Windows 10 වලදී WiFi Hotspot එකක් හදන්නේ මෙහෙමයි

Windows 10 වලදී WiFi Hotspot එකක් හදන්නේ මෙහෙමයි

1195
1
SHARE

ඔබ පාවිච්චි කරන Internet සම්බන්ධතාවය කුමක් වුවත් එම සබදතාවය ඔබේ SmartPhone, Tabletහෝ Laptop වැනි ඔනෑම උපාංගයක් සදහා ද Share කිරීම සදහා WiFi Hotspot එකක් යොදාගන්නා ආකාරය ගෙනෙන්නයි මේ ලිපිය. Windows 10 හි දී මේ කාර්යය කරගැනීම සදහා Portable WiFi Hotspot එකක් Create කරන ආකාරය අපි බලමු. Windows 10 වලින් ඔබට මේ සදහා Graphical User Interface (GUI) එකක් ලබා නොදුන්නද ඉතා සුළු පියවරයන් කිහිපයකින් WiFi hotspot එකක් ලබාගත හැකියි.

මේ සදහා මුලින්ම ඔබේ Windows 10 පරිඝනකයේ Start Button එක මත Right Click කර ලැබෙන Menu එකෙන් Command prompt(Admin) යන්න තෝරන්න.

wifi02

එවිට ඔබට Command prompt(Admin) Shell එක Open වනු ඇති. එහි පහත Command එක type කර enter කරන්න.

මෙම command එකෙහි SSID යන්නට ඔබට අවශ්‍ය නමක් ලබාදිය හැකි අතර key යන්නට ඔබට කැමති password එකක් ලබාදිය හැකියි.

wifi03

දැන් Hotspot එක create වී ඇති බව පෙන්වාවි. නමුත් මෙම Hotspot එක ආරම්භයේදී Disable තත්වයේ පවතී. ඔබ එය Enable කලයුතුයි. ඒ සදහා පහත command එක type කර enter කරන්න.

wifi06

ඔබ Hotspot එක Create කල පසුව control panel එක open කර එහි Network and Internet යන්න තෝරාගන්න. එහි ඇති Change Adapter Settings(Network Connections) යන්නෙන් ඔබට මෙම අලුත් WiFi Hotspot එක Create වී තිබෙනු දැකගත හැකියි.

wifi04

දැන් ඔබට Hotspot එක සදහා Internet සබදතාවය ලබා දිය හැකියි. ඒ සදහා මුලින්ම මෙම Window එකෙහිම ඔබේ පරිඝණකයේ Internet සබදතාවය තිබෙන Connection එක මත Right Click කරන්න. එවිට ලැබෙන Menu එකෙන් Properties යන්න තෝරන්න.

wifi05

පසුව ලැබෙන Dialog box එකෙන් Share tab එක තෝරන්න. එහි “Allow other network users to connect through this computer’s internet connection” යන්න check කරන්න. එතැනම පහලින් ඇති Drop down list එකෙන් ඔබේ hotspot එක තෝරා OK කරන්න.

wifi07

දැන් WiFi Hotspot එකක් create වී අවසානයි. ඔබට එය Control panel හි Network and Internet යන්න තොරා එහි Network and Sharing center මගින් ඔබේ Hotspot ක දැකගත හැකියි.(taskbar එක මත ඇති network Icon එක මත right Click කර ද මේ සදහා පිවිසිය හැකියි.)

wifi09

අවසානයේ ඔබට මෙම Hotspot එක Stop කරන්නට අවශ්‍යය වූ විට පහත Command එක type කර පහසුවෙන් Hotspot එක Stop කරගත හැකියි.

මේ පිලිබද ඔබේ අදහස් හෝ ගැටළු අපේ WindowsGeek Help Desk හෝ පහතින් Comment කරන්න. තවද මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම අපහසු නම් Virtual Hotspot, Connectify හෝ mHotspot වැනි third party software එකක් භාවිතා කර ඔබට මෙම පහසුකම ලබාගත හැකියි.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY