. ඔයාලා සාර්ථකව Microsoft account එකට log වුනාට පස්සේ පහත interface එක දකින්න ලැබෙයි. එහි Account මත click කරන්න.


5. Your contests යටතේ තියෙන 2017 Sri Lanka National Finals වෙත පිවිසෙන්න. දැනට මේකේ අවසාන දිනය ලෙස පෙබරවාරි 28 පෙන්නුම් කරාට ඒ දිනය වෙනස්වන බව තමා Microsoft Sri Lanka සමාඟම පැවසුවේ. ඒ අනුව අවසන් දිනය විදියට මාර්තු 10 තීරනයකර ඇත.


6. Imagine Cup සඳහා ඉදිරිපත් වෙන්න ඕනේ කණ්ඩායම් වශයෙන්. Team එකක් හදාගන්න Create Team click කරන්න.


7. Team එකට නමක් සහ Team එක පිළිබඳව අදාළ විස්තර සම්පුර්ණ කරලා Save කරන්න.


8. දැන් ඔයා සකස් කරපු Team එකට members ලා add කරන්න ඕනේ. ඒ සඳහා නැවත Account වෙත ගිහින් Your teams යටතේ ඔයා සකස් කරපු team එක select කරලා Manage click කරන්න.


9. අනිත් Team members ලාගේ email addresses ඇතුළත් කරලා Send Invite click කරන්න.

දැන් ඔයාලා කණ්ඩායමක් විදිහට Imagine Cup 2017 සඳහා ලියාපදිංචි වෙලා ඉවරයි. දැන් තියෙන්නේ ඔයාලගේ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කරන එකයි.

ඒ සඳහා නැවත Account click කරලා 2017 Sri Lanka National Finals හි Submit click කරන්න. ඊට පස්සේ ඔයාලා නිර්මාණය කරගත්ත Team එක select කරලා ඔයාලගේ ව්‍යාපෘතියේ Title එක වගේම ව්‍යාපෘතිය පිළිබඳව පොඩි විස්තරයක් ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාලගේ Project Proposal එක Word document එකක් විදිහට හරි PDF document එකක් විදිහට හරි upload කරන්න. ඊලගට ඔයාලා නිර්මාණය කරපු software එක, software manual එක වගේම project එකේ විස්තර ඇතුලත් video එකක් upload කරන්නත් අවශ්‍ය වෙනවා. ඒ ටික සම්පුර්ණ කළාට පසුව ඔයාලට Submit කරන්න පුළුවන්.

මේ පිළිබඳව ඔයාලා දැනගන්න ඕනේ තවත් කරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි එක් කණ්ඩායමකින් ඉදිරිපත් කරන්න පුළුවන් එක ව්‍යාපෘති යෝජනාවක් පමණයි. ඒ වගේම ඔයාලගේ අයදුම්පත් මාර්තු 10 වෙනි දිනට කලින් යොමු කරන්නත් අමතක කරන්න එපා.

Imagine Cup 2017 හි තරඟ කොන්දේසි මෙහිදී බලාගන්න පුළුවන්.

Comments

comments

2 COMMENTS

  1. hi mata kiyanna puluwanda ? imagine cup ekata api monawage dewal haadanna puluwande kiyala ? lssella lankawen giya kattiya menna meawa heduwa kiyala, hoda post ekak daannako please

Leave a Reply to dhanushka sampath Cancel reply