Windows.old folder එක ඔයාටත් ප්‍රශ්නයක්ද?

Windows.old folder එක ඔයාටත් ප්‍රශ්නයක්ද?

3585
5
SHARE

අපි windows පරණ සංස්කරණයක ඉඳලා අලුත් සංස්කරණයකට upgrade කරාට පස්සේ, අපේ c:\ drive එකේ windows.old කියලා folder එකක් create වෙනවා. මේ folder එක ඇතුළුව පරණ සංස්කරණයට අයත් තවත් hidden files ගොඩක් මේ විදියට c:\ එකේ තැන්පත් වෙලා තියෙනවා. සමහර වෙලාවට මේ files වල මුළු size එක 5-6 GB තරම් විය හැකියි. මෙන්න මේ වගේ ප්‍රශ්න නිසා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නය තමයි මේ folder එක ඇතුළුව තැන තැන විසිරිලා තියෙන අනෙකුත් පරණ සංස්කරණයේ files සහ folders හරි විදියට delete කරගන්නේ කොහොමද කියන එක.win_old_00

අපි හැමෝම දන්න විදියට අලුතෙන් windows සංස්කරණයකට මාරු වුනාට පස්සේ, අවශ්‍ය නම් ආයෙමත් පරණ windows සංස්කරණයට මාරු වීමේ හැකියාවක් තියෙනවා. සරලව කිව්වොත් rollback කරීමට පුළුවන්කම තියෙනවා. මේ rollback කිරීමට පහසු වීම සඳහා තමයි මේ විදියට windows.old කියල folder එකක් windows විසින් create කරගනු ලබන්නේ.

(උදාහරණයක් : ඔබ windows 8.1 සිට windows 10 වලට upgrade කර ඇත. නමුත් windows 10 වට වඩා ඔබට windows 8.1 පහසුයි කියා සිතෙයි නම් යලි ආපසු windows 8.1 වලට rollback කරගත හැකිය. මෙහිදී ඔබ windows 8.1 වල පාවිච්චි කල ඔබගේ user account එකද යලි ලබා ගත හැක.  )

නමුත් ඔබට කිසිසේත්ම පරණ සංස්කරණයට rollback කිරීමට අවශ්‍ය නැතිනම්, තවත් මෙම windows.old folder එක hard එකේ space එක වැය කරමින් තබා ගැනීමෙන් ප්‍රයෝජනයක් නැත.

 

දැන් අපි බලමු windows.old folder එක අපේ hard එකෙන් ඉවත් කරගන්නේ කොහොමද කියලා.

  1. windows + R key දෙක press කරලා “cleanmgr” කියල type කරන්න.win_old_1
  2. “clean up system files” button එක click කරන්නwin_old_2
  3. දැන් “Previous windows Installations” කියන එක tick කරලා OK කරන්න.win_old_3
  4. delete button එක click කරන්නwin_old_4

ප්‍රශ්නය අවසන්.

දැන් ඔබ c:\ drive එකට ගිහින් එකේ properties වල used space එක බැලුවොත් අනිවාර්යෙන්ම ඉස්සෙල්ලා තිබ්බට වඩා 4-5 GB අඩුවෙලා තියෙනවා ඔයාට බලාගන්න පුළුවන්.

මේ ගැන ඔබට ප්‍රශ්න ඇත්නම් comment එකක් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න. නැතිනම් WindowsGeek help desk එකට ගොස් ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න.

Comments

comments

5 COMMENTS

LEAVE A REPLY